27-page12-S2-5(1)

අවුරුදු හතේ සිට පිළිම නෙළන හාමුදුරුවෝ

27-page12-S2-7(1)

කරුණා වැගිරෙන සිතුවිලි දහරා හිත් පිත් නැති කළු ගලකට කැටි කොට ගොනු කොට නෙළු බුදු පිළිම ළඟ දෑසින් කඳුළක් කඩා වැටෙනු වළකන්නට අසීරුය. මැරෙන ඉපදෙන මේ සංසාරයේ දුක කියන්නට කාත් කවුරුත් නැති විසල් ලෝකයක බුදු සමිදානණේ සිිටින්නේ ඔබ පමණකියි සිතුවිල්ල ළඟ ඒ කදුළු වළක්වන්නට නොහැකි තරම්ය.

කහ සිවුර දෙවුර දරමින් පන්සලේ පොඩි සාදු ලෙස විවරණ ලබන්නට පෙර දවසක පුංචි කොලූ ගැටයකු ලෙස ගමේ ගහකොළ අතර කරක් ගැසූ සන්දියේ පටන් පුංචි සිත දිව ගියේ වන බැද්දේ පලූ, වීර, මාදං, ගස් අතරට නොවේ. කට්ටි ගැසී දිවයන ඇවිදින පුංචි කොලූ රංචුව අතර දුවපැන ඇවිදින්නටද නොවේ.

සසර මෙතෙකින් නිම නොවේ. ආ දුර කොතෙක්ද කියන්නට නොදන්න තරම් සංසාරය දිගු ගමනකි. මරණයේ තොටුපොළ ළඟ නැංගුරම්ලන ජීවිතේ යාත‍්‍රාව තවත් භවයක් සොයා යයි. පින් පව් සමඟ සසර පුරුද්දට භවයෙන් භවය රැුගෙන යන පුරුදු වෙත්නම් ඒ පුංචි කොලූ ගැටයා සසර පුරුද්දට රැුගෙන ආවේ පිළිම නෙළීමේ පුරුද්දය.

නාන ළිඳ ළඟ මැට්ට දෙඅත්ලට ගෙන ඒ කිරිමැට්ටෙන් පිළිම නිර්මාණය කිරීම එදා දවස ඒ පුංචි දරුවාගේ ලොකුම සතුට විය. සොහොයුරියන් කෝම්පිට්ටු හදමින් සෙල්ලම් ගෙවල් හදද්දී ඔහු හුඹස් මැටියෙන් බුදු පිළිම සැදුවේය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු හයකට – හතකට වැඩි නැත. බුදු පිළිම නෙළනු වස් බුදුපිළිම දෙස බලා සිටින්නට ඒ පුංචි දරුවාට අවැසි වූයේද නැත.

”පුංචි කාලේ මම බුදුපිළිම විතරක් නොවෙයි හුඹස් මැටියෙන් පුංචි සත්තුත් හැදුවා. මම බුදුපිළිම නෙළන්න හුඹස් මැටි ගෙනයන්න කැලේ යන නිසා ඒ කාලේ තාත්තා වත්ත වටේ තිබුණු හුඹස් කඩලා පුච්චලා දැම්මා. ඒ කාලයේ අපේ ගමේ අය මා හදන බුදු පිළිම දැකල ඒවා මගෙන් ඉල්ලගෙන යනවා. මම අවට විහාරවලටත් පිළිම අඹලා ගිහින් දුන්නා”

පිළිම නෙළන්නට පෙම් බැඳි සිත එලෙසින්ම කහ සිවුරටද ලොබ බැන්ඳේය.

ඒ 1977 නොවැම්බර් මස 17 වැනිදාය. පිටිපන ධම්මාලෝක හිමිගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස උන්වහන්සේ පිටිපන විශුද්ධාරාම විහාරායේ මහණදම් පුරන පාරමිතාවේ ආරම්භය සටහන් කළේය.

මේ වෙද්දී ඔස්ටේ‍්‍රලියාවේ වැඩ වෙසෙන හෝමාගම මාවත්ගම විශුද්ධාරාම විහාරාධිපති ශාස්ත‍්‍රවේදී ශ්‍රී සද්ධර්ම වාගීස්වර කලාශූරී කොබවක විමලධම්ම හිමියන්ගේ අතීත ජීවිතයෙන් බිඳක් පමණි ඒ. බුද්ධ ප‍්‍රතිමා නෙළීමට පමණක් නොව දේවරූප මුරගල්, සඳකඩ පහණ, විහාර බිම් අලංකරණය කරන දිය ඇලි පොකුණු පැරැුණි වෙහෙර විහාරවල කැඞී බිඳී දුර්වරණ වී ගිය බුද්ධ ප‍්‍රතිමා ප‍්‍රතිසංස්කරණය, චෛත්‍ය නිර්මාණය මේ සියල්ල විෂයෙහි උන්වහන්සේ දක්වන්නේ අනුපමේය කුසලතාවකි.

මම මහණ වුණේ අවුරුදු 11දී විතර. මහණ වුණාට පස්සේ පුංචි හාමුදුරුවෝ වෙච්ච මට කැලේ දුවලා පැනල හුඹස් මැටි සොයා ගන්න ඉඩක් නැති වුණා. පුංචිකමට මම මොකද දන්නවද කළේ පන්සලේ දැහැත් වලට දායකයෝ අරගෙන එන හුණු එකතු කරලා ඒ හුණු වලින් බුදුපිළිමයක් නෙළුවා. එය පුංචි බුදු පිළිමයක්. මට මතකයි ඒ බුදුපිළිමය නායක හාමුදුරුවෝ හුගාක් අගය කලා. එදා මගේ හිතට පුදුම සතුටක් දැනුණා. උන්වහන්සේ මගේ හැකියාවට ඉඩහැරියා.
පිරිවෙන් ශාස්ත‍්‍රයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළු වූ කොබවක විමලධම්ම හිමියන්ට තමා ලද උපාධියෙන් ඉනික්බිති ගුරු පත්වීමක් ලැබුණේය. එහෙත් සියල්ල අතරේ හිත රැදුණු එක් තැනක් විය. ඒ පිළිම නෙළීමේ කලාව අද්දරය.

උන්වහන්සේ පළමුකොටම අකුරු ශාස්ත‍්‍රය දරුවන් වෙත උගන්වාලූයේ කළුතර දිස්ත‍්‍රික්කයේ ඉත්තෑපාන මහ විදුහල් බිමේදීය. ඒ ගුරුදිවිය පාසල් කිහිපයකම නවාතැන් ලද්දේය.

ඒ 2002 වසරයි. විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවෝ මට දුන් අනුශාසනා හා උපදෙස් අනුව මම පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ බුදු මැදුරේ දොලොස් රියන් බුදුපිළියමක් නෙළුවා. ඔය කාලයේදී තමා මා මූර්ති කලාව ගැන පතපොත හැදෑරුවේත්. මානව ?ප ගැන ගවේෂණ කළා. දක්ෂ මූර්ති ශිල්පින්ගේ උපදෙස් හා ශිල්ප මූලධර්ම ලබා ගත්තා. මම පුංචි බුදුපිළිම නෙළලා ඒ පිළිම වහන්සේලා කන්තලේ වගේ දුෂ්කර ප‍්‍රදේශවල හිටිය මිනිසුන්ට දුන්නේ වන්දනාමාන කරන්න.

මේ මහා මනුසත් කුලේ උපන් සිය දහස් මිනිසුන් දෑත් නළලට එක්කර වඳින නමස්කාරයන්ගේ ඒ පිළිම වහන්සේලා පිදුම් ලැබූහ.

විසල් පරිමාණයේ සමාධි බුදුරූප ප‍්‍රතිමා දහයකට ආසන්න සංඛ්‍යාවක් උන්වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබ තිබේ. ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරයේ හිටිපිළියමක් නිර්මාණය කරන්නටත් අඩි 50ක් උස චෛත්‍ය වන්සේ නමක් නිර්මාණය කරන්නටත් උන්වහන්සේ භාග්‍ය ලද්දේය. එම විහාර බිමේ තැනුණු සඳකඩ පහණ මුරගල්. වාලූකාබැම්ම විහාරස්ථාන භූමි අලංකරණය මේ සියලූ නිර්මාණ උදෙසා වැයවුණේ උන් වහන්සේගේ නිර්මාණ කෞශල්‍යයේ මහිමයයි. ලාංකික සම්ප‍්‍රදාය ඒ සියල්ල මත මැනවින් කැටිවී ඇත. දෙස් විදෙස් බොහෝ බෞද්ධයන්ගේ නොමද ප‍්‍රසාදයටත් ගෞරවයටත් ඒ සියල්ල බඳුන් වී තිබේ.

මාවත්ගම විශුද්ධාරාම විහාරයේ දහඅට රියන් බුදුපිළිමයක් මම නිර්මාණය කළා. අවුරුදු දෙකක කාලයක් ඊට වැය වුණා. අපේ දායක මහත්මයෙකුත් ගමේ අයත් මීට අනුග‍්‍රහය ලබා දුන්නා. ලංකාවේ කොහේවත් මෙවැනි පිළිමයක් දකින්න ලැබෙන්නේ නැහැ.

මම පිළිම නෙළන්නට පෙර බාරහාර වෙන්නෙ නෑ. දේව පූජා, බහිරව පුජා තියන්නෙ නෑ. බුදුදහම ගැන මට තියෙන අසීමිත විශ්වාසයම මට ශක්තියක් වෙනවා. මාව රකිනවා.බුදුරුවකට පණ පොවමින් පලංචියට නැගලා, සිමෙන්ති බදාම අනලා, ඒ වැඩ කරද්දී සමහර විට මට හිතිලා තියෙනවා මම පලංචියෙන් වැටුණොත් කියලා. ඒත් එහෙම හිතුවාට කවදාවත් එහෙම වුණේ නෑ. මට හිතෙන්නේ ඒ තමා ධර්මයේ ආශිර්වාදය
සමහර විට උපාසක අම්මා කෙනෙක්ගේ ඇස් දෙකට මේ පිළිම දකිද්දී කදුළු එනවා. ඒ භක්ත්‍යාදාරය මට සතුටක්. බුදුපිළිමයක දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගොඩනගද්දී ලඹ අල්ලා නූල් අල්ලලා මැනල කිරලා මම ඒ ලකුණ මතු කරන්නෙ නෑ. මට හිතෙන්නෙ සංසාර පුරුද්දක් මා තුළ තියෙනවා කියලා. මම කවදාවත් මේ බුද්ධ ප‍්‍රතිමා සල්ලිවලට විකුණුවේ නෑ. මේ මගේ සතුට මිසක් සල්ලි නොවෙයි. ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක දිගාමඩුල්ලේ විමලානන්ද හිමි සෙවණේ මෙල්බන් නුවර බෙරික් විහාරයේ වැඩ වෙසෙමින් උන්වහන්සේ දැනුදු වෙහෙසෙන්නේ ප‍්‍රතිමා නිර්මාණය විෂයෙහිමය. ඒ උන්වහන්සේ සිත්මඬල මත පරම ආනන්දයත් සුවයත් එයම වන බැවිණි.

source:Lankadeepa

Check Also

Maha-season-paddy

සෞභාග්‍ය ගමට ගෙනෙන – වී වගාවේ මහ කන්නය – රාව සිසාරා

ඉදිරියේදී පැමිණෙනුයේ වී වගාවේ මහ කන්නයයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති පරිදි එළැඹෙන මහ ...

59

ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට ...