Politics

ඇවන්ගාඩ් සල්ලි ශිරන්තිට දීලා ?

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම සතු මුදල් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය අරමුදලට හා කාල්ටන් ආයතනයට ලබා දීම සම්බන්ධයෙන් අද තමාගෙන ප්‍රශ්න කළ බව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මාධ්‍යහමුවේ පවසා තිබේ. කෙසේනමුත් පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අදාළ සමාගමේ ගිණුම සතු මුදල් වෙනත් ගිණුමකට මාරු කිරීම ගැන එකී සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළ බවය. පස්වරු 1.30ට පමණ හෙතෙම මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි බවත් ...

Read More »

දියවඩන නිලමේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට – මාළිගාවේ සල්ලි ගසාකාලා ?

දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේවන විට ප්‍රශ්න කරමින් සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දළදා මාළිගාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි. දළදා මාළිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස භාවිතා කළැයි කියමින් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාට විරුද්ධව ...

Read More »

පිරිමින් පරදවා කාන්තාවන් කාන්තාවන් පාර්ලිමේන්තු එන දවස ළගයි

ඔඵ පලන, ගිනි තියන, මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අද දවසේ අප වෙත පැවරිලා තියෙන තීරණාත්මකම කාර්ය භාරයයි. මනාප යුද්ධය නැති මැතිවරණ ක්‍රමයක් බිහි වුනොත් විතරයි පිරිමි පරද්දවලා කාන්තාවන් පාර්ලිමේන්තු එන යුගයක් නැවත බිහි වෙන්නේ. සිරිමාවෝ, විවියන්, තමරා, චන්ද්‍රිකලා බිහිවෙන්නේ. මනාප ක්‍රමය පටවලවා ගත් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය තුල ඉඩක්නෑ බෝම්බ ගහන, ගිණි තියන අල්ලස් දෙන, පිරිස් අතර කාන්තාවන්ට තරගයක් දෙන්නට ...

Read More »

විමලුයි ගම්මන්පිලයි පක්ෂය කනවා

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙන්නා අපේ පක්ෂෙට කරන්නේ ලොකු හානියක්. මහින්ද මහත්තයා පෙන්නා ගොඩ වැඩි කර ගන්න හදනවා. මහින්ද මහත්තයා දෙවැනි නායකත්වයක් හැදුවේ නෑ. පක්ෂය කඩා වැටෙනවා. අවුරුදු 47ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ කළ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් කළකිරුණා.‘ යැයි වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා බිංගිරිය වීරපොකුණේ රැස්වීමක දී පැවසීය. ඔහු ශ්‍රීලනිපයේ බිංගිරිය ආසන සංවිධායකවරයා ද වෙයි. ...

Read More »

සජින් වාස් හිරේ – ගෝඨා භයවෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා අද(11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත. මේ අතර තමා අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) ශ්‍රේෂ්ඨාධිකරණයේ ...

Read More »

“ඊළඟ ගොදුර ගෝඨාභය ” – මහින්ද කියයි

තවත් සතියකින් පමණ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ සීනිගම දේවාලයේ පැවැති පූජාවකට එක්වෙමින්. දිගින් දිගටම මෙවැනි පලිගැනීම් සිදුවන බවත් දෙවියන් ඒවා බලාගනු ඇති බවත් හිටපු ජනපති සදහන් කර තිබෙනවා.කුමන තත්ත්වයක් මත වුවද ජනතාව තමන් සමග සිටින බවත් මේ දිනවල වැඩියෙන්ම කාලය ගතවන්නේ පන්සල්වල දේවාලවල බවත් හිටපු ...

Read More »

ගෝඨාභය අපිට එපා !!

දේශපාලන කටයුතු සඳහා එක්‌වන මෙන් බොදුබල සේනා දේශපාලන පෙරමුණ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නිල වශයෙන් කිසිදු ආරාධනාවක්‌ හෝ එවැනි කිසිදු සාකච්ඡාවක්‌ සිදුනොකළ බව එම පෙරමුණ අවධාරණය කරයි. මේ සම්බන්ධ පළවන මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවත් එම චෝදනා සිය සංවිධානය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බවත් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි කථිකාචාර්ය ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරයි. සාවද්‍ය තොරතුරු ...

Read More »

“මෙහෙම පළිගැනීම් කවදාවත් දැකලා නෑ “

මේ යන විදියට අපේ කාලයෙන් වැඩි හරියක් හිරගෙවල් වල සිටීමට සිදුවනු ඇතැයිද තමන් දන්නා දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි පළිගැනීම් සිදුව නැතැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙය ජනතාව බලාපොරොත්තු වූ යහපාලනය නොව පළිගැනීමේ දේශපාලනය යැයි ඒ මහතා කියයි. වසර දෙකහමාරක සිරදඬුවමක් නියමවී සිටින මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති මහින්ද අබේකෝන් මහතාගේ සුවදුක් බැලීමට අද මහනුවර බෝගම්බර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ...

Read More »

රුපියල් මිලියන 21 ක හොර අරක්කු ජොනී ළග

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්ටලරිස් සමාගමේ දෙමටගොඩ ගබඩා සංකීර්ණයක නීති විරෝධි ලෙස අසුරා තිබූ මත්පැන් බෝතල් 68,603 (ලීටර් 20824) හී වටිනාකම රුපියල් මිලියන 21 ක් බව හෙළිවේ. සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු නියමිත බදු මුදල් නොගෙවා නීති විරෝධී ලෙස රටපුරා බෙදාහරිමින් තිබෙන වයඹ ඩිස්ටිලරිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන නිසා රුපියල් කෝටි සිය ගණනක ආදායම් රජයට අහිමි කරමින් ...

Read More »

මුසම්මිල් කට වරද්දා ගනියි

හිටපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට කැඳවීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම වළක්වමින් අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය භාරගැනීම ප්‍රතික්ෂේප කර එය නැවත විනිසුරුවරයාට භාර දෙන්නැයි පැවසු බව කියන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට සිදුකල නියෝගයකට අනුවයි.සහකාර පොලිස් ...

Read More »