r3

පිතිකරුවන් 5ක්ම ලකුණු බිංදුවයි

අධිෂ්ඨනශීලී පන්දු යැවීමක යෙදුණු දකුණු අපි‍්‍රකානුවෝ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (02 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි/20 තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 12 ක ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි/20 තරගාවලියේදී 1-0 ක් ලෙස දකුණු අපි‍්‍රකානු පිල පෙරමුණ ගත්තේය.

දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් ලකුණු 51 ක් ලබාගත් ජේ. පී. ඩුමිනි, පන්දුවෙන්ද අනගි දස්කම් දක්වමින් තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.  ඕවර 4 ක් යැවූ ඩුමිනි තම පන්දු යැවීමෙන් ලකුණු 18 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ ජීවන් මෙන්ඩිස් තිදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවූයේ ශී‍්‍ර ලංකා පිලේ සැලසුම් සහමුලින්ම අවුල් කර දමමිනි.

තම සහායක පිතිකරුවන් එකා පසුපස එකා කී‍්‍රඩාගාරයට යද්දීත්, මව්බිම වෙනුවෙන් අභීත සටනක නිරත වූ කුමාර් සංගක්කාර, පළපුරුදු සටන්කාමියකුගේ සැබෑ තත්ත්වය මොනවට ප‍්‍රදර්ශනය කරමින් නොදැවී ලකුණු 59 ක් ලබාගත්තද එය හුදෙක් නරඹන්නන්ගේ සිත් තැවුල් මකා ගැනීමට පමණක් ප‍්‍රමාණවත් විය.

අවසන්  ඕවරයේදී ලකුණු 21 ක් ලබාගැනීමේ අභියෝගයට තනිවම මුහුණ දුන් සංගක්කාර, පිට පිටම ගැසූ දර්ශනීය හතරේ පහර දෙකකින් ලබාගත් ලකුණු 8 ලබාගත් නමුත් තනි ලකුණු ලබාගැනීමට උනන්දු නොවූයේ පිටියේ අනෙක් අන්තයේ සිටියේ අජන්ත මෙන්ඩිස් බැවිනි. කිසිදු අපහසුතාවකින් තොරවම දකුණු අපි‍්‍රකානුවන් දමනය කළ ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නෝ නියමිත  ඕවර 20 අවසානයේදී සංචාරක පිල ලකුණු 115 කට සීමා කළහ.

ආරම්භයේ සිටම දඟ පන්දු යවන්නන් හමුවේ අන්දමන්දව සිටි නමුත් ලසිත් මාලිංග සහ තිසර පෙරේරාගේ  ඕවර 5 කින් ලකුණු 36 ක් උදුරාගත් දකුණු අපි‍්‍රකානුවෝ සටනක් දිය හැකි ලකුණු 115 ක් එකතු කරගත්හ. ජීන් පෝල් ඩුමිනි, පන්දු 52 කට මුහුණ දෙමින් ලකුණු 51 ක් ලබාගනිමින් තම පිලේ ලකුණු සංඛ්‍යාවෙන් 44 % කම කොටස්කරුවා විය. ඬේවිඞ් මිලර් (25) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක් එක්කිරීමටද ඩුමිනි සමත් විය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අපි‍්‍රකානු නායක ෆෆ් ඩු ප්ලෙසී පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් ඉනිමේ 6 වැනි  ඕවරය නිමා වන විට ලකුණු 23 කට ප‍්‍රබලතම පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ. පළමු පිතිකරුවන් තිදෙනාම දවාගත් සචිත‍්‍ර සේනානායක  ඕවර 3 කදී ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 08 ක් පමණක් හෙයින් 7 වැනි  ඕවරය අවසානයේදී ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලූ 3 කට 27 ක් ලෙසිනි.

ඒ. බී. ඩිවිලියර්ස් ලකුණු 15 ක් ලබා සිටියදී දුන් අසීරු උඩපන්දුවක් දිනේෂ් චන්දිමාල් අතින් ගිළිහී ගිය නමුත් ඊළඟ පන්දුවට ඩිවිලියර්ස් ගැසූ පහර අති විශිෂ්ට උඩපන්දුවක් බවට පෙරළාගැනීමට ස්වීපර් කවර්ස්හි සිටි කුෂල් ජනිත් පෙරේරා සමත් වූවද අවසානයේදී සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විය.

දෙපිල අතර දෙවැනි විස්සයි/20 තරගය ඉරිදා (4 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

[toggle_simple title=”ලකුණු  පුවරුව” width=”Width of toggle box”]

දකුණු අප්‍රිකාව

හෙන්රි ඩේවිඩ්ස් ක.මු.ක. ප. සේනානායක                      1(8)
කුයින්ටන් ඩි කොක් ක.මු.ක. ප. සේනානායක                 5(7)
ෆැෆ් ඩුප්ලෙසිස් ප. සේනානායක                                   8(11)
ජේ.පී. ඩුමිනි ඇ. ඩිල්ෂාන් ප. අජන්ත                           51(52)
ඒ.බි. ඩිවිලියර්ස් ඇ. කුසල් ප. මැතිව්ස්                          15(16)
ඩේවිඩ් මිලර් ඇ. ඩිල්ෂාන් ප. මාලිංග                            25(24)
ඩේවිඩ් වීස් (නොදැවී)                                                  3(2)
වේන් පානෙල් (නොදැවී)                                              0(0)
අතිරේක                                                                    7
මුළු ලකුණු (පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී)                    115

 

කඩුලු බිඳ වැටීම :- 1-6, 2-12, 3-23, 4-50, 5-106, 6-113,
පන්දු යැවීම :- මාලිංග 4-0-25-1, සේනානායක 4-0-14-3, මැතිව්ස් 4-0-13-1, ඩිල්ෂාන් 3-0-15-0, තිසර 1-0-11-0, අජන්ත 4-0-32-1

ශ්‍රී ලංකාව

කුසල් පෙරේරා ඇ. වීස් ප. මෝකල්                           11(14)
ටී.එම්. ඩිල්ෂාන් ඇ. ඩිවිලියර්ස් ප. ඩුමිනි                       9(19)
දිනේෂ් චන්දිමාල් ඇ. කොක් ප. සොට්සෝබේ               8(9)
කුමාර් සංගක්කාර (නොදැවී)                                    59(53)
ඇන්ජලෝ මැතිව්ස් ඇ. හා ප. ඩුමිනි                             4(7)
ජීවන් මෙන්ඩිස් ඇ. තහීර් ප. ඩුමිනි                              0(1)
ලහිරු තිරිමාන්න ඇ. ඩිවිලියර්ස් ප. තහීර්                      5(9)
තිසර පෙරේරා ඇ. ඩුප්ලෙසිස් ප. මෝකල්                    0(3)
සචිත්‍ර සේනානායක ඇ. කොක් ප. පානෙල්                   0(4)
ලසිත් මාලිංග ඇ. ඩුප්ලෙසිස් ප. පානෙල්                      0(2)
අජන්ත මෙන්ඩිස් (නොදැවී)                                      0(0)
අතිරේක                                                                7
මුළු ලකුණු (පන්දුවාර 20 දී කඩුලු 9 ක් දැවී)              103
කඩුලු බිඳ වැටීම :- 1-15, 2-25, 3-44, 4-72, 5-72, 6-90, 7-91, 8-95, 9-95
පන්දු යැවීම :- සොට්සෝබේ 3-0-11-1, මෝකල් 4-0-28-2, පානෙල් 3-1-8-2, තහීර් 4-0-22-1, ඩුමිනි 4-0-18-3, ඩේවිඩ් වීස් 1-0-8-0, හෙන්රි ඩේවිඩ්ස් 1-0-7-0

[/toggle_simple]

 

Check Also

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

cricketkeli

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...