3

දිරිය පුතෙක් ලෝකඩ පදක්කමකින් ලක් මව සරසයි

2012 පැරාලිම්පික් උළෙලේ එක් අතක් අහිමි ටී – 46 කාණ්ඩය යටතේ පිරිමි මීටර් 400 තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රදීප් සංජය සමත් වී තිබේ. තත්පර 49.28 කින් තරඟය නිම කල ඔහු මීට පෙර 2010 වසරේ ආසියානු පැරාලිම්පික් තරඟයේ දී රන් පදක්කමක් දිනා ගත්තේය.

තරඟ ඉසව්වේ අවසන් වටයට තේරී පත්වුණු ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් ක්‍රීඩක ප්‍රදීප් සංජය දිරිමත් කිරීම සඳහා එම ඉසව්ව නැරඹීමට ලන්ඩන්යේ පැරාලිම්පික් ක්‍රීඩාංගණයට වෙත පැමිණි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් ඉතිහාසයේ පළමු පදක්කම ලබාගත් ක්‍රීඩක ප්‍රදීප් සංජය හට ක්‍රීඩා ඉසව්ව නිම වූ වහාම උණුසුම් සුභ පැතුම් පිරිනැමූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පැවසීය.

නමුත් පසුගිය සඳුදා බීබීසී ලෝක සේවයට ඔහු පවසා තිබුනේ මෙසේය.

‘මං මට අවශ්‍ය ඇඳුම් සපත්තු සියලූ උපකරණ මගේ වියදමින් අරගත්තේ. සියල්ල ගත්තේ මගේම පඩියෙන්. මගේ පුහුණුව සඳහා කිසිම අනුග‍්‍රාහකයෙක් හිටියේ නෑ. හොඳ අනුග‍්‍රාහකයෙක් හිටිය නම් මීට වඩා දස්කමක් කරන්න පුළුවන් වන බව නම් විශ්වාසයි’

අපෙන් ඔබට උණුසුම් සුබපැතුම් !

Check Also

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

cricketkeli

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...