ප්‍රංශ ජනපතිගේ පරණ පෙම හෙළි වෙයි

ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ් එරට ජනප්‍රිය සඟරාවකට එරෙහි ව නඩු මගට බැසීමට සූදානම් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජනප්‍රිය නිළියක වන ජූලි ගේයට් සමග ආදර සම්බන්ධතාවක් පැවති බවට එම සඟරාවේ පළ කර ඇති වාර්තාවක් සම්බන්ධයෙන් ඔහු නඩු මගට පිවිසීමට සූදානම් වන බව ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර නොමැති අතර ඔහු පවසා ඇත්තේ, මෙම වාර්තාව තම පෞද්ගලිකත්වය පිළිබඳ අයිතියට එල්ල කර ඇති ප්‍රහාරයක් බව ය.

අදාළ සඟරාවේ පිටු 7ක මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය පිළිබඳව වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් 41 හැවිරිද ජූලි අදාළ වාර්තාව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස අදාළ සඟරාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ජුලියාගේ ඉල්ලීම මත සිය වෙබ් අඩවියෙන් එම වාර්තාව ඉවත් කරන බව එහි කර්තෘවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් සඟරාවේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ වී නොමැත.

newsfirst

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...