fg

බාහිර අලංකාරයට වඩා පිවිතුරු සිතිවිලි බලව

“පතිරූපකො මත්තිකා කුණ්ඩලොව
ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්තො
චරන්ති එකෙ පරිවාරඡන්තො
අනෙතා අසුද්ධා බහි සෝභමානාති”
(සත්තජටිලසුත්තං)

මැටියෙන් සෑදු කුණ්ඩලාභරණ ඉතා අලංකාර ලෙසට පෙනේ. ලෝහයෙන් සැදූ ආභරණ රත්තරන් ආලේප කළ කල්හි ඉතා අලංකාරය. එසේ පිරිවර වටකරගනිමින් සමාජයේ සිල්වතුන් ලෙස හැසිරෙන සමහර බාලයෝ ඇතුළතින් අපිරිසුදු විය හැකිය.

බුද්ධ ධර්මයේ ඇතුළත් පහත සඳහන් කථා වස්තුවෙන් පැහැදිලි වෙනුයේ’ බාහිර ස්වරූපය ඇතුළත නොදැරූ හා අභ්‍යන්තරයේ ඉතා විශිෂ්ඨ ආධ්‍යාත්මික ලක්ෂණ දැරූ පුද්ගලයන් සිටින බවය.

දීඝනිකායේ ‘සක්කපඤහ සූත්‍රයේ’ ඇතුළත් එම කථා ප්‍රවෘත්තිය වෙනත් අවස්ථාවලදී ඒ ඒ අවස්ථාවට ගළපමින් ම විසින් ඉදිරිපත් කර ඇති මුත් එම කථාව මෙම කාරණය පැහැදිලි කිරීමටද ඉතා හොඳින් ගැළපෙයි.

එදා ඉන්දියාවේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර අසල ගෝපිකා නම් රූබර ළඳක් විසුවාය.ඇය ධර්මය කෙරෙහි පැහැදී සිටි යහපත් උපාසිකා මාතාවකි. නිතර ගෝපිකාගේ නිවසට පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේ තුන්නමක්ද වූ අතර, උන්වහන්සේලා බුදුන් වහන්සේගෙන් අසන ධර්මය ගෝපිකාගේ නිවසේදී ඇයට කියාදුන්හ. බුදුන් වහන්සේ නොදැක මුත්, උන්වහන්සේ පිළිබඳව ඇසීමෙන් ශ්‍රද්ධාව ඇතිකරගත් ගෝපිකා ධර්මය තුළින් බුදුරදුන් දුටු තැනැත්තියකි. ඒ හරහා ගුණධර්ම වැඩූ ඇයගේ එක් පැතුමක් විය. එනම් තමා දිනෙක පුරුෂෝත්පත්තියක් ලැබිය යුතු බවයි . කලක් ගත වූ තැන ස්වාමීන් වහන්සේලා අපවත් වූ අතර, ගෝපිකා ද මිය ගියා.

ගෝපිකා මරණින් පසු දෙව්ලොව ගෝපක නමින් බලවත්, ශ්‍රී විභූතියෙන් යුතු දිව්‍ය රාජයෙක්ව ඉපදුණාය.මෙම ගෝපක දිව්‍ය රජුට උපස්ථාන කිරීම සඳහා දෙවිවරු පැමිණෙති. ඒ අතර වූ තිදෙනෙක් දුටු ගෝපාක මිනිස් භවයේදි ඒ අය තමාගෙන් දන් වැළඳූ තමා බණ ඇසු හිමිවරුන් තිදෙනා බව හඳුනා ගත්තේය.

පෙරදින භික්ෂූන් ලෙස චීවරධාරිව විසුවත්, එම හිමිවරු ගෝපිකාගේ නිවසට පැමිණියේ දන් වැළදීම , බණ කීම පමණක් අරමණු කොට නොව ගෝපිකාගේ රුව දැකීමේ යටි අරමුණුද ඉටුකර ගැනීම සඳහාය.

භික්ෂූන් වහන්සේලාගේ අභ්‍යන්තරයේ වූ චර්යාව නිසා උන්වහන්සේලාට උසස් තත්ත්වයක් ලබා ගැනීමට අපහසු වූ අතර, පිටතින් මෙන් ඇතුළතින් ද පිරිසුදු වූ ශ්‍රද්ධාවන්ත ගෝපිකා උසස් තත්ත්වයකට ඒමටත් ඇගේ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට ශක්තිමත් වූවාය. යමෙක්ගේ වටිනාකම රැඳී පවත්නේ බාහිර ඔපයෙන් නොව අභ්‍යන්තර ක්‍රියාකාරකම් පදනම් කොට බැව් මෙම කථාවෙන් මනාසේ පැහැදිලි වේ.

මෙම කාරණය පැහැදිලි කිරීම සඳහා බුද්ධ චරිතයේ දැක්වෙන තවත් වැදගත් ප්‍රවෘත්තියක් සඳහන් කරමි. සෝවාන් වූ එක් කාන්තාවක් මස් වැද්දෙක්ට සිත බැඳී ඔහු හා විවාහ වී දරුවන් සත්දෙනෙක් ලබා ඉතා සතුටින් වාසය කළාය. වැද්දාගේ ස්වභාවයට අනුව ඇය බිරිඳක වශයෙන් සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළාය.

මෙම කාරණය සෙස්සන්ට මහත් ගැටලුවක් වූ අතර බුදුරදුන් හමුවේදී ඔවුහු මෙසේ විමසූහ. මස් වැද්දෙක් හා විවාහ වී සිටින, ඇයට සිය යුතුකම ඉටුකරන කාන්තාවක් කෙසේද සෝවාන් ඵල ලබනුයේ,යන්න එම ගැටලුවයි. ඒ පිළිබඳව බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම මෙසේ විය.

“පාණිමහි චෙ වණො නාස්ස
හරෙය්‍ය පාණිනා විසං….””
(පාපවර්ගය)

“පාණිමහි චෙ වණො නාසස” – තමන්ගේ අතේ තුවාලයක් නැත්නම්,

“හරෙය්‍ය පණිනා විසං” – තමන් ශරීරයෙන් විස ඇල්ලුව මුත්

“නාබබණං විස මෙන්‍වති” විස ශරීර ගත නොවේ

“නÀථි පාපං අකුබබතො” – පවිටු සිතිවිලි නොමැත්තේ නම් අකුසල් සිදු නොවේ.

කුසල් අකුසල් සිදුවීමට චේතනාව මූලික වන බව අපි දනිමු. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ චේතනා පුරවාගමනය කරන ක්‍රියාවන් හොඳ හෝ නරක ඇති කිරීමට හේතුවන බවයි.

බුද්ධ චරිතයේ දැක්වෙන ඔබ අසා ඇති සුනඛ වැද්දාගේ කතාවද (කොකසුනඛලුදදකසසවත්‍ථු) බාහිර ඔපයට රැවටෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළි කරයි.

එක්තරා සුනඛයන් පිරිසක් පිරිවරා දඩයමේ යන වැද්දෙක් දඩයම් පිණිස කැලයට ඇතුළුවන විට භික්ෂූන් වහන්සේ නමක් හමුවී ඇත. එදින ඔහුට එක් දඩයමක් හෝ එදින නොලැබිණ. වැදි තෙම තමාට දඩයම් නොලැබුණේ ඉහත කී භික්ෂූන් වහන්සේ මුණගැසීම හේතුවෙන් යැයි කනස්සල්ලට පත් වූයේය. හිස මුඩු කරගත් චීවරයක් දැරූ පුද්ගලයෙක් හමුවීම අශුභ දසුනක් සේ සලකන දුර්මතයක් සමාජය තුළ අද ද පවතී. එමෙන් මෙම වැද්දා භික්ෂූන් දැකීම, හෙවත් ගුණදම් පිරුණු පුද්ගලයන් දැකීම පි‍්‍රය නොකරයි. වැද්දා සවස් යාමයේ කැලයෙන් පිටතට පැමිණෙන කල්හි ද එම භික්ෂුව දැකීමෙන් වඩාත් කෝපයට පත්ව සිය දඩයම් සුනඛයන් උසිගන්වන ලද්දේය. කිසිවක් කරකියා ගත නොහුණු භික්ෂුව ගසකට නැගී අතර, වැද්දා ගස පාමුල සිට සිය හී වලින් උන්වහන්සේගේ දෙකකුල්වලට විදින ලද්දේය. හී පහරින් බේරීමට එහා මෙහා දැඟලීම හේතුවෙන් චීවරය ගැලවී වැද්දාගේ සිරුර මත වැටිණ.සුනඛයන් ඉව අල්ලන ලද්දේ සිවුරට හෙයින් සිවුර දැවටී සිටි වැද්දා වෙත එළැඹුණු සුනඛයෝ වැද්දා මරා කෑහ. වැද්දා මරණයට පත්වුණේ භික්ෂුවම හේතුකොට ගෙනය යන අදහස දැරූ භික්ෂූන් වහන්සේලා මෙම කාරණය බුදුන් වෙත ගෙන ගියහ. එකල්හි බුදුන් වහන්සේ ,

”යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසසස අනඞ්ගණස්ස
තමෙව බාලං පචෙචති පාපං
සුඛුමො රජො පටිවාතංව ඛිතෙතා”
(පාපවර්ගය)

දූෂණය නොවූ සිතකින් යුත් කෙනෙක්ට යමෙක් ද්වේෂයෙන් වරදක් කරයි නම් ඒ අකුසලය යළිත් තමා කරා පැමිණෙන බව බුදුන්වහන්සේ එම ගාථාවෙන් වදාළ සේක.

Check Also

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

1

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...