david-warner_phil-hughes-ceylonradio-news

ඩේවිඩ් වෝනර් ෆිල් හියුස් ඇද වැටුණු ස්ථානය සිප ගනි.(VIDEO)

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද ආරම්භ වූ සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සුවිශේෂී සිද්ධියක් සිදු විය.

එම තරගය පැවැත්වෙන්නේ, පන්දුවක් වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ෆිල් හියුස් අනතුරට ලක්වූ සිඩ්නි ක්‍රීඩාංගණයේ ය.

එම ක්‍රීඩාංගණයේ ෆිල් හියුස් අනතුරට ලක්වීමෙන් පසු ඇද වැටුණු ස්ථානයේ ඔහු ඒ වන විට රැස් කර සිටි ලකුණු 63 ඉලක්කම තණකොළ මත කපා තිබේ.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 63ක් රැස් කිරීමෙන් පසුව එම ක්‍රීඩාංගණයේ ෆිල් හියුස් ඇද වැටුණු ස්ථානය සිප ගනිමින් ෆිල් හියුස් සිහිපත් කළේ, ප්‍රේක්ෂකයින්ගේ දෙනෙතට කඳුළක් එක් කරමිනි.

Check Also

kumar

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද ...

LAT_SRI_LANKA_CRICK_500885g

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...