4r

කොල්ලන්ගේ මල්ලට කොන්ඩම් ලෑ කෙල්ලන් ගෙදර

පාසල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ගමන් මලුවලට කොන්ඩම් දැමූ ‘චියර් ලීඩර්’ පිරිසකට දඬුවම් නියම කර තිබේ. ටෙක්සාස්හි පාසලක ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් පිරිසට එක් දිනක පන්ති තහනමක් පැනැවූ අතර එක් තරගයකට සහභාගි වීමටද තහනම් කෙරිණි.

මේ ක්‍රියාව නිසා සිසුන්ගේ විනය නීති මාලාව උල්ලංඝනය වී ඇතැයි අධ්‍යාපන බලධාරීහු කියූවද කොන්ඩම් බෑගයන් සඳහා දැමූ ශිෂ්‍යාවන්ගේ වයස් 14 පමණ වන හෙයින් මෙම දඬුවම් සැර වැඩි යැයි සමහර මවුපියෝ අදහස් දක්වති.

“ඒ ළමයි ඒක විහිළුවට කරපු දෙයක්. ළමයින්ට ළමා වැඩ කරන්න ඉඩ දෙන්න ඕනෙ” යැයි තෙරේසා හෝම්ස් නම් මවක් පවසා තිබේ.

පාසල් බලධාරීන් පවසන්නේ මෙම දඬුවම ලබා දුන්නේ ළමයින්ගේ විනය හා හැසිරීම යහපත් කිරීමට බවයි.

උපුටාගැනීම මව්බිම පුවත්පත​

Check Also

b3c4d881199ca76716925c3be7ac7af2_L

“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු ...

Mysterious-640x400

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් ...