RE

ඇන්ජලිනා ජොලීගේ අලුත්ම චිත්‍රපටය​

පිළිකා රෝගය වැලඳීමේ අවදානමකට මුහුණ දී සිටි සුපිරි නිළි ඇන්ජලිනා ජොලීට පසුගිදා සැත්කමක් කළ බව රහසක් නොවෙයි. දැන් ඇය සුවය ලබා සිටිනවා. නැවතත් ඇය සිනමා ලෝකයට එක්ව සිටින්නේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නයි.

‘අන්බ්‍රෝකන්’ යනුවෙන් නම්කර ඇති මේ චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ ඔලිම්පික් ශූරයෙකු සහ යුද වීරයෙකු වූ වස සැම්පරිනිගේ ජීවනචරිතය කේන්ද්‍ර කරගෙනයි. ”මේ ඔලිම්පික් ශූරයා එක්ක කතාබහ කරන්න මටත් වාසනාව ලැබුණා. ඔහු මගේ වීරයෙක්.

ඔහුගේ සත්‍ය කතාව චිත්‍රපටයකට නඟන්න මට අවස්ථාව ලැබුණු බව රසික රසිකාවියන්ට, මගේ හිතවත් අයට ප්‍රකාශ කරන්නේ ඉතාම සතුටෙන්. මේ චිත්‍රපටය මගේ උපරිම ශක්තිය යොදවලා, ඒ වෙනුවෙන් කැප වෙලා නිර්මාණය කරන්න මම මහන්සි ගන්නවා.

චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන යුනිවර්සල් සමාගම මේ වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීම ගැන මම ඒ සමාගමට ස්තුතිවන්ත වෙනවා”යි ඇන්ජලිනා ප්‍රකාශ කළා. මේ චිත්‍රපටයේ තිරනාටකය ලියැවෙන්නේ ලුවී සැම්පරිනිගේ ජීවන චරිතය අළලා ලෝරා හයිලෙන්බ්‍රෑන්ඩ් විසින් ලියන ලද ‘අන්බ්‍රෝකන්: අ වර්ල්ඩ් වෝ ටූ ස්ටෝරි ඔෆ් සර්වයිවල්” නම් වූ කෘතිය පාදක කරගෙනයි.

’අන්බ්‍රෝකන්’, ඇන්ජලිනාගේ දෙවැනි චිත්‍රපටයයි. ‘ඉන් ද ලෑන්ඩ් ඔෆ් බිලඩ් ඇන්ඩ් හනි’ ඇය මුල්වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...