වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක් හමුවී ඇත. මේ සත්වයාගේ ශරීර කොටස මාළුවකු සේ වන අතර කට හා දත් කිඹුලෙකුට සමානය.
ප්‍රදේශයේ ධීවරයන් පවසන්නේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතිය හැකි බවයි. දිග අඩි 2 ක්ද බර කිලෝ 01 ග්‍රෑම් 382 ක් වන මෙම මාළුවා ඊයේ සවස හමුවී ඇත්තේ ධීවරයකුටය. මේ පිළිබඳව පරීක්ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී ඇත.
සාමාන්‍යයයෙන් විශාල සතෙක් අඩි 8ක් පමන දිගට වැඩෙන අතර , ශක්තිමත් හමක් තියෙන, කිඹූලෙකුගේ වගේ දත් සහා හොම්බකින් සමන්විත වෙයි.
මොවුන් විසිතුරු මසුන් අලෙවි කරන සමහර ස්ථාන වල විකිනීමට ඇති අතර, බොහො දුරට මේ සත්වයා වැවට පැමිනෙන්නට ඇත්තේ මිලට ගෙන අති කල අයෙක් කලකට පසු එපාවීම නිසා ගෙනත් අතහැරීමෙන් හො ඇතිකරන ලද පොකුන උතුරා යාමකින් විය හැකිය.
මේ මත්ස්‍යා මෙන්ම කලකට පෙර සුරතලයට මසුන් ඇතිකරන්නන් විසින් මෙරටට ගෙන්වන ලද බොහො මත්ස්‍යයින් ස්වභාවික ගන්ගා වැව් වලට එක් වීමෙන් පසු ඔවුන් විසින් දේශීය මසුන් ආහාරයට ගැනීම නිසා දැන් අපරටේ ආක්රමනික මත්ස්‍යන් අතරට එක්වී ඇත(උදා :- පිරානා,මන්නයා,ස්කැවෙන්ජර්,ගප්පි). ඔවුන් නිසා මිරිදිය ධීවර කර්මාන්තයට හා මිරිදිය මසුන් වර්ගයාට හා ස්වභාවික පරිසරයට දැඩි හානි පැමින ඇත.
ඔබත් විසිතුරු මසුන් ඇති කරන්නෙක් නම් ,ඔබ ඇති කරන මසුන් කිසිවිටෙකත් ස්වභාවික පරිසරයට මුදා නොහරින්න(නිසි සොයාබැලීමකින් තොරව)අප රටේ ජයිව විවිදත්වය හා ස්වභාවික පරිසරය රැකගන්න….