‘වේ ‍ප්‍රෝටින’ මිනිස් සිරුරට බලපාන්නේ කෙසේද?

ජීවිතයට කිරි (Dairy for Life) දුන් අය දැන් ජීවිතයට වසදීමට පටන්ගෙන ඇත. ශ්‍රී ලංකාව අදාළ වස පිටි තොග තහනම් කර වෙළෙඳ‍පොළෙන් ඉවත් කළේ අගෝස්තු මාසයේදී වුවද අදාළ කිරිපිටි නිපදවූ සමාගම සිය වරද හඳුනා ගත්තේ පසුගිය මාර්තු මාසයේදීය. ඔස්ට්‍රේලියා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ස්කොට් ග්ලැඩර් මෙම අවදානම පිළිබඳ ලොවම දැනුවත් කළේ පසුගිය මැයි මාසයේදීය.

‘වේ ‍ප්‍රෝටීන්’ යනු මොනවාද?

සරල සිංහලෙන් ‘කිරි මෝරු’ යනු මෙකී ‘වේ ‍ප්‍රෝටීන’ වේ. ‘වේ ‍ප්‍රෝටීන’ සාදන ආකාර කිහිපයකි. සෝයා කිරි, එළු කිරිවලින් ගන්නා ‍ප්‍රෝටීන මෙන්ම කෘත්‍රිම ‍ප්‍රෝටීනද යොදා ‘වේ ‍ප්‍රෝටීන’ සෑදීම සිදුවේ. නමුත් දැන් උද්ගත වී ඇති ගැටලුවට හේතු පාදක වූ වේ ‍ප්‍රෝටීන සාදා ඇත්තේ නවසීලන්ත කිරි ගවයන්ගෙන් දොවාගත් කිරිවලිනි.
කිරිවල අඩංගු ප්‍රධාන ‍ප්‍රෝටීන වර්ග 2කි. එකක් ‘වේ ‍ප්‍රෝටීන’ වේ. එය 20කි. ඉතිරි ‍ප්‍රෝටීන 80 කේසීන් ‍ප්‍රෝටීන වේ. කිරි යොදය කොටසේ ඉතිරි වන්නේ ඉහත ‘වේ ‍ප්‍රෝටීන’ වේ. මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය ඇමැයිනෝ අම්ල 9ම මෙකී වේ ‍ප්‍රෝටීනවල අඩංගු වේ. එලෙස කිරිවල අඩංගු මේදය, ජලය, කාබෝහයිඩේ්‍රට් ආදියෙන් ‍ප්‍රෝටීන සාරය පමණක් වෙන් කරගත් විට එය වේ ‍ප්‍රෝටීන යැයි සරලව කිව හැක.

ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම් Colostridium Botulinum කවුද?

කෝටුවක් වැනි (දණ්ඩාකාර) බැක්ටීරියාවකි. විවිධ විෂ වර්ග නිපදවයි. ප්‍රධාන වශයෙන් ස්නායු විෂ නිපදවයි. මාංශපේශී අක්‍රිය වීම බොටුලිනියාව මෙන්ම ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගාබාධ රැසකට මෙම බැක්ටීරියාව නිපදවන විස හේතු වේ.

අධික උෂ්ණත්වය හමුවේ පවා විනාශ නොවන බැක්ටීරියා බිජානු නිපදවීමට බොටුලිනම් බැක්ටීරියාව සමත්ය. නවසීලන්තයේ මෙකී වේ ‍ප්‍රෝටීන නිපදවීමේ ක්‍රියාවලියේදී බැක්ටීරියාව එම වේ ‍ප්‍රෝටීන තොගයට ඇතුළු වී තිබේ. මුලින් කී පරිදි ඔස්ට්‍රේලියාව පසුගිය මාර්තු මාසයේ මෙම වේ ‍ප්‍රෝටීන තොගය නිෂ්පාදනය කර තිබේ. පසුගිය අගෝස්තු 3 වැනිදා පිළියම් යොදන තෙක් මෙලෙස නිපදවූ වේ ‍ප්‍රෝටීනවලට අදාළ බැක්ටීරියාව ඇතුළු වී ඇතැයි සැක කෙරේ.

බැක්ටීරියා වැනි ජීවීන් ඉතා වේගයෙන් ප්‍රජනනය කොට බිජානු නිපදවයි. 100ඛිං දී පවා විනාශ නොවී පවතින බිජානු ලක්ෂ 10ක් පමණ එකට තැබූ පසු පැන්සල් තුඩක ප්‍රමාණයකි. එකී බිජානු වේ ‍ප්‍රෝටීන යොදා සෑදූ සියලුම ආහාරවල එනම් කිරිපිටි, චීස්, බටර් ආදියේ ඇතුළත්ය. එකී කිරිපිටි අඩංගු යෝගට්, බිස්කට්, අයිස්ක්‍රීම් මෙන්ම නෙක ආහාරවලද මෙකී බිජානු අඩංගුය. මෙම බිජානු මිනිස් ආහාර මාර්ගයේදී සක්‍රිය වේ. අනතුරුව රුධිරය හරහා සිරුරේ ප්‍රධාන අවයවයන් වෙතට ගමන් ගනී. එහිදී විවිධ ස්නායු විෂ (Neurotoxin) නිකුත් කිරීම සිදුවේ. මෙකී විෂ හේතුවෙන් මාංශ පේශී අක්‍රිය වීම, ස්නායු ආවේග නිසි පරිදි සන්නයනය නොවීම, මොළයේ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවේ.

සිරුරේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන්නේ ස්නායු හරහා පමණක් නොවේ. රැහැන් රහිත උපාංගයන් (Synaptic) හරහා ස්නායු සම්ප්‍රේෂක (Neurotranmitter) මගින්ද අදාළ ආවේග රැගෙන යයි. බොහෝ විට ස්නායුවක සිට මාංශපේශියක් වෙත ආවේග රැගෙන යන්නේ උපාංග හරහාය. යම් හෙයකින් මෙකී උපාංගමය යම් බලපෑමක් සිදු වුවහොත් ස්නායු ආවේග මාංශපේශී වෙතට ලැබිමක් සිදු නොවේ. බොටුලිනම් කරන්නේ එයයි.

අදාළ උපාංගය හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන සම්ප්‍රේෂක අක්‍රිය කිරීම මෙම බැක්ටීරියාව සිදු කරයි. අප දුරකථන ඇමැතුමක් ගන්නා විට දුරකථන ජාලය ඊට ප්‍රතිචාර නොදක්වයි නම් එහිදී ඇමැතුම ගත නොහැක. එලෙස ස්නායු සම්ප්‍රේෂක ක්‍රියා නොකරන බැවින් ඉන් රැගෙන යන පණිවුඩයද අවශ්‍ය මාංශ පේශියට ගමන් නොගනී. සරලව කිවහොත් මෙම බැක්ටීරියාව සිය රාජකාරි ආරම්භ කොට ඇති විටෙක ඔබ අත ඔසවන්න යැයි අතට කිව්වාට එය අතේ මාංශපේශි නොදනී. ඔබට අත ඔසවන්නට නොහැක.

ප්‍රසාද් අබේවික්‍රම
Rivira

Check Also

ඉංග‍්‍රීසි නොදැන ඉංග‍්‍රීසියෙන් ආචාර්ය උපාධිය ගත් ලෝක රූ රැජිණ

ඉංග‍්‍රීසි වචන 6ක් පමණක් දැන එංගලන්තයට සංක‍්‍රමණය වූ තරුණියක අද වනවිට එරට ආචාර්ය උපාධියක් ලබා, ...

මං ජනාධිපති වුණොත් ලංකාව ස්විට්සර්ලන්තයක් කරනවා-Geetha Kumarasinghe

මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ ...