1546230_819680701417348_7921758245948528183_n

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට..

ප්‍රවාහනයේ පෙරළියක්. ජපන් විදුලි ත්‍රි රෝද රථ හා යතුරු පැදි ලංකාවට..
ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ මහතා සඳහන් කරන්නේ විදුලි වාහන භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට දැවැන්ත වාසියක් වනු ඇති බවයි. සංචාරක කර්මාන්තය සඳහා විශාල නැඹුරුවක් ඇති ලංකාවට මෙවැනි වාහන හඳුන්වාදීම මගින් පරිසරය රැක ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම අවධාරණය කරයි.
Terra Motors විසින් ලබන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය වෙළඳ පොළටද විදුලි ත්‍රි රෝද රථ හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ත්‍රි රෝද රථ සඳහා විශාල වෙළඳ පොළක් තිබේ.
ඉන්ධන මිල අධිකවීම නිසා ඉදිරියේදී විදුලි වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඇතැයි අපේක්ෂා කරන අතර ලංකාවේදී මෙම වාහනවල මිල ගණන් හා ඒවා ආරෝපණය කිරීමට තිබෙන පහසුකම් මත මේවා ජනප්‍රියවීම තීරණය වනු ඇත.
හයිබ්‍රීඩ් වාහන මිලදීගැනීමට ලාංකිකයින් මුලදී එතරම් කැමැත්තක් නොදැක්වුවද මේ වනවිට මෙරට වෙළඳ පොළේ හයිබ්‍රීඩ් වාහන සඳහා හොඳ ඉල්ලුමක් තිබේ.

Terra Motors සමාගම පවසා තිබෙන්නේ ලෝකයේ ඉන්ධන මගින් ධාවනය කරන යතුරු පැදි වලින් සියයට 80 ක්ම ආසියානු කළාපයේ තිබෙන බවත් එය පරිසර දූෂණය වැඩිකිරීමට ප්‍රබල හේතුවක්ව තිබෙන බවයි. සෑම වසරකම වියට්නාමයේ 16,000 ක් පමණ දෙනා වාතය දූෂණය වීම නිසා මියයන බව සමාගම සඳහන් කර තිබේ.

Check Also

12019991_1038928426159240_1013099426706470936_n

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

12188171_1038882942830455_3632985509014271508_o

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...