chan copy

ලෝකයේ විශාලම රේඩියෝ දුරේක්ෂයේ වැඩවර්ජනයක්

චිලීහි අල්මා රේඩියෝ දුරේක්ෂ නිරීක්ෂණාගාරයේ සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. උතුරු චීලීහි අටකාමා කාන්තාරයේ මුහුදුු මට්ටමේ සිට මීටර 5000ක් පමණ උසකින් පිහිටි එය ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂය ලෙස සැලකේ.

එහි සේවකයින් මෙසේ වැඩවර්ජනයක් අරඹා ඇත්තේ සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමිනි. මුහුදු මට්ටමේ සිට විශාල උසකින් කාන්තාරයක පිහිටා ඇති අල්මා දුරේක්ෂ නිරීක්ෂණාගාරයේ සේවකයන්ට බොහෝ විට හුදෙකලාව දැඩි සුළං, අඩු වාතාශ‍්‍රය හා පරිසර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ වැටීම්වලට මුහුණ දෙමින් සේවය කිරීමට සිදුව තිබේ. එනිසා සිය රාජකාරී කටයුතුවල දුෂ්කර ස්වභාවයට සරිලන ප‍්‍රතිලාභ ලබා දෙන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අල්මා දුරේක්ෂ නිරීක්ෂණාගාරයේ 194ක පමණ පිරිසක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති. එ් අතර එහි තාක්ෂණ නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් පමණක් සිටින බව වාර්තා වෙයි. සිය වැටුප සියයට 15කින් වැඩි කරන ලෙස ඔවුහු සිය පරිපාලනයෙන් ඉල්ලා සිටිති. අල්මා දුරේක්ෂ මෙහෙයුම් කටයුතු සඳහා යුරෝපා සංගමය, ඇමෙරිකාව, කැනඩාව, තායිවානය හා ජපානය මුල්‍ය ප‍්‍රතිපාදන ලබා දෙයි. විශ්වයේ උපත පිළිබඳ තොරතුරු ගවේෂණය විශාල ඇන්ටනා 66කින් යුතු මෙම අල්මා දුරේක්ෂයේ මෙහෙයුම්වලින් අපේක්ෂා කෙරේ. සිය සේවකයින් වැඩවර්ජනයක් අරඹා තිබුණද මූලික මෙහෙයුම් කටයුතු අඩාළ වී නොමැති බව අල්මා දුරේක්ෂ පරිපාලන බලධාරීහු පෙන්වා දෙති.

Rivira

Check Also

university-of-colombo1

මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසු මෘදුකාංගයක්

-කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය ...

micro

Canvas A1, මයික්‍රොමැක්ස් වෙතින්

-මෙරට ප්‍රථම “Android One” ජංගම දුරකථනය වන Canvas A1, හදුන්වා දෙමින් ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම ජංගම ...