12

ජස්ටින් දැන් හොඳ ළමයෙක් – සෙලීනා ගෝමස්

ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් ගේ ප්‍රේමය, විටෙක සතුටින් ගතවන තවත් විටෙක ශෝකයෙන් වෙන් වෙන කතාවක් බවට පත්වෙලා. මීට සති දෙක තුනකට පෙර සෙලීනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මින් මතුවට තමන් ජස්ටින් බීබර් සමඟ කිසිදු හිතවත්කමක් නොපවත්වන බවයි. තම පෙම්වතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළ සෙලීනා, ඔහුගේ ක්‍රියා කලාපයන් තමන්ට නොගැළපෙන බවත් ප්‍රකාශ කළා. ඒත් පසුගිය දාක ඔවුන් දෙදෙනා අවන්හලකදී ඉතාම සුහදව කතා බහ කරමින් සිටින අයුරු සමහරුන්ට දැක ගන්නට හැකි වුණා. එහි ආසන්නයෙහි රැඳී සිටි කිසිවකු මේ දෙදෙනාගේ ඡායාරූපයක් ගෙන එය මාධ්‍ය වෙතටද නිකුත් කර තිබුණා.

මේ ගැන අදහස් දැක්වූ සෙලිනාගේ හිතවතුන් සහ හිතවතියන් ප්‍රකාශ කළේ ජස්ටින් ‘හොඳ ළමයකු’ වන අයුරු සෙලීනා පරීක්ෂාවෙන් බලා සිටිය බවයි. ඔහු මීට කලින් ගත කළ අසංවර ජීවිතයෙන් සමුගෙන සිටින ලෙස සෙලීනා ඔහු‍ වෙත ආදරය දක්වන්නට නැවතත් පෙලඹී ඇතැයි ඔවුන් කියා සිටියා.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...