rrr

හයිඩි මොන්ටැග් දෙවන BREAST සැත්කමත් කරගෙනලු

මේ කාලයේ කාන්තා රූ සපුව සැත්කම් මාර්ගයෙන් වෙනස් කරගන්නට උත්සාහ දරන්නන් හැමතැනම සිටිනවා. නිරූපිකාවන් නිළියන් මේ සඳහා අධික මුදලක්ද වැය කරනවා.

ඇමරිකාවේ සුප‍්‍රකට ටෙලිවිෂන් තාරකාවක වන හයිඩි මොන්ටැග් ඇගේ පපු පෙදෙසේ දෙවන ප්ලාස්ටික් සැත්කම සිදු කරගත් බව හොලිවුඞ් ඕපාදූප වෙබි අඩවි වාර්තා කරනවා. ඇය 2010දී ඇගේ සිරුරේ ස්ථාන 10 ක ප්ලාස්ටික් සැත්කම සිදු කරගෙන අලුත්ම පෙනුමකට පත්වුණ නමුත් ඇය සමග සිදු කළ මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වලදී ඒ කතාව බොරුවක් බව ඇය කියා තිබුනා.

නමුත් ඇය වසන් කර තිබුණ සියලූ රහස් හෙළිදරව් කරමින් ඇගේ දෙවන බ්‍රේස්ට් සැත්කම පසුගිය සතියේ සිදු කළ බවත් එෆ් සයිස් එකේ සිට ඞී සයිස් එක දක්වා ඇගේ පපුව වෙනස් කළ බවත් ඇගේ ළඟ​ම මිතුරියක සැපයූ ට්විටර් පණිවිඩයකින් එළිදරව් කළා.

ඇය මේ වෙනස්කම කළේ අලූත්ම ටෙලිවිෂන් වැඩසටහනකට සහභාගීවීමේ උවමනාව මත බව ඇය හෙළිකර තිබෙනවා. නමුත් හොලිවුඞ් වෙබ් අඩවි වාර්තා කරන්නේ ඇගේ මේ ප්ලාස්ටික් ශල්‍යකර්ම නිසා ඇයට සිදුවන්නට යන අතුරු ආබාධ තත්ව වැළැක්වීමට දෙවන වතාවටත් මේ සැත්කම සිදු කළ බවකි.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...