fgf7

අභයගිරිය සුරැකේ

වසර 25 ක සංරක්ෂතා කටයුතු වලින් අනතුරුව මේ වන විට අඪයගිරි ස්තූපයේ ගර්භය,පේෂා වලලු, හතරැස් කොටුව ඇතුළු සම්පුර්ණ කොටස්ද මළුව හා ප්‍රාකාරය ඇතුළු මුළු සංකීර්ණයම සංරක්ෂණ කටයුතු ආවසන් කැර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය 1997 දී මෙහි පුරා විද්‍යා සංරක්ෂණ කටයුතු සදහා ප්‍රමුඛත්වය ලබා දී එහි අත්දැකීම් පාදක කර ගැනීමත් යුද සමයේ සංචාරකයින්ගේ පැමිණ අඩු වී අරමුදලේ ටිකට් ආදායම පහළ බැසීමත් හේතුවෙන් හෙමින් සිදු වු මෙහි සංරක්ෂණ කටයුතු නිරන්තර හා දේශිය විද්වතුන්ගේ මඟ පෙන්වීම යටතේ සිදු විය.
සුදු හුණූ පිරියම් නොකර ,සාංචි ස්තූපය බොරෝ බුදුර් හා බාරුක් ආදී ලෝක උරුමයන් සේ පෞරාණික ගඩොල් පෙනුමින් මෙහි නිමාව සිදු කැර ඇත්තේ ගඩොල් පැහැයට සිමෙන්ති මෙන්ම දැඩි ශක්තිමත් බදාමයකිනි. මෙහි යම් ලෙසකින් හුණු පිරියම් කළහොත් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වන බැවින් පවතින ගඩොල මත විශේෂ ආලේපයක් ගල්වා අඛණ්ඩව නඩත් කිරීමට පුරා විද්වත්හු අපේක්ෂා කරති.
කිස්තු පුර්ව1 වැනි සියවසෙහි වළගම්බා රජු විසින් නිර්මිත අභයගිරිය නව නොබෝ දිනකින් රාජ්‍ය නායකයින් අතින් විවෘත විමට නියමිතය. මේ වන විට එහි ප්‍රාකාර බැම් වල වැඩ අවසන් කරමින් අවට අනවසර වෙළෙදසැල් ඉවත් කර ප්‍රවේශ මාර්ග නවීකරණය කරමින් පවති.

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...