බ්‍රිස්බේන් ශූරතාව සෙරීනා විලියම්ස්ට

පසුගිය සති අන්තයේ ක්‍රියාත්මක බ්‍රිස්බේන් අන්තර ජාතික ටෙනිස් තරගාවලියේ අවසන් වටයේ ලෝක ශූර සෙරීනා විලියම්ස්, වික්ටෝරියා අසුරන්තා අතර තරගයේ 6-4ක් 7-5ක් ලෙස තියුණු ජයක් සෙරීනා විලියම්ස් සතු විය.

තරගය වට තුනක් පුරාවට ක්‍රියාත්මක වූ අතර දෙවන වටයේ සෙරීනාගේ පිරිනැමීම දෙවරක් අසාර්ථක වුවත් මිනිත්තු 98ක තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය සෙරීනා සතු විය.
තිස් දෙහැවිරිදි ඇමෙරිකානු ජාතික සෙරීනා (2013) පසුගිය වර්ෂය තුළ ජයග්‍රහණ එකොළහක් වාර්තා කර ඇත. මීට ප්‍රථම වික්ටෝරියා 17 වරක් ප්‍රතිවාදීන් ලෙස හමුව තරග 14ක ජය වික්ටෝරියා සතුව ඇත. අවසන් වරට පසුගිය ඇමෙරිකානු විවෘත තරගාවලියේ අවසන් වටයේ වික්ටෝරියා සෙරීනා හමුවේ පරාජයට පත්ව ඇත. සෙරීනාගේ මීළඟ බලා‍පොරොත්තුව එළඹෙන සතියේ මෙල්බර්න් තරගාවලිය වන අතර ඒ සඳහා ද හොඳ පුහුණුවකින් මුහුණ දීමට අදහස් කරන බව සෙරීනා මාධ්‍ය හමුවේ වාර්තා කර ඇත.

බ්‍රිස්බේන් ශූරතාවයට පසුව සෙරීනා “මෙම තරගාවලිය ඉතා විශිෂ්ටයි. ටෙනිස් පිටියේ මගේ ස්ථානය තවදුරටත් හොඳින් තහවුරු කිරීමට හැකිවූවා” යැයි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ බව වාර්තවේ.

Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...