gfhgfh78

දරුවන් වැරැුදි කරන්නේ වැඩිහිටියන් ගේ නොසැලකිල්ල නිසයි.

බෞද්ධ සමාජයක හැදී වැඩෙන දරුවාට ගුණ දහම් මෙන්ම මනා ශික්‍ෂණයක් ද ලැබේ. පංච ශීලය නිත්‍ය ශීලය කර ගනිමින් ජීවිතය ගොඩනÛා ගන්නා දරුවා තරුණ හා වැඩිහිටි වියේ ද අයහපතට නොපෙළඹෙන්නේය. මේ නිසා දරුවකුට හැදෙන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීම මවුපියන් ඇතුළු සියලූ වැඩිහිටියන් ගේ වගකීම බව පසක් කර ගත යුතුය.

’පතිරූප දේශ වාසෝච’ ආදී වශයෙන් මහා මංගල සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හොඳ පරිසරයක ජීවත්වීම මංගල කරුණක් වන බව ය. එනම් එය පුද්ගලයා ගේ යහපතටම හේතුවන බවය. මවුපියන් අසමÛිව නිතර නිතර අඬ දබර කරගන්නා පවුලක දරුවන් ඉගෙනීමෙහි දුර්වල වන බව, අන්‍යයන්ට ආදරය ගෞරවය නොකරන දඩබ්බර තරුණයන් වන බවට ඔබ අවට සමාජයේ ම උදාහරණ සුලබය. ජීවත්වන පරිසරය අනුව මිනිසුන් පමණක් නොව සතා සිවුපාවුන් ගේ ද චර්යාවන් වෙනස්වන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය.

හොඳ කවරේදැයි, නරක කවරේදැයි තෝරා බේරා ගන්නට නොදන්නා දරුවා ජීවිතයට අත්දැකීම් එක්කරගන්නේ තමන් ජීවත්වන පරිසරයෙනි. ඔහුගේ චර්යාවන් හසුරුවා ගන්නේ අන්‍යයන් අනුකරණය කිරීමෙනි. ඔහු ගේ අනාගතය යහපත් වන්නේ හෝ අයහපත් වන්නේ ඒ අත්දැකීම්වල ස්වභාවය අනුවය.

වරද ඇත්තේ හොඳ නරක තේරුම් ගත හැකි මනසක් නැති දරුවාට දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් විසින් ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර නොදෙන්නේ නම් ය. එවන් වාතාවරණයකදී තරුණ දරුවන් ගේ දඩබ්බරකම් දැක දොස්කීමෙන් ඵලක් නොවන්නේ දරුවන් ඒ බොහෝ දේ ජීවිතයට එක් කරගෙන ඇත්තේ තමන් ජීවත් වූ පරිසරයෙන් ලද අත්දැකීම්වලින් ම වන නිසා ය. බෞද්ධ සමාජයක දරුවකු ගේ ජීවිතය සදාචාර සම්පන්න කිරීමට ගිහි පැවිදි දෙපාර්ශවයෙන් ම ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් රාශියක් වේ. විශේෂයෙන් දහම් පාසල දරුවාගේ නැණ ගුණ දම් පෝෂණය කරන ධර්ම නිකේතනයකි. එහි නොයවා ඉරිදා දිනයත් අමතර පන්තියකට වෙන් කරනවා නම් දරුවා ගුණධර්මයන්ගෙන් පෝෂණය වන්නේ නැත.

අතීතයේ ඉගෙනීම සඳහා අප පාසලේ ගත කළ කාලය දිනකට පැය හය හතක් පමණය. එදා පාසල නිම වී ගෙදරට එන දරුවා සවස් කාලය ගත කළේ ගෙදර දොර වැඩ කරන්නටය. කෙළි සෙල්ලමට ය. අද අපේ දරුවාට හිමි වී තිබෙන්නේ සවස් කාලයත් අමතර පන්තියකට වැය කරන්නට ය.

දරුවා නිවසට පැමිණෙන්නේ ?බෝවීමත් සමÛය. රැුකියාවට ගිය මවුපියන් ද නිවෙසට එන්නේ ? බෝවීය. අමතර පන්තියට ගිය දරුවාද වෙහෙසිනි. රැුකියාවට ගිය මවුපියන් ද වෙහෙසිනි. ඒ වෙහෙසකර බව නිසා දරුවන් හා මවුපියන් එකිනෙකා රුස්සන්නේ නැත. සුහද කතාබහක් නැත. දරුවන් හා මවුපියන් අතර අන්‍යොන්‍ය සුහදබවක් ගොඩනැෙÛන්නේ නැත. පාසලේ දී, මÛතොටේදී, අමතර පන්තියේ දී තමන්ට මුහුණ දෙන්නට සිදුවූ ප‍්‍රශ්නයක් මවුපියන් සමÛ සාකච්ඡුා කර විසඳා ගන්නට, දැන මුතුකම් ලබාගන්නට ඉඩක් නැත. ඔවුන් ඒ ගැටලූ විසඳා ගන්නට යන්නේ මÛ තොටේ දී, අමතර පන්තියේ දී හමුවන හිත මිතුරන් සමÛ ය. ඒ හිත මිතුරන් අතර යහපත් හැසිරීම් හා ආකල්ප ඇති අය වගේම අයහපත් චර්යාවන් ඇති අය ද වෙති. යම් හෙයකින් අයහපත් අය ඇසුරට ලැබුණේ නම් දරුවා තම ජීවිතය පිළිබඳ ගන්නා තීන්දු තීරණ සියල්ල ද අයහපත් ය. මවුපියන් වෙහෙස මහන්සි වී හරි හම්බ කරන මුදල් දරුවන් ගේ අධ්‍යාපනයට විය හියදම් කළද අවසානයේ ඒ සියල්ල ගÛට කැපූ ඉනි මෙන් විනාශ වී යන්නේ ය.

විශේෂයෙන් යොවුන්වියට එළඹෙන දරුවා විප්ලවකාරී අදහස් ඇත්තෙකි. හදිසි තීරණවලට එළඹෙන්නෙකි. ඔහු වැඩි වශයෙන් ජීවත් වන්නේ මනෝ ලෝකයක ය. එවැනි අවස්ථාවක හරි මÛ පෙන්වීමට මවුපියන් ඉදිරිපත් නොවුණේ නම් දරුවාට සිදුවන හානිය සුවිශාලය.

’සක්කෝ උජූච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානි”

කර”ය මෙත්ත සූත‍්‍රයේ සඳහන් වන ලෙස යහපත් දරුවකු කෙරෙහි අවංක බව, කීකරු බව, මෘදු බව හා මානයෙන් තොර බව එනම් නිහතමානී බව යන ගුණාංග තිබිය යුතුමය. තරුණ ජීවිතයට නියම වටිනාකමක් ලැබෙන්නේ ඒ ගුණාංගයන්ගෙන් ද පිරිපුන් වූ විටය. තරුණ දරුවන් ඒ බව හොඳින් අවබෝධ කර ගත යුතුය.

අද අපේ තරුණ දරුවන් වැඩි දෙනෙක් අනුන් අනුකරණයට සමත්ය. ඇඳුම් පැලඳුම්, ප‍්‍රයෝජනයට ගන්නා සුවඳ විලවුන් වර්ගය, ගන්නා ආහාර පාන මේ හැම දෙයක් ම තීරණය කරන්නේ අනුන් අනුකරණයෙනි. එහෙත් දරුවෙක් තමන්ට කළ හැකි දේ සහ නොකළ හැකි දේ තේරුම් ගන්නට, තමන්ගේ, මවුපියන්ගේ ආර්ථික ශක්තිය දැන කටයුතු කරන්නට උත්සාහ කළ යුතුය. තමන් ආර්ථික වශයෙන් දිළිඳු නම් එය බාර ගන්නට, ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්නට හුරු විය යුතුමය.

වැරදිවලට යොමුවෙන්නේ එසේ කටයුතු කරන්නට තරම් මානසික ශක්තියක් නොමැති දරුවන්ය. කුඩා කාලයේ සිටම දරුවන් ඒ සඳහා හුරු කිරීම මවුපියන්ගේ ද වගකීමකි.

දිළිඳු බවින් ගොඩ එන්නට උත්සාහ කරන අතරම තමන් ගේ තත්ත්වය දැන කටයුතු කිරීම, ලද දෙයින් සතුටු වීම ජීවිතයක සාර්ථකත්වයට අත්‍යවශ්‍ය ගුණාංගයන් ය.

තමන් දහඩිය මහන්සියෙන් උපයා සපයා ගන්නා දේ අරපිරිමැස්මෙන් ප‍්‍රයෝජනයට ගන්නා සැටි, තමන්ට මෙන්ම පවුලේ සහෝදර සහෝදරියන්ට ද ඒවා වැය කළ යුතු සැටි මවුපියන් විසින් දරුවන්ට අවබෝධ කර දිය යුතුමය. තමන් උපයන ප‍්‍රමාණය, එයින් දරුවන් ගේ කටයුතු සඳහා වියදම් කළ හැකි ප‍්‍රමාණය දරුවන්ට තේරුම් කර දෙනවා විනා ඉල්ලන, ඉල්ලන දේ ගෙන දීමට යාමෙන් සිදු වන්නේ දරුවා නැති බැරිකම තේරුම් නොගැනීමය.

යම් අවස්ථාවක දරුවාට අවැසි දේ ලබා දෙන්නට නොහැකි වූයේ නම් සිදුවන්නේ මවුපියන් හා දරුවා අතර ගැටුමක් නිර්මාණය වීමයි.

මේ නිසා තරුණ දරුවන් මිල මුදල් පරිහරණය කරනා සැටි ගැන ද හොඳ අවබෝධයකින් සිටිය යුතු අතරම මවුපියන් ද දරුවාට එවැනි පරිසරයක් නිර්මාණය කර දෙන්නට සමත් විය යුතුය.

එසේ කටයුතු නොකළේ නම් අවශ්‍ය දේ නොලැබෙන තැන දරුවා සොරෙක්, මං පහරන්නෙක්, බේබද්දෙක් වීම වැළැක්විය නොහැකිය.

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...