Canvas A1, මයික්‍රොමැක්ස් වෙතින්

-මෙරට ප්‍රථම “Android One” ජංගම දුරකථනය වන Canvas A1, හදුන්වා දෙමින් ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම ජංගම විද්‍යුත් උපාංග සැපයුම්කරුවකු වන මයික්‍රොමැක්ස්, ගුගල් සමාගම සමඟ ඇති සවිමත් බැඳීමේ එක් පියවරක් සනිටුහන් කරයි. මේ අනුව මයික්‍රොමැක්ස් සමාගම “Android One” ජංගම දුරකථන මෙරට පාරිභෝගික ජනතාවට හදුන්වා දෙන ප්‍රථම සමාගමයි. මෙම Canvas A1 ජංගම දුරකථනය Android 4.4 KitKat මෙහෙයුම් පද්ධතියෙන් යුතු වන අතර නවතම Android Lollipop හදුන්වා දීම ද ලබා ගත හැකි ලංකාවේ ඇති ප්‍රථම සහ එකම ජංගම දුරකථනයයි.
නවතම ගුගල් ආකෘතිය, වැඩිදියුණු කළ බැටරි කාලය, සවිමත් වූ ආකර්ෂණ විශේෂාංග සහ ස්මාර්ට් දැනුම්වත් කිරීම ආදි පහසුකම් රුසක් මෙම නවතම දුරකථනයට හිමිවන අතර ඉදිරි දෙවසරක කාලය තුළ අදාල යාවත්කාලීන කිරීම් සෘජුවම ගුගල් වෙතින් ලබා ගැනීමට ද පාරිභෝගිකයන් හට අවකාශ සැලසේ.මිතුරන් සමඟ සංවාදයේ යෙදීමට, සමාජජාල වෙත පිවිසීමට, පුවත් සහ කාලගුණ තොරතුරු දැන ගැනීමට මෙන්ම විනෝද ක්‍රීඩා වල යෙදීමට ද, Gmail, Google Search සහ Google Translate වැනි ගුගල් ඇප්ලිකේෂන් ද මෙම දුරකථනයට ඇතුලත්ව ඇත.
4.5” IPS තිරය, ඉදිරිපස 2MP කැමරාව සහ පසුපස ඔටෝ ‍පෝකස් 5MP කැමරාව, 1GB RAM, 4GB ROM, වේගවත් 1.3 GHz quad-core ප්‍රොසෙසරය, FM රේඩියෝ, ඩුවල් සිම් පහසුකම සහ MicroSD ආදී පහසුකම් වලින් සමන්විත වේ.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...