සහෝදරයා ඔයාට බාරයි දැන්….! (ජවිපෙ නායක අනුර කුමාර)

ජවිපෙ 7 වැනි ජාතික මහ සමුළුව අද (02) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ආධාරකරුවන් රැසකගේ සහභාගිත්වයෙන්, රතු පැහැයෙන් වර්ණවත් වූ සමුළුවට එම පක්ෂයේ දෙස් විදෙස් ක්‍රියාකරීන් රැසක්ද එක්ව සිටියහ. සමුළුව අවසන් වීමෙන් පසු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මීළඟ නායකයා ලෙස තෝරා ගත්තේය. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගෙන් පසු මෙතුවක් කලක් නායකත්වය හෙබ වූ සෝමවංශ අමරසිංහ මහතා අනුර කුමාර දිසානායක වැළඳ ගත් අයුරු.

පක්ෂයට නව මධ්‍යම කාරක සභාවක්ද තෝරාපත්කරගෙන ඇති අතර මීට පෙර පැවැති 25ක සාමාජිකත්වය 30 දක්වා පුළුල් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නව මධ්‍යම කාරක සභාව

1. සෝමවංශ අමරසිංහ මහතා

2. ටිල්වින් සිල්වා මහතා

3. අනුර දිසානායක මහතා

4. විජිත හේරත් මහතා

5. ලාල් කාන්ත මහතා

6. බිමල් රත්නායක මහතා

7. සුනිල් හඳුන්නෙත්ති මහතා

8. ජිනදාස කිතුලෙගොඩ මහතා

9. ආර්. චන්ද්‍රසේකර් මහතා

10. ලක්‍ෂ්මන් නිපුනාරච්චි මහතා

11. නිහාල් ගලප්පත්ති මහතා

12. සමන්ත විද්‍යාරත්න මහතා

13. මහින්ද ජයසිංහ මහතා

14. නලින්ද ජයතිස්ස මහතා

15. ගාමිණී රත්නායක මහතා

16. වසන්ත පියතිස්ස මහතා

17. නීතිඥ සුනිල් වටගල මහතා

18. සමන්මලී ගුණසිංහ මහත්මිය

19. එච්. පී. ධම්මික මහතා

20. චන්ද්‍රික අධිකාරි මහතා

21. වසන්ත සමරසිංහ මහතා

22. සමන්ත කෝරලේ ආරච්චි මහතා

23. සුමතිපාල මානවඩු මහතා

24. එම්.ඞී. විජේරත්න මහතා

25. සිසිර කුමාර වාහලතන්ති‍්‍ර මහතා

26. නාමල් කරුණාරත්න මහතා

27. නලින් හේවගේ මහතා

28. ටී.බී. සරත් මහතා

29. සුදත් බලගල්ල මහතා

30. ජානක අධිකාරී මහතා

මීට අමතරව පක්ෂ ලේකම්, ප්‍රචාරක ලේකම්, ජාත්‍යන්තර ලේකම්, මුදල් ලේකම්, ජාතික සංවිධායක යන තනතුරු තෝරාපත්කර ගැනීමට නව මධ්‍යමකාරක සභාව කටයුතු කරන බවද වාර්තා වේ.

MP Anura Kumara Dissnayake has been unanimously elected as the new Leader of the Janatha Vimukthi Peramuna (People’s Liberation Front) at the party’s 7th National Convention held at the Sugathadasa Indoor Stadium today.

The vociferous JVP Parliamentarian was among the forerunners to take the top post in the party after Somawansa Amarasinghe had offered to step down from the leadership at a politburo meeting due to the declining electoral fortune of the party.

A new Central Committee consisting of 30 members was also elected unanimously while the policy framework of the JVP under the theme ‘Our Vision’ was also adopted at the convention.

The Central Committee is to meet later and elect a General Secretary, Information Secretary, Financial Secretary, Administrative Secretary, International Secretary, National Organizer and a Political Bureau.

The following members were elected for the Central Committee of the party:

• Somawansa Amarasinghe
• Tilvin Silva
• Anura Dissanayaka
• Vijitha Herath
• Lal Kantha
• Bimal Ratnayaka
• Sunil Handunneththi
• Jinadasa Kithulegoda
• R. Chandrasekar
• Lakshman Nipunarachchi
• Nihal Galappaththi
• Samantha Vidyaratna
• Mahinda Jayasinghe
• Nalinda Jayatissa
• Gamini Ratnayaka
• Wasantha Piyatissa
• Attorney at Law Sunil Watagala
• Samanmalee Gunasinghe
• H.P. Dhammika
• Chandrika Adhikary
• Wasantha Samarasinghe
• Samantha Koralearachchi
• Sumathipala Manawadu
• M.D. Wijeratna
• Sisira Kumara Wahalathanthri
• Namal Karunartna
• Nalin Hewage
• T.B. Sarath
• Sudath Balagalla
• Janaka Adhikary

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...