111(2)

ෂිකාර් ධවාන්ගෙන් වාර්තාගත ඉනිමක්

දකුණු අප‍්‍රිකා ‘ඒ’ පිලට එරෙහිව සඳුදා (12 වැනිදා) පැවති එක්දින තරගයකදී දකුණු පන්දු 150 කින් ලකුණු 248 ක් රැස්කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරුවකු වන ශිකාර් ධවාන් සමත්විය. ඉන්දියානු, දකුණු අප‍්‍රිකානු සහ ඕස්ටේ‍්‍රලියා ‘ඒ’ කණ්ඩායම් අතර දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී ධවාන් මෙම දස්කම කළේය.

ධවාන්ගේ මෙම වේගවත් ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 30 ක් ඇතුළත් වී තිබිණු අතර ඔහුගේ ප‍්‍රවේගකාරී ඉනිම හේතුවෙන් ඉන්දියා ‘ඒ’ පිල ඕවර 50 අවසානයේ කඩුලූ 3 ක් දැවී 433 ක් ලබාගත්තේය.

පි‍්‍රටෝරියාවේදී පැවැති මෙම තරගයේදී දකුණු අපි‍්‍රකානුවන්ද එවැනිම වේගවත් පිතිහරඹයක නිරත වූ නමුත් ඕවර 48.4 ක් අවසානයේ දකුණු අපි‍්‍රකානු ‘ඒ’ පිලේ සියලූ පිතිකරුවන් ලකුණු 394 කට දැවීයාම හේතුවෙන් ඉන්දියා ‘ඒ’ පිලට මෙම තරගයෙන් ලකුණු 39 ක ජයක් හිමිවිය.

ඉන්දියාව ඕවර 50 කදී කඩුලූ 3 ක් දැවී 433
(ෂිකාර් ධවාන් 248, මුරලි විජේ 40, චෙට්ස්වාර් පුජාරා නොදැවී 109, දිනේෂ් කාර්තික් නොදැවී 18)

දකුණු අපි‍්‍රකාව ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 394
(රීසා හෙන්ඩි‍්‍රක්ස් 106, රිලී රොසොව් 43, වෝන් වැන් ජාස්වෙල්ඞ් 108, ජස්ටින් ඔන්ටොන්ග් 49, රොලොෆ් වැන්ඩර්මර්ව් 36, ජයිදේව් උන්ක්දාත් 79/2, ඉෂ්වාර් පාණ්ඬේ 76/4)

source:lankadeepa

Check Also

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

cricketkeli

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...