33

ශිෂ්‍යත්වය සමත් දරුවා සුවපත් කරන්න ඔබේ පිහිට අවශ්‍යයි

ආණමඩුව දිවුල්වැව කනිටු විදුහලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හසිත චතුරංග සිසුවා සුදු රුධිරානු අඩුවීමේ රෝගයකින් (හිමොග්µsලින්) පෙළෙයි.

මෙම දරුවා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 160 ක්‌ ලබාගත් නමුත් අසනීප තත්ත්වය නිසා අනතුරුව පාසැල් යැමට ඉඩ ලැබී ඇත්තේ දින 60 ක්‌ පමණි.

එම සිසුවාගේ රෝගය පාලනය කිරීම සඳහා කොළඹ ළමා රෝහල මගින් සතිපතා බෙහෙත් ලබාදීම සිදුකරන අතර ඒ හේතුවෙන් ආණමඩුව සිට සති පතාම කොළඹ රැගෙන ඒමට දෙමාපියන්ට සිදුව ඇත.

දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන එම දරුවාගේ දෙමවුපියන්ට බෙහෙත් ලබා ගැනීම සඳහා මාසිකව විශාල මුදලක්‌ වැය වේ.

මේ හේතුවෙන් යම් ආධාර, උපකාරයක්‌ පරිත්‍යාගශීලීන්ගෙන් බලාපොරොත්තු වේ. ඒ සඳහා ආණමඩුව ලංකා බැංකු ශාඛාවේ ආර්. පී. ඩී. නිමල් සෝමසිරි නමින් අංක 3907970 දරණ ගිණුමට මුදල් බැර කළ හැකි බව දෙමාපියෝ පවසති. දුරකථන අංක 078-3635195 වෙතින් මෙම දිරිය දරුවා සුවපත් කිරීමට ආධාර කිරීමට ඔබට යමක්‌ දැනගත හැකිය.

Check Also

para66

පැරා ඔලිම්පික් ශූරතාව චීනයට

2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළෙ‍ලේ ශූරතාව රන් පදක්කම් 95 ක් දිනූ චීනය සතුවිය. චීනය රන් ...

life

සුබ ආරංචියක්

දක්‍ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වුනු රොබට් වින්සෙන්සෝ තරඟාවලියකින් පහසුවෙන්ම ජයගත්තා. ක්‍රීඩා ලෝලින්ගේ උණුසුම් සුබ පැතුම් අතරේ ...