Politics

“ඔව් මම යනවා පොදු විපක්ෂයේ ආණ්ඩුවකට“ – හරීන් (VIDEO)

“ඔව් මම ආණ්ඩුවට යනවා. ඒ ජනවාරි 9 වැනිදායින් පස්සේ. හැබැයි ඒ පොදු විපක්ෂයෙන් හදන ආණ්ඩුවකටයි” යැයි ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. ආණ්ඩු පක්ෂයට එක්වූ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් හරීන් ප‍්‍රනාන්දු මහතා බදුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව අවධාරණය කළේ ය. ...

Read More »

මෛත්‍රී, දුම්වැටි සමාගම්කරුගෙන් මුදල් ලබාගෙන ස්තුති කොට යැවූ ලිපිය මම ළඟ – ජනපති

මඩ ගැසීම මගේ පිළිවෙත නොවන බව ජනපති කියයි.. හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්වැටි සමාගම්කරුගෙන් මුදල් ලබාගෙන පසුව ස්තුති කොට ලිපියක් යොමුකර තිඛෙන බවද ඒ සම්බන්ධයෙන් වන වාර්තා තමා සතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසු බව දිනමිණ පුවත්පත වාර්තා කරයි. එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බදුල්ල, හාලිඇල දී ඊයේ (21) පැවැති දිවිනැගුම ජනහමුව ...

Read More »

එතකොට නාමල් බබා – හිරුණිකා (වීඩියෝ)

9 වෙනිදා දුමින්ද සිල්වා අනිවාර්යෙන් එළියට එන බව නාමල් කිව්වා.. ජනපතිගේ පුතා මෙතරම් කලක් නිදාගෙන සිටියාද?.. පක්ෂය මාරු කිරීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්දාධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ අවසන් කතාබහ පිළිබඳ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හෙළිදරව්වක් කළේය. ඇය මෙම හෙළිදරව්ව කළේ, ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (21) දිගන ප්‍රදේශයේ ...

Read More »

යහපාලනය ගැන විවෘත විවාදයකට එන්නැයි සුජීව සේනසිංහගෙන් නාමල් රාජපක්ෂට අභියෝගයක් (VIDEO)

විවෘත විවාදයකට එන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඊයේ මැතිවරණ වේදිකාවේදී අභියෝගයක් කළේය. Share

Read More »

ජනපති සටනට රනිල් එන බවට තිස්ස ලණුවක් දුන්නා(VIDEO )

නව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතාව ජනපති අපේක්ෂකයා කරන බවට ජනාධිපතිවරයාට සහතික වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනහමුවක් අමතමින් මේ බව සඳහන් කළේය. (එම වීඩියෝව පහතින් නරඹන්න) Share

Read More »

මෛත්‍රීපාලගේ වේදිකාවට ගිනි තැබීම: සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ (VIDEO)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියක් සඳහා වදුරඹ ඉදිකර තිබු වේදිකාවකට කිසියම් පිරිසක් ඊයේ උදැසන ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තව දුරට ත් ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ අසල නිවසක තිබූ සී.සී.ටි.වී. කැමරාවක සටහන් වූ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව ය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ3ක් මේ වනවිට සටහන් කර ...

Read More »

ජනාධිපති පැරදුණත් තව අවුරුදු දෙකක් අයියෝ සිරිසේනට ඉන්න සිදුවෙනවා.

තිස්ස අත්තනායක අපිට බැණ බැණ ඉදලා ආපු ගමන් සෞඛ්‍ය ඇමති.. මෛත්‍රීපාල අවුරුදු ගාණක් කඹුරලා සෞඛ්‍ය ඇමති වුණා.. කවුද මට වටිනාකමක් දෙන්නේ එතනට මම යනවා.. විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ ප්‍රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත යැයි සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කීය. ඔහුගේ රියදුරු හා ආධාර කරුවන් දෙදෙනාත් සැකපිට ...

Read More »

මංගල – රාජිත විශේෂ මාධ්‍ය හමුව මෙතැනින් නරඹන්න.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා සහ මංගල සමරවීර මහතා සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවක් අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් විය. එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න…. Share

Read More »

තිස්ස අත්තනායක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී (VIDEO)

මෙම උත්සවය පැවැත්වුණේ සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ය. මෙ අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. උත්සවය අමතමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය ධුරය හැර ගිය අවස්ථාවේ දුක් වූවා සේම තිස්ස අත්තනායක මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ද සතුටු වන බව ය. ඔහු එහිදී පැවසුවේ, නාව ...

Read More »