Shelly-Ann-Fraser-Breaks-National-Record-For-Womens-100m-Title-In-Jamaica-2012

ෂෙලී ඇමෙරිකාව පෙරළා දැමීම අරඹයි

බීජීං ඔලිම්පික් උළෙලේ දී චීනයට සමස්ත සූරතාවය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් වූ ජැමෙයිකාව විසින් ඇමෙරිකානු කෙටි දුර ආධිපත්‍යය උදුරා ගැනීමට මෙවරද ආරම්භය ලබා දුන් ජැමෙයිකාවේ ෂෙලී ඈන් ප්‍රෙෂර් බීජීං ඔලිම්පික් උළෙලෙ මීටර් 100 ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කමේ උරුමය තව දුරටත් රැක ගැනීමට සමත් වූවාය.

තරගයට පෙරාතුව සහ මැත කාලීන දක්ෂතා පිළිබදව විමසද්දී ද ෂෙලී ට වඩා ඉදිරියෙන් සිටි ඇමෙරිකාවේ කාමෙලිටා ජෙටර් මෙවර ඔලිම්පික් වේග කිරුළේ උරුමක්කාරිය වෙනු ඇතැයි  විශ්වාස කළ ද එය මිත්‍යාවක් බවට පෙරළා දැමූ ෂෙලී යළිත් කාන්තා කෙටි දුර ආධිපත්‍යය සිය නමට ලියවා ගත්තාය.

තරග ආරම්භයේ දි සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ජාත්‍යන්තර අත්දැකීම් සමග මානසිකව තරගයට සම වැදී සිටින අයුරු පැහැදිළි කරමින් හොද ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර තරගයේ පළමු වැනියා මෙන්ම කැමලීටා ජැටර් ද 0.153 ක ‍ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර සියල්ලලෝම 0.200 ට අඩුවෙන් ප්‍රතික්‍රීයා දක්වා තිබීම මෙන්ම ක්‍රීඩිකාවන් හය දෙනෙකුම අවසන් තරගය තත්පර 11.00 අඩු කාලයකින් නිමි කිරීම හරහා පැහැදිළි වන්නේ ඔවුන්ගේ වෘත්තීය ස්වභාවය මෙන්ම තරගකාරී හැකියාවය. තරගයේ තෙවන ස්ථානය ජැමෙයිකාවේම සුපිරි කෙටිදුර සූරී වෙරෝනිකා කැම්බල් ට හිමි විය.

Check Also

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

cricketkeli

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...