fffff

ප්‍රේමයත් බද්දට

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.

පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැක. මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කළ හැක.

දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකිය. එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3කි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරේ. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරයි. සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත‍්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වේ. එය ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් නම් මුදල දෙගුණ වේ. තොල් සිප ගැනීමට යුවාන් 50 කි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකිය.

මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.

මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී ඇත.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...