සමනල තටු ලන්ඩනයේ සැලුණු වගයි…….

බොහෝ කලකට පසු පසුගිය සති අන්තය මා ඉතාමත් වටිනා ආකාරයෙන් ගෙවා දැමූවා කීවොත් නිවැරදියි.

රබානක් සේ වටකුරැවට පිරීතිබූ ඇසළ සඳ නුබ කුස තේජාන්විතව දිලෙද්දී සති අන්තය උදාවුණා.

සෙනසුරාදා හැන්දෑවේ වොට්ෆඩයේ වෙසෙන කලාකාමී තරැණ පිරසක් විසින් පිහිටුවාගත් අගෝරා කළා කවය විසින් සංවිධානය කළ කලාව හා ස්වභාවිත ගීතය පිළිබඳ විචාරාත්මක සංවාදයකට සහභාගීවීමේ මහගු අවස්ථාවක් මට උදාවුණා. එහිදී ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හා පූජ්‍යපාද කෝන්වැවේ අරියරතන හිමියනගේ මනරම් හා ඉතාමත්ම වටිනා දේශනයන්ට සවන්දීමටද හැකිවුණා. 

අරියරතන හිමියන් හා පැයකිහිපයක් දොඬමළුවීමට මා ලද අවස්ථාව වෙස්වලාගෙන පැමිණි වාසනාවක් ලෙසයි මා දකින්නේ. 

ඉරිදා හැන්දෑවේ තවත් උත්තරීතර කටයුක්තකට සහාභාගී වී කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්ම වුණා

ඒ වනාහි අප සහෘද කැල විසින් ලංකාවේ වෙසෙන දුගී දුප්පත් දරැවන්ගේ හෙට දවස යහපත් කිරීමේ උදාරතර අරමුණින් පිහිටුවාගත් උපන්දින අරමුදලට අවශ්‍යය මුදල් තරකරගැනීමේ මංගල කටයුත්තයි.

හැන්දෑවේ රාස්සිගේ අව්ව මඳින් මඳ මෝදුවන යාමයේ අප සමුහයේ මිතුරැ කැල ක්වීන්ස්බරිහී පිහිටි දේවස්ථානයක ශාලාවකට එක් රොක්වුණා. මෙහිදී සැවොම ලහි ලහියේ සිනමා පටයක් තිරගත කිරීම සඳහා සූදානම්වනු දක්නට ලැබුණා.කිසිවෙකුත් එහිදී කැපීපෙනෙන්නට හෝ නායකත්වය
ගැනීමට පොර නොකා තම ශක්ති ප්‍රමාණයෙන් වැඩ කටයුතුවල නිරතවීම ඉතාමත්‍ සුන්‍දර මෙන්ම ප්‍රසංසණාත්මක දසුනක් වුණා.

උපන්දින අරමුදලේ නිල ඇඳුමින් සැරසුණු සොයුරන් කහ කුරැල්ලන්සේද සොයුරින් කහ පැහැ මනරම් පුෂ්පයන්සේද දිළෙමින් යුහුසුළුව සියලුම කාර්‍යයන් නිම කළා.

කලාවට හා අසරණ සරණයට ලැදි ජනතාව එකා දෙන්නා බැගින් එක්රොක්ව ශාලාව පිරීගිය පසු උත්සවය ආරම්භ වුණා.

නිවේදකතුමියගේ මධුර ස්වරයෙන් පැමිණසිටි සියල්ලන් පිළි ගැනීමෙන් අනතුරැව චිරාගත සම්ප්‍රදායට අනුව පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාව උදාවුණා. 

මෙහිදී එම කටයුත්ත අප නිතර දකින දසුනක් නොවීම මෙම උත්සවයේ විශේෂිතම අංගය වූ බැව් මෙහිදී කිව යුතුම වෙනවා. පොල්තෙල් පහන දල්වනු ලැබුවේ අප කුඩා දුවා දරැවන්‍ විසින්. 

විශේෂ ආරාධිත අමුතන් නොවු මෙහි පැමිණසිටි සැවොම එකසේම විශේෂිත වුණා.

ඉන් අනතුරැව උපන්දින අරමුදලේ නිර්මාතෘ( මම මෙහෙම අමතනවට එතුමා කැමති නැතිබැව් මා හොඳින්ම දන්නවා. එහෙත් එසේ නොකරම බෑ. මොකද එතුමාගේ අතිමහත් කැපවීම හා උනන්දුව නොවන්නට මෙවැනි දෙයක් නැති නිසා) ජයන්ත හේරත් සොයුරා අප අරමුදලේ ආරම්භය, එහි බලාපොරොත්තු,එහි සාමාජිකයෙකු වන්නේ කෙසේද හා අරමුදලේ ඉදිරි පියවර පැහැදිලි කිරීමෙන් පසු හිරැ රණසිංහ පුතණුවන් අප අරමුදලේ අරමුණ ඉතාමත් මනරම් අයුරින් ඉංග්‍රීසි බසින් පැහැදිලි කළා. හේලි දියණිය සිංහල බසින් එම කාරණයම පැහැදිලි කළ අතර චමේශ් මල්ලවආරච්චි පුතණුවන් සිනමා පටය පිළිබඳ විස්තරයක් කිරීමෙන් අනතුරැව කවුරැත් පුල පුලා බලා සිටි “සමනල තටු” තිරයේ දිග හැරැණා.

එය අපගේ ජාතියේ පිනට පහළවූ සිනමා අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකයන්ගේ ළමා චිත්‍රපටයක්. 2005 වසරේදී ජනප්‍රියම සිනමා පටය ලෙස අභිෂේක ලැබීමට පවා සමත් වූ මෙම චිත්‍රපටය අපට ලබාදී තිරගත
කිරීමේ අයිතිය පැවරීම සම්බන්ධයෙන් එතුමාට උපන්දින අරමුදල වෙනුවෙන් ස්තූතිය පුදකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.

ලංකාවේ අන්ත අසරණ දුගී පවුලක් දිවි රැක ගැනුමට කරන ජීවන අරගලය මෙහි කතා වස්තුව වුණා. ඉන්න හිටින්නට තැනක් නැති, ගතට හරිහමන් වස්ත්‍රයක් නැති හා කුසට අහරක් නැති ඔවුනට සමාජයෙන් එල්ලවූ තර්ජන හා කෙනෙහිලිකම් මෙහිදී මනාව පිළිබිඹු වුණා.

ලෙඩින්‍ පීඩාවිඳි ඒ තාත්තා අවුරැදු දහයක් පමණවු කුඩා පුතු, දෑත් දෙකම අහිමි අංගවිකල දියණිය හා තම අසරණ බිරිඳ සමඟ දිවිසටනට උර දෙන අයුරැ එහි ප්‍රධාන කතා තේමාවයි. ඒ කුඩාපිරිමි දරැවාට සමාජයෙන් එල්ලවන සියලුම වර්ගයේ අකටයුතුවලට මුහුණපෑමට සිදුවුණා.

ඒ පිරිමි දරැවාට බයිසිකලයක් ලබාගැනීමට ඇතිවූ උනන්දුව හා ඒ සඳහා මහන්සිවී මුදල් එකතුකරන ආකාරය දුටු මට අප කුඩා කල නැරඹූ ටයි මහත්තයාගේ හඳයා චිත්‍රපටය සිහියට නැගුණා. එහිදී ඒ පිරිමි දරැවාගේ සිහිනය වූයේ පෝනියෙකු මිලදී ගැනීමටයි.

මෙහිදී මගේ සිතත් නිතැතින්ම මගේ ළමා අවධියට දිව ගියා. මා මෙන්ම එහි සිටි සැමගේම සිත් තම ළමා කාලයට ඇදීගිය බැව් මට විශ්වාසයි.

කුඩාදරැවකු වශයෙන් මා හට තිබූ බයිසිකල් පිස්සුවත් අවසනදී මගේ දෙමාපියන් අපගේ ධනවත් මාමා කෙනෙකුගේද සහය ඇතුව මාහට බයිසිකලයක් ලබා දුන් ආකාරය හා එයින් ලද සතුටද මා එය පැද ගිය ආකාරයද සිතුවම්පටක් සේ මගේ සිහියට නැගුණා.

මේ අසරණ දරැවාට බොහෝ කරදර වලට මුහුණපාන්නට සිදුවුණා. සමාජයේ අප සිහිනයෙන්වත් සිතීමට අකමැති සියලුම අපචාරවල ගොඳුරක් බවට ඔහු පත්වුණා. මේ ඔහුවන් අසරණ දරැවන් සැමගේම කතාව බව සැමටම පසක් වෙද්දී සැමගේම දෙනයන කඳුළින් පිරීගියේ නිරායාසයෙන්මයි.

ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල බහුලව දැකිය හැකි අසරණ දුගියා තව තවත් අසරණ කරන අයුරි මෙම සිනමා පටයෙන් කදිමට විදහා පෑවා.

එදාවේල කන්න නැති දුගියාගෙන් පවා අල්ලස් ගන්න රෝහල් මුරකරැවන් හා ඇටෙන්ඩර් වරැන් ගැනත්, අන්ත අසරණවන ගැහැනුන්ට ඇඟ විකිණීමට පොළඹවන කට්ට අම්මන්ඩිලා ගැනත්, ඉතා අසාධාරණ ලෙස ළමයින්ගේ ශ්‍රමය සූරාකන තක්කඩි මුදලාලිලා ගැනත්, මත්කුඩු ජාවාරම සඳහා කිසිත් නොදන්නා කිරිසප්පයින් යොඳාගන්නා කුඩ්ඩන් ගැනත්, කාමාතුර සල්ලාල විදේශිකයන්ගේ පහත් ආශාවන් සංසිඳවා ගැනුමට මල් කැකුළුවන් ළපටි ළමුන් බිලී දෙන ජඩයන් ගැනත් මෙහිදී අපූරැවට විමර්ශනයට භාජනය කෙරැනා.

ළමා චිත්‍රපටයක මෙවැනි දසුන් හා විස්තර පෙන්වූයේ ඇයිද කියා සමහරැන් සිතන්නට පිළිවන්. ඒ සඳහා මගේ පුද්ගලික මතය නම් මේ සියල්ල අප ජීවත්වන සමාජයේම සිදුවන දේවල් මිසක වෙන ලොවක සිදුවන දේ නොවෙයි. ඒ ගැන අප දරැවන් දැනුවත්වීමයි මෙහිදී වැදගත් වන්නේ. එවිට ඔවුනට එවැනි අතවරයක් වීමට පෙර ඉන් ගැලැවෙන්නට හැකියාව ලැබෙනවා. සිනමා පටයේ ඒ දරැවා ඒ හැමකම ගොඳුර වූයේ ඒ ගැනවූ නොදන්නකම නිසයි. කෙතරම් නීති තිබුණත් මේ හැම දේම සිදුවුණා. සිදුවෙමින් පවතිනවා සහ ඉදිරියටත් සිදුවේවි. ඒ නිසා දරැවන් හැමදේ ගැනම දැනුවත්වීම හොඳබැව් මගේ මතයයි. බාහිර ලොකය ගෙදර මෙන් සුන්දර නැතිබවත් සැබෑ ලෝකය ගුණවත් මිනිසුන්ගෙන් මෙන්ම මේ සැම දුසිරිතින්ම හා අමණයින්ගෙන්ද සමන්විත බැව් ඔවුන්ට කියා දිය යුතුයි. මේ සිනමා පටයෙන් දෙන පණිවුඩය එයයි.

මේ අසරණ දරැවන් තව තවත් අගාධයටම පෙරළමින් ඔවුන්ගේ පියාද මෙලොව හැරගියා. ඉන්පසුව ජීවිත අරගලය ගෙනයමින් තම මව හා නැගෙණිය රැකගැනුම සඳහා මේ
කුඩා දරැවා සැරසෙන අයුරැ විදහාපාමින් සිනමා පටය නිමවුනා.

එකිනෙකාගේ සුසුම් හඬ පවා ඇසෙන අයුරින් මුළු ශාලාවම නිශ්ශබ්දතාවයෙන් හා හැඟීමෙන් පිරීගියා.

අවසනදී පැමිණසිටි පිරිස තමන් වැය කළ සුළු මුදල මෙවන් අසරණ දුවා දරැවාගේ හෙට දවස වෙනුවෙන් නොවේදැයි සිතා පහන් වූ සිතැතිව නිවෙස් කරා ඇදෙනු දක්නට ලැබුණා.

ඊළඟ නිමේශයේදී අපගේ සොයුරැ කැල නැවතත් ක්‍රියාත්මක වුණා. ලහි ලහියේ ශාලාව තිබූ ආකරයටත් වඩා හොඳින් සැකසූ ඔවුහූ එය ආපසු බාරදෙනු ලැබුවා.

මෙහිදී මම අපගේ අරමුදල වෙනුවෙන් විශේෂ ස්තූතියක් ජයන්ත හේරත් සොයුරා,දොස්තර මංජුලා මහානාම සොයුරිය,ගොඩ්ෆ්‍රී සොයුරා හා ශානක රොඩ්රිගෝ සොයුරාට ඔවුනගේ අතිමහත් කැපවීම හා කරනලද මහඟු සේවය වෙනුවෙන් පුද කරන්නට කැමතියි.

මීට අමතරව ගොඩ්ෆ්‍රී සොයුරා තම පුත්‍ර රත්නයද සමඟ සිනමා තිරය සැකසීම, සිනමා පටය සම්ප්‍රේෂණය, ශබ්ද පරිපාලනය හා කැමරාකරණය යන අංශ මනාවට මෙහෙයවමින් දැක්වූ අනුග්‍රහය සිහිකළ යුතුම වෙනවා.

මහේෂා කෝකිලා සොයුරිය නිවේදක කටයුතු ඉතාමත් අලංකාර අන්දමින් හසුරවමින් මහඟු සේවයක් කළා.

ප්‍රවීණ කැමරා ශිල්පී තිස්ස මඩවලයන් හා නිශ්චල චායරෑපකරනයෙන් අශික් සොයුරා මෙහි අවස්ථා තම කාචයනට හසුකරගනිමින් කළ නිහඩ සේවය මේ අවස්ථාවේ ඉතාම ඉහළන් අගය කළයුතු වෙනවා.

ඉන්දිරා හා ජනප්‍රිය යුවළ උත්සවය සඳහා ප්‍රවේශපත්‍ර තම වියදමින්ම මුද්‍රණය කරදීම කෙසේනම් අමතක කරනෙමුද?

ථවිඳු පුතු, සඳලු,වෙනේසා,තරැසි,නිෂාදී හා පුරේශා යන දියණිවරැන් සිසිල් පැන් හා කැවිලි වෙළදාමින් අරමුදල තරකිරීමට සහය වුණා.

මීට අමතරව සියලුම සාමාජික සාමාජිකාවන් හා දූ දරැවන් තම ශක්ති ප්‍රමාණයෙන් කළාවූ කැපවීම සුළුකොට තකන්නට බැහැ. නම් වශයෙන් නොකීවත්‍ ඒ සැමටම උපන්දින අරමුදලේ ප්‍රණාමය හිමි වෙනවා.

දර්ශනය අවසන එක් නිමේශයකදී ජයන්ත හේරත් සොයුරා සමග දොඩමළුවන්නට මට හැකිවුණා.

එහිදී මා මුලින්ම සදහන් කළා මෙන් මෙම වැඩපිළිවෙළට මූලිකව තම මුළු ශ්‍රමය හා කාලය වැයකළේ ඔහු බැව් කියනවාට කිසිසේත්ම කැමතිවුණේ නෑ. විශේෂයෙන්ම මේ සඳහා කැපවූ තිදෙනෙකු ගැන සඳහන් කරන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියා. 

ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක්,නර්තන ශිල්පිනියක් හා ළමා ග්‍රන්ථ කතුවරියක් වන ජානකී සූරියආරච්චි ඉන් එක් අයෙක්. එතුමිය තමයි උපන්දින අරමුදලේ නිල ලාංඡනය නිර්මාණය කළේ. කෙතරම් කාර්‍ය බහුල වුවත් එතුමිය සතයකුදු අය නොකර මෙම නිර්මාණය ඉක්මනින්ම කරදුන් බැව් ජයන්ත සොයුරා වැඩිදුරටත් පැවසුවා.

අනෙක් දෙදෙනා තමයි දොස්තර මංජුලා මහානාම සොයුරිය හා ගොඩ්ෆ්‍රී ඩි සිල්වා සොයුරා. ඔවුන් දෙපළ අප අරමුදල වෙනුවෙන් කළ සේවය වචනයෙන් විස්තර කළ නොහැකි බව ඔහු පැවසුවා. ඒ සේවය ඇගැයීම වස් සමරැ ඵලක දෙකක් ඔවුන් වෙනුවෙන් සෑදු බවත් එය මීළග සභාවාරයේදී ඔවුනට ප්‍රදානය කරන බවත් පවසා සිටියා.

සියල්ල අවසන ඉතාමත්ම සාර්ථක උතුම් ක්‍රියාවක් කළායැයි උදම් සිතින් නිවෙස් කරා ඇඳුණු අප සොයුරැ සොයුරියන්ගේ දෙනෙත් තුළින් ලංකාවේ වෙසෙන ඒ අන්ත අසරණ දූ දරැවන් සිනා සලන අයුරැ මට දැකගන්නට ලැබුණා. 

10580328_10204227539199135_1587888118_n 10589687_10204227541039181_1780711748_n

සටහන චන්දන ගුණසේකර විසිනි.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...