400914-01-02

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි කියයි.

එම සාකච්ඡාවට වෙනත් කිසිවකු සහභාගී වී නැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම ගැන එහි දී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.මෙහිදී  හිටපු ජනාධිපතිනිය විසින්  යෝජනා කිහිපයක්  ඉදිරිපත් කර ඇති අතර ඒවාට ප්‍රතිචාර නොදක්වන්නේ නම්  දේශපාලනික තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඇය සඳහන් කර තිබේ.

මේ අතර හිටපු ජනපතිනියගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් පැවැති අතර, ජනාධිපතිවරයා ද සහභාගි විය.

පසුගිය සිකුරාදා රාත්‍රී මංගල සමරවීර මහතා සංවිධානය කළ සාදයට ජනපති සිරිසේන පැමිණියේ නැත.

Check Also

12019991_1038928426159240_1013099426706470936_n

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

12188171_1038882942830455_3632985509014271508_o

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...