3

Love කරන්න දන්නේ නැද්ද​? එහෙනම් ඇවිත් ඉගෙන ගන්න​

ආදරය කරන්නේ කෙලෙසද යන්න පිළිබඳව ලබන වසරේ සිට නව පාඨමාලාවක් ආරම්භ කරන බව ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක් නිවේදනය කොට තිබේ. කල්කටාවේ ප්‍රසිඩන්සි විශ්ව විද්‍යාලය ආරම්භ කරන එම පාඨමාලාවේ අරමුණ ආදරයේ සමාජ විද්‍යාත්මක ගැටළු හැදෑරීම බව, මලබිකා සර්කාර් උප කුලපතිවරිය පවසයි.

විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන නව පාඨමාලාව හැදෑරීමට වෙනත් ඕනෑම දෙපාර්තමේන්තුවක අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද අවසරය ලැබේ.

කෙසේ නමුත් කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් එයට ඇතුලත් නොවන බව උප කුලපතිනි මලබිකා සර්කාර් අවධාරණය කරන්නීය.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...