icter

අලුත් දොරටුවක් පර්යේෂකයින්ට විවර වේ.

-නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සමුළුව මෙම වසරේ ජූලි මාසයේදී පැවැත්වෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පවසයි. එම හඳුන්වාදීම ඇමෙරිකාව මූලස්ථානය කරගත් ලොව ප්‍රසිද්ධ අයික්‍රිපලි සංවිධානය විසින් සිදුකරනු ලැබේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන ජූලි මාසයේදී මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට නියමිත අතර මෙවර සමුළුව පැවැත්වෙන්නේ පහළොස්වන වතාවට වේ.
ඒ සදහා පර්යේෂණ ඉදිරිපත් කිරීමට කැමැත්තක් දක්වන්නන්ට http/www.icter.org/icter2015 වෙබ් අඩවියෙන් තොරතුරු දැනගත හැකි අතර සෑම පර්යේෂණ නිර්මාණයක්ම මැයි 15 දාට පෙර ලබාදිය යුතු බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා අවධාරණය කරනු ලැබේ. ලැබෙන පර්යේෂණ වාර්තා අතරින් ගුණාත්මක බැවින් යුතු හොඳම පර්යේෂණ තිහක් තෝරාගනු ලබන අතර ඒවා තෝරා ගන්නේ දෙස් විදෙස්හි සිටින පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හසල දැනුමකින් හෙබි විද්වත් මණ්ඩලයක් විසිනි. ඒහිදී හොඳම පර්යේෂණ නිර්මාණය හඳුන්වා දෙන ජාත්‍යන්තර සමුළුවට පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශයේ ලොව සුප්‍රසිද්ධ පරික්ෂක පිරිසක් ද මෙහි පැමිණේ.
මෙම සමුළුව පැවැත්වෙන දිනවලම ඒ හා සමගාමීව යූබීඅයි මීඩියා ජාත්‍යන්තර සමුළුවද පැවැත්වීම තවත් සුවිශේෂත්වයකි.
මෙම කර්තව්‍ය තුළින් ශ්‍රී ලාංකික පර්යේෂකයින්ගේ කීර්ති නාමය කිසිදු වියදමකින් තොරව ලොව පුරා සටහන්වීම මෙහි විශේෂත්වයකි.කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය සංවිධානය කරනු ලබන නිර්මාණශීලීන් හඳුන්වාදීමේ සමුළුව සම්බන්ධීකරණය කරනුයේ මහාචාර්ය කේ.පී.හේවාගමගේ මහතා ඇතුළු පිරිසකි.
ජාතික විද්‍යා පදනම ඇතුළුව ශ්‍රී ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයතන ලෙස සැලකෙන ‘කෝඩ් ජේන්‘, ‘අයිඑෆ්එස්‘, ‘කැම්බියෝ‘ යන ආයතනද මේ සදහා අනුග්‍රහය දක්වනු ලැබේ.

Check Also

Electric car  (2)

Electric Car Charging කොළඹ දී

විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කෙරේ. කොළඹ 08, ටිකල් මාවතේ ...

holsim

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා ...