10424416_742004652512790_1508009993192787744_n copy

ඓතිහාසික නිහ`ඩ සටන් භූමිය මහමළුව

බටුගොඩ එම්. එස්‌. රණතුංග

අතිශයෙන් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩරට රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බල කොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්‌ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසුරිය රජු විසින් මහනුවර රාජ්‍යය පිහිටු වූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජාවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වන දා ත්‍රිසිංහලයේ අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රිසීන්ට හසු වී මෙනි. උඩරට රාජ්‍ය සමය වන විට මෙතෙක්‌ ලංකාවේ නොතිබූ රාජ්‍ය පරම්පාරාවක්‌ ස්‌ථාපිත වන අතර, රජුගේ ප්‍රසාදය දිනා ගනිමින් බලය හා වස්‌තුව වෙනුවෙන් සටන් කළ නව රදළ පැලැන්තිය හා වඩුග නායක්‌කාර වංශිකයින්ගේ කුළල් කා ගැනීම සිංහල රාජ සමය අවසන් වීමට හේතු විය. එම රාජාවලිය අවසානයත් ඉංග්‍රීසින්ගේ යටත් විජිත යුගයේ ආරම්භයත් ඉන් පසුව සිදු වූ දේශපාලන, ආගමික හා සංස්‌කෘතික පෙරළියත් නිහ`ඩව, නිසසලව දරාගෙන බලා සිටින නිසල බවේ සංකේතාත්මක භූමිය වන්නේ මහ මළුවයි.

මහනුවර උඩරට රාජ්‍යයේ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට දූල්ලෑව වලව්ව (වත්මන් රැජින හෝටලය) තෙක්‌ වූ හතරැස්‌ බිම් තීරය දුක, කඳුළ, වේදනාව පමණක්‌ නොව සොම්නස සතුට, ජයග්‍රහණය දරා ගනිමින් අපේ ඉතිහාසය අපට කියා දෙන මහා ග්‍රන්ථයක්‌ වැනිය. සකල ලෝකවාසී ජනතාවගේම ශ්‍රෝෂ්ඨතම පුජනීය වස්‌තුව ශ්‍රී වාම දළදා වහන්සේ අද වැඩ සිටිනුයේ මහමළුව ඉදිරිපිට වූ ශ්‍රී දළදා මන්දිරයේය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කලිඟු රටේ කලිඟු රජුට ලැබුණු වාම දළදා වහන්සේ ඔහුට මුහුණ පාන්නට වූ අර්බුදකාරී අවස්‌ථාවක එම රජුගේ උපදෙස්‌ පිට කිත්සිරිමෙවන් රජුගේ කාලයේදී (රා.ව. 301 – 328) ලංකාවේ කොට්‌ටියාර් පත්තුවේ (ත්‍රිකුණාමලය) ඉලංකතුරේට (ලංකා පට්‌ටනය) වඩමවා ගොඩබැස අනුරාධපුරයේ ධම්ම චක්‌ක විහාරයේ සාදන ලද දළදා මාළිගයේ තැන්පත් කරන ලදහ. මෙතෙක්‌ මාළිගා රජවරුන් උදෙසා පමණක්‌ ඉදි වු අතර, ආගමික මධ්‍යස්‌ථාන, පන්නශාල (පන්සල). වෙහෙරේ (විහාරය) නමින් හැඳින්වූහ. අසපු ආරාම යනුවෙන් ද හැඳින් විය. එහෙත් දන්ත ධාතුන් වහන්සේ ස`දහා ඉදිවූයේ පන්සල් ආරාම නොව මාළිගාය. එතෙක්‌ ත්‍රිසිංහලයේ රාජ්‍ය සංකේතය ලෙස ස්‌ථාපිත වූයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේය. දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව වැඩම වූ පාත්‍ර ධාතුවත් රාජ්‍ය සංකේත බවට පත් විය. මේ නිසාම රජ මාළිගා අසළම දළදා මාළිගා ඉදි වී අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, යාපහු, කුරුණෑගල, යුග පසු කර, ගම්පල යුගයේදී නියම් ගම්පාය විහාරස්‌ථානයේදී තාවකාලිකව තැන්පත් වූ දළදා වහන්සේ කෝට්‌ටේ යුගයෙන් පසු ධර්මපාල රජුගේ කාලයේ දෙල්ගමු විහාරයේ ආරක්‍ෂාව පිණිස කුරහන් ගලක සඟවා මහනුවර පළමුවැනි විමලධර්මසුරිය රජු කළ (ක්‍රි.ව. 1992 – 1604) කාලයේ මහනුවර ඉදිකළ ශ්‍රී දළදා මාළිගයේ වඩා හිඳුවන ලදී. මේ කාලයේ දළදා මළිගාවේ පත්තිරිප්පුව නොතිබූ අතර මහජනතාවට දළදා මාළිගාවට යැමට අවසර නොතිබිණි. එය රාජ්‍ය ආරක්‍ෂාව යටතේ තැන්පත් කර තිබූ බැවිනි. එබැවින් මහජනතාව මහමළුවේ සිට ඈතින් පෙනෙන දළදා මන්දිරයේ වැඩ වසන දළදා වහන්සේ වැ`ද පුදා ගත්හ.

ක්‍රි.ව. 1603 දී උඩරට ආක්‍රමණය කළ පෘතුගීසීන් සෙංකඩගල මහමලුවට පැමිණි අතර, එහිදී ඔවුන් ශ්‍රී දළදා මාළිගාව ගිනි තබා විනාශ කළහ. ඒ සෙනරත් රජතුමාගේ කාලයේදීය. (1604 – 1635) මේ කාලයේ දළදා වහන්සේ මැද මහනුවරට වැඩමවා නැවත දෙවැනි රාජසිංහ රජු කාලයේ (1635 – 1687) නැවත දෙමහල් මන්දිරයක්‌ තනවා එහි වඩා හිඳුවන ලදී. ත්‍රිසිංහලයේ අන්තිම සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 – 1739) නැවත දළදා මැදුර ප්‍රතිසංස්‌කරණය කර ඇත. ශ්‍රී ලාංකිකයන් බොහෝ විට කෲර රජෙකු ලෙස පෙන්වා දෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නිර්මාණාත්මක කලාකරුවෙකු විය. එහෙත් ඔහු කෲර රජෙකු බවට පත්වුවේ හෝ පත් කළෝ අපේම රදළවරුමය. ඔවුනගේ කුළල්කා ගැනීම, බලය හා දේපළ පිළිබ`ද අධික තණ්‌හාව සිංහල රාජ්‍ය අවසානයට හේතු වූවා විය හැකිය. එදා මදුරුවන් පිරි භූමි භාගය අලංකාර වැව් කොමලියක්‌ බවට පත් කළෙත්, තම පෞද්ගලික දේපළක්‌ ලෙස පත්තිරුප්පුව දේවේන්ද්‍ර මුලාචාරියා ලවා කරවුයෙත් ඔහුගේ කලාකාමී බව නිසාවෙනි. එම කලාංග දෙකම අද මහනුවරට ගෙන දෙන්නේ අපුර්වම සුන්දරත්වයකි. තමන් හමුවට එන මහජනතාවට රැඳී සිටීමට මහ මළුව සංවර්ධනය කළ රජතුමා නුවර පෙරහැර බැලීමට හා මහජනතාව ඇමතීමට මහ මළුවට සෙන`ග රැස්‌ කළේය. දෙමළින් ‘පාතඉරිප්පු’ (ඇවිත් බලන්න) නම් අටපට්‌ටම් ආකාරයෙන් ඉදිකළේ 1811 දීය. මුල් කාලයේ මහ මළුව පත්තිනි දේවාලය අතරින් ගිය ඇත් වීදිය ඔස්‌සේ දේව සංහිදට සම්බන්ධව තිබුණි. දේව සංහිද අසළ අලකොළ මඩිත්ත නම් වූ වගුරු බිමක්‌ වු අතර, ඇහැළේපොළ කුමාරිහාමි දරුවන් කොටනලද වංගෙඩිය විසි කළේ එම වගුරු බිමටය. පසු කාලයේ ඉංග්‍රීසි රජය විසින් එම බිම ගොඩකර, ශාන්ත පාවුළු වෙනුවෙන් පල්ලියක්‌ ඉදිකළහ. ඒ සම`ගම මිෂනාරි අධ්‍යාපනය වෙනුවෙන් ශාන්ත පාවුල් විද්‍යාලය පසුකාලීනව ඉදි කළේ මහනුවර දළදා මළිගාව පෙනි පෙනීය. 2000 දශකයේ මුල් භාගයේදී සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙල යටතේ එම විද්‍යාලය එතැනින් ඉවත් කළ අතර, ඒ වෙනුවට අස්‌ගිරි විහාර පරිශ්‍රයේ වාරියපොළ ශ්‍රී සුමංගල නමින් විද්‍යාලයක්‌ ඉදි කළේය.

ත්‍රිසිංහලයේ අවසන් රජු සමයේ පිළිමතලව්ව වලව්ව (වත්මන් ජනාධිපති මැදුර) ඉදිරිපස පැරණි දේවාල වීදිය තිබු අතර, මාළිගා වීදියක්‌ නොතිබිණ. එම හිස්‌ භූමිය ද මහ මළුවට යා විණ. සර් එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාර කාලයෙදී ශාන්ත පාවුල් දේවස්‌ථානය අසළින් වැව දෙසට යැමට ශ්‍රී දළදා විදීය දක්‌වා මාර්ගයක්‌ ඉදි විණ. ඒ දේව මෙහෙයන් ස`දහත් මියගිය ඉංග්‍රීසි ජාතීන්ගේ ආගමික කටයුතු ස`දහා ගැරිසන් සොහොනට යාම පිණිසත් සාන්ත පාවුල් දේවාලයට පැමිණීමේ පහසුවත් ස`දහා ය. මේ නිසා මහ මළුව දෙකට බෙදින. එහි කුඩා කොටස (රැජින හෝටලය දෙසට) වූ කොටස මල් උයනක්‌ වූ අතර, එය ෆීනික්‌ස්‌ උයන ලෙස නම් ලැබීය. ශ්‍රී වික්‍රම රාජ සමයේ මාළිගාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව ස`දහා ඇරැව්වාවල නිළමේ විසින් ධර්ම ශාලාවක්‌ ඉදිකර තිබී ඇත. එය පෙරහැර නැරඹීමට එන ජනතාවට පහසුවක්‌ විය. දූල්ලෑව වලව්ව (රැජින හෝටලය) ඉදිරිපිට මහ මළුවට ඇතුලු වීමට කොරවාහල්කඩක්‌ එකළ තිබු අතර, අද එතැන නව වාහල්කඩක්‌ ඉදි වී ඇත.

ක්‍රි.ව. 1828 මැයි මාසය උදා වන්නේ වෙසක්‌ පුන් පෝයද සම`ගය. මෙකල ආණ්‌ඩුකාර එඩ්වඩ් බාන්ස්‌ සාන්ත පාවුල් පල්ලියට සමාන්තරව පිහිටා ඇති ශ්‍රී දළදා මාළිගයේ වැඩවසන දළදා වහන්සේ ආනුභාවය පරීක්‍ෂා කර බැලීම ස`දහා ශ්‍රී දළදා වහන්සේ මහ මළුවට වැඩම කරවීම නිසා ඇති වනුයේ මහා ගං වතුරකි. කන්ද උඩරට වසා මහා ගිගුම් දී වට වැස්‌සෙන් මහනුවරද මහ මළුවද පිරී ඉතිරී යැමට විය. මෙම ගංවතුර -දළදා වතුර ලෙස පසුව හැ`දින්වින. මේ කතාව දළදා වතුර ග්‍රන්ථයක්‌ව ඉතිහාසයට එකතු විය. 16, 17 සියවස්‌වලදී මහනුවර ආක්‍රමණය ස`දහා පෘතුගීසීන් හා ලන්දේසීන් පැමිණි අතර ඔවුන් කිසි ගරු සරුවක්‌ නොමැතිව මහ මළුවේ කූඩාරම් ඉදිකළේ බලහත්කාරයෙනි. ඒ කාලයේ කිරි මුහුද එතැන නොතිබූ අතර, තිබුණේ ටිගේල් යාය පමණි. මෙසේ ආ විදේශ හමුදා අතර, 1805 දී මහනුවර ආක්‍රමණයට පැමිණි මේජර් ඩේවිගේ හමුදාව සෙංකඩගල රාජ්‍ය විනාශ කිරීමේ අරමුණින් මහ මළුවේ කුඩාරම් ඉදිකළ අතර, මේ වන විට නගර වැසියෝ නගරයෙන් පිටව ගොස්‌ තිබිණ. එදා කළහකාරි ලෙස හැසිරුණු ඩේවිගේ පිරිස මහ වරුෂාවකට මුහුණු දුන්හ. ඒ අවස්‌ථාවේ උඩරැටියන් කළ ප්‍රහාරයෙන් පැරද පලා යන විට නැවත ලේවැල්ලේදී සිංහල හමුදාවේ ප්‍රහාරයට ලක්‌ ව බොහෝ දෙනකු මියගියහ.

1815 දී උඩරට රදළවරුන්ගේ හා ඉංග්‍රීසි අධිපතියන්ගේ කුමන්ත්‍රණ හමුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රිසීන්ගේ අත්අඩංගුවට පත් විය. 1815 මාර්තු 02 දා ත්‍රී සිංහලය ඉංගී්‍රසින්ට පවරා දීමේ ඓතිහාසික කන්ද උඩරට ගිවිසුම ඩොයිලිගේ මග පෙන්වීම මත මඟුල් මඩුවේ අත්සන් තැබීමට නියමිතව තිබිණි. මේ අවස්‌ථාවේ ඉංග්‍රීසී හමුදාව අවි දරා මහ මළුවේ රැඳී සිටියහ. දහසක්‌ දෙනාගේ ශෝකී දෙනෙත් හමුවේ ඉංග්‍රිසීන්ගේ කතිර කොඩිය මහ මළුවේ ලෙළ දුන් අතර, එය දුටු ජාතික හැගීමෙන් යුතු පුජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් වහා ඉදිරියට පැමිණ ඉංග්‍රීසින්ගේ කතිර කොඩිය කඩා බිම දමා පාගා “ගිවිසුම අත්සන් කිරීමට තව කල් තියනවා. එතෙක්‌ බලය අපටයි” පවසා අභිත විරුවෙකු සේ අපේ සිංහ කොඩිය මහ මළුවේ ඔසවනු ලැබීය. මේ දැනගත් ජෝන් ඩොයිලි මහ මාළිගාවට පැමිණ සුමංගල හිමිගෙන් සමාව ඉල්ලා ඇත. ත්‍රී සිංහලයේ රාජ්‍ය අවසානයෙන් පසුව උදා වනුයේ ඉංග්‍රීසින්ගේ අධිරාජ්‍යවාදී පාලන සමයයි. සිංහල ජනතාවට වඩාත්ම උඩරට ජනතාවට මහා පීඩාකාරී අවධියක්‌ උදා කළහ. බලලෝභි රදළවරුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ඉංග්‍රිසීන් ගෙන ගිය පාලනයට විරුද්ධව එදා සිංහලයේ රාජාවලිය අවසන් කිරීමට සහාය දුන් අයම විරුද්ධ විය. රට තුළ විශාල කැරලි කෝලහාල ඇති විය. එයින් ප්‍රමුඛ කැරුල්ල වුයේ කැප්පැටිපොළ මහ නිලමේ විසින් ඇති කළ ඌව වෙල්ලස්‌ස මහ කැරැල්ලයි. එම උඩ රට මහ කැරැල්ල අසාර්ථක වීමට හේතු වූයේ රජ තනතුරට පත් කිරීමට නම් කිරීමට සිටි විල්බාවේ නම් අය රජකමට නුසුදුස්‌සෙකු ලෙස හෙළිවීමයි. එමනිසා කැරැල්ල අසාර්ථකව ඉංග්‍රීසීන් විසින් කැප්පැටිපොළ සහ මඩුගල්ලේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්හ. පසුව ඔවුන් වරදකරුවන් කර මරණ දණ්‌ඩනය නියම කළේ ඉංග්‍රීසි ආණ්‌ඩුවට විරුද්ධ වීම නිසාය. 1818 නොවැම්බර් 13 වන දින සිට දින 13 ක්‌ හිර අඩස්‌සියේ කිළිටි රෙදි කඩක්‌ අන්දවා තබා 1818 නොවැම්බර් 26 බෝගම්බරේදී හිස ගසා මරණු ලැබීය.

මරණයට පෙර මෙම පිරිස දළදා හිමි පුදා තම සළුව දළදා හිමිට පුජා කර අවසානයේ ගහල ස්‌ථානයේ දී ධම්මපදය කියවා ගහලයාට තම බෙල්ලට ගැසීමට යුතු තැන පෙන්වා අභීතව වීරයෙකු සේ මරණයට මුහුණ දුන්හ. එදා එතැන සිටි ඉංග්‍රිසි ආණ්‌ඩුවේ වෛද්‍ය හෙන්රි මාෂල් මෙම කැප්පෙටිපොළගේ හිස එංගලන්තයේ එඩිම්බොරෝහී කාපාල විද්‍යා සංගමේ කෞතුකාගාරයේ පරීක්‍ෂාවට යවන ලදී. එහිදී වෛද්‍ය වාර්තාවේ දුර්ලභ වූ අභිත විරුවකුගේ හිස්‌ කබලක්‌ ලෙස තහවුරු කර තිබිණ. මෙම හිස එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ සිට ගෙන එන ලදුව 1948 පෙබරවාරි 4 නිදහස ලැබීමෙන් පසු 1954 දී නොවැම්බර් 26 වැනි දින පස්‌වරු 4.00 ට මහ මළුවේ කැප්පැටිපොළ ස්‌මාරකයේ තැන්පත් කරනු ලැබුයේ මහනුවර මඟුල් මඩුවේ දින 7 ප්‍රදර්ශනයෙන් පසු මහජන සෝ සුසුම් මධ්‍යයේය.

ඉංග්‍රීසි පාලන සමයේ 1855 – 1860 කාලයේ ලංකාවේ ආණ්‌ඩුකාරයා වූයේ හෙන්රි ජෝඡ් වොඩ්ය. එතුමාගේ කාලයේ 1858 දී කොළඹ නුවර දුම්රිය මාර්ගය තැනීම ආරම්භ විය. ඒ 1858 අගේස්‌තු 03 වැනිදා සමාරම්භය මරදාන දුම්රිය පොළේදී සිදු කිරීමෙනී. එම කාලයේ ඔහුගේ සේවාව ලාංකිකයෝ අගය කළහ. ඒ නිසා 1864 දී පාරක්‌ නිසා මහ මළුවෙන් වෙන් වූ මෙතෙක්‌ ෆීනික්‌ස්‌ උයන යෑයි හැ`දින් වු උයන වොඩ් උයන ලෙස නම් වු අතර, මහනුවර වත්මන් ඔර්ලෝසු කණුව අසල සිට දළදා මාළිගාව දක්‌වා වු වීදිය වොඩ් වීදිය ලෙස නම් විය. මේ අතර, 1864 දී බ්‍රිතාන්‍ය තරුණ සංගමය හෙන්රි වොඩ්ගේ ලෝහමය ප්‍රතිමාවක්‌ නිමකළ අතර, ලංකාවට ගෙන ආ එය වොඩ් උයන හා මහ මළුව අතර වූ මහ මාර්ගය මැද වැව දෙසට ස්‌ථාපිත කළේ 1860 – 1865 මැකැර්ති ආණ්‌ඩුකාර කාලයේදීය. මෙම ප්‍රතිමාව 1972 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක සම`ගි පෙරමුණු කාලයේ විශ්වවිද්‍යාල සිසුනගේ අධිරාජ්‍ය විරෝධි සටන් පෙළපාලියකදී කඩා බිම දැමීමට උත්සහ දෑරූහ. එය නොහැකි වුවද එහි බස්‌තම දෙකට නමා දැමීමට ඔවුනට හැකි විය. මෙය සිසුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම පිණිස රජය එතැනින් ප්‍රතිමාව ඉවත් කළ ජාතික කෞතුකාගාරයේ ස්‌ථාපිත කළහ. මේ වන විට ඉංග්‍රීසීන් ඔවුනගේ වීරත්වය පෙන්වීම පිණිස අශ්වයෙකු පිට නැ`ගි තුවක්‌කුවක්‌ රැගෙන යන නාඳුනන සෙබළෙකුගේ ප්‍රතිමාවක්‌ වොඩ් උයනේ ස්‌ථාපිත කර තිබූ අතර, එය හමුදාව ලවා ගලවා මහනුවර යටිනුවර වීදියේ හමුදා නිළ නිවස්‌නයේ ආරක්‍ෂිතව ස්‌ථාපිත කළේය.

තමාගේ යටත් විජිතයක්‌ වූ ලංකාවේ සංචාරය ස`දහා එංගලන්තයේ හත්වැනි එඩ්වඩ් රජුගේ නාමයෙන් කිරුළ පැළදී වේල්ස්‌ කුමාරයා ලංකාවට පැමිණෙන බව 1875 දී දන්වා තිබිණි. -වත්මන් චාල්ස්‌ කුමරුගේ සීයා. මේ හේතුව නිසා ඉංග්‍රිසීහු රාජසිංහ රජු විසින් අඩක්‌ නිම කළ තිබු මහනුවර වැව වත්මන් ස්‌ථානය දක්‌වා විශාල කර, වළාකුළු බැම්ම ද අවසන් කළේ හිරකරුවන් යොදවමිනි. 1840 දී පල්ලේදෙණිය වැව හෙවත් බෝගම්බර වැව කඩා හිස්‌ කරන අතර, එය එදා වත්මන් බෝගම්බර පිට්‌ටනිය, ඔර්ලෝසු කණුව, මධ්‍යම වෙළ`දපොළ, මහනුවර මහජන බැංකු හා යටිනුවර වීදිය (පල්ලේදෙණිය) වීදිය දක්‌වා විහිදී තිබු බව කියෑවේ. ඇහැළේපොළ දේවිය ගිල්වනු ලැබුවේ දැනට දළදා වීදියේ පිහිටි කොඩිතුවක්‌කු ගොඩනැගිල්ල අසළ බව සැක කෙරේ. මෙම සංවර්ධන ව්‍යාපෘති වේල්ස්‌ කුමාරයා විවෘත වන අතර, එම ගමන සිහිපත් කිරීම ස`දහා ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ම`ගින් මහ මළුව හා වොඩ් උයන මාර්ගය අතර මඟ, මුලාදෑනී මන්දිරය ඉදිරිපිට 1875 දී වතුර මලක්‌ ඉදිකළහ. එමෙන්ම මහනුවර වැවට ඉහළින් වූ කඳුගැටය දර්ශනීය මල් වත්තක්‌ කළ ඔවුන් එය -වෙල්ස්‌ පාක්‌ යනුවෙන් නම් කළහ. එය අද වෙල්ස්‌ පාක්‌ නමින් පෙම්වතුන්ගේ පෙම් තොටිල්ලක්‌ බවට පත්ව තිබේ.

සොල්බරි කොමිසමේ නිර්දේශ මත ලැබූ ප්‍රජාතාන්ත්‍රික නිදහස්‌ ආණ්‌ඩු ක්‍රමය 1948 පෙබරවාරි 04 වනදා නිදහස්‌ චතුරස්‍රයේ ආරම්භ වූයේ ඒ ප්‍රථම අගමැති ලෙස ඩී.එස්‌. සේනානායක මහතා දිවුරුම් දීමෙනි. 1952 දිවංගත එතුමා සිහිකිරීම පිණිස 1969 පෙබරවාරි 4 වැනි දින එතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා විසින් මහ මළුවට යාව පිහිටි මද්දුම බණ්‌ඩාර උයනේ (බොඩි උයනේ) ඩී.එස්‌. සේනානායක පිළිරුවක්‌ විවෘත කළහ. පළමුව මෙම උයන ෆීනික්‌ස්‌ උයන ලෙසද ඉන්පසු වොඩ් උයන ලෙසද ඊට පසු ප්‍රෙඩ් ඊ සිල්වා උයන වූ එය 1977 මැයි 17 වැනිදා සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය වීර මද්දුම බණ්‌ඩාර උයන ලෙස නම් කරනු ලැබුයේ 1968 මැයි 17 වැනිදා (මද්දුම බණ්‌ඩාර අනුස්‌මරණ දිනය) වීර මද්දුම බණ්‌ඩාර ළමා පෙරමුණ ඉදිකර මද්දුම බණ්‌ඩාර ප්‍රතිමාව ඉදිකරමිනි. පසුව 1977 බලයට පැමිණි ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ මහ මළුව හා මද්දුම බණ්‌ඩාර උයන අතර වූ මාර්ගය වසා මද්දුම බණ්‌ඩාර උයනද මහ මළුවට එකතු කරනු ලැබීය. 1765 දී ලන්දේසි ජාතිකයකු විසින් අඳින ලද මහනුවර මාළිගා භූමියේ සිතියමක පිටපතක්‌ මහනුවර කෞතුකාගාරයේ ඇති අතර, එහි අල්ලා ගනු ලැබූ අනතුරුව 1765 පෙබරවාරි 18 වැනි දින බාරම් පොක්‌ ආණ්‌ඩුකාරයා විසින් පැහැර ගනු ලැබු මාළිගාව යනුවෙන් ස`දහන් වේ. එහි මහ මළුව ‘ය’ සටහන් කොට රාජකීය උද්‍යානය ලෙස නම් කර ඇත.

1948 නිදහස ලැබීමෙන් පසු මහ මළුව හා පත්තිරිප්පුව මහනුවර නගර සභාව සතු වනඅතර, මහ මළුව ආගමික කටයුතු ස`දහා පමණක්‌ නොව දේශපාලන කටයුතු ස`දහා යොදවනු ලැබීය. 1960 බලයට පැමිණි සිරිමාවෝ රජය හා විපක්‍ෂය සතු මහ මළුව ස`දහා ප්‍රශ්නකාරී තත්වයන් ඇතිවිය. එක්‌ අවස්‌ථාවක රජයේ විරුද්ධත්වය නොතකා විපක්‍ෂයට අශිර්වාද පතා ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පිරිත් පිංකමක්‌ සංවිධානය විය. එය ආගමික කටයුත්තක්‌ ලෙස නගර සභාව පෙන්වූ අතර, එය දේශපාලන රැස්‌වීමක්‌ බව රජය කීහ.

එය ආන්දෝලනාත්මක ප්‍රශ්නයක්‌ බවට පත්විය. 1965 බලයට පත් සේනානායක හවුල් රජයෙන් මහනුවර පුරපති ඊ. එල්. සේනානායක මහතාගේ ඉල්ලීමකට අනුව නගර සභා සියවස 1866 – 1966 නිමිති කොට එකල රාජ්‍ය ඇමති ෙ-.ආර්. ජයවර්ධන මහතා විසින් 1966 මාර්තු 30 වන දින මහ මළුව සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළහ. ඒ අනුව නිදහසේ තිබුණු මහ මළුව වටා යකඩ වැටක්‌ ඉදි විය. එම උයන මල් උයනක්‌ විය යුතු යෑයි නාගරික මන්ත්‍රිවරු කී අතර, නගර සභාව විසින් නගර සභා අරමුදල වෙනුවෙන් පෙරහැර සමයේ මුදලට විකිණෙන ආසන ඉදි විය. එයද වාද විවාදවලට හේතුවක්‌ විය. 1970 දී මැයි 27 වැනි දින 2/3 වඩා ඡන්ද ලබා බලයට පැමිණි සිරිමාවෝ ගේ සමගි රජයයි. 1972 මැයි 22 වැනිදා ලංකා අණ්‌ඩු ක්‍රමය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජතන්ත්‍රවාදී ජනරජයක්‌ බවට වෙනස්‌ කිරීමට ඈ සමත් වුවාය. එය ප්‍රකාශයට පත් කළේ එම ඓතිහාසික මහ මළුවේදීය. ඒ අවස්‌ථාවේ නගර සභාව සතුව තුබූ මහ මළුව හා පත්තිරිප්පුව රජයට පවරා ගත් ඇය පත්තිරුප්පුව ශ්‍රී දළදා මාළිගයට පුජා කළාය. මහ මළුව රජය සතු විය. 1972 මැයි 23 වැනි දින ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජාතික ධජය මහ මළුවේදී ජනතා ආශිර්වාද මැද එසවූ ඇය ජනරජ ලාංඡනය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රි ලංකා ජන රජයේ ප්‍රථම අගමැති ලෙස ජාතිය ඇමතුවාය. 1980 දී සිරිමාවෝට ප්‍රජා අයිතිය අහිමි විය. එයට හේතු ලෙස දුටුවේ 1965 දී ෙ-.ආර්. මහතාට පිරිත් පිංකමට මහ මළුව ඉඩදීම නිසා එයට පළිගැනීමක්‌ ලෙස මහමළුව රජයට ගත් බවත්, එයින් හිත් වේදනාවට පත් නගරාධිපති සේනානායක මහතා 1977 බලයට පත් වු පසු එකට එක කිරීමක්‌ ලෙස 1980 දී කෘෂිකර්ම ඇමැති ලෙස ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කළ බව විරුද්ධ පාක්‍ෂිකයෝ චෝදනා කළහ.

ඇගේ රජය විසින් රජයට පවරාගත් මහ මළුව වටා තිබූ යකඩ වැට ඉවත් කළ අතර, ලියකම් සහිත කොන්ක්‍රිට්‌ කණු සහිත වැටක්‌ ඉදි කළහ. ඒ සම`ග නියෝගයක්‌ නිකුත් කළ ඇය එදා පටන් කිසිම දේශපාලන කටයුත්තකට මහමළුව යොදා ගැනීම තහනම් බවට නියෝගයක්‌ නිකුත් කළාය. ආගමික කටයුතු ස`දහා පමණක්‌ මහ මළුව වෙන්කළාය. එය ඇගේ මුල්ම රාජකාරි ලියවිල්ල විය.

ඉන් වසර 7කට පසු බලයට පත්වූ ධර්මිෂ්ඨ සමාජයක්‌ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුන ෙ-.ආර්. ජයවර්ධන මහතා 5/6 අධික ඡන්ද බලයක්‌ ලබා රටේ අග්‍රාමාත්‍යවරයා විය. බලයට පැමිණි එතුමාගේ මුල්ම කාර්යය වූයේ 1977 මැයි 27 වැනි දින මහනුවර පත්තිරිප්පුවේ සිට මහජනතාව අමතා මෙතෙක්‌ රජය සතුව තිබූ මහ මළුව ශ්‍රී දළදා මාළිගාවට පූජා කිරීමයි. එමෙන්ම රටේ ජනයාගේ පත්තිරිප්පුවේ සිට ජනතාව ඇමතීමේ අලුත් සම්ප්‍රදාය බිහි වූ අතර මහජනතාව මහ මළුවේ රැස්‌ව සිටියහ.

1978 දී විධායක ජනාධිපති අණ්‌ඩුක්‍රමය බිහි වූ අතර එහි අග්‍රාමාත්‍යවරයා වූයේ ආර්. ප්‍රේමදාස මහතාය. ඔහු විසින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ලෙස මහමළුව සංවර්ධන ව්‍යාපෘතියක්‌ ආරම්භ කළ අතර, 1987 දළදා 3 වැනි මුල්ගල තබනු ලැබීය. මෙතෙක්‌ පාරක්‌ නිසා වෙන්ව තිබු මද්දුම බණ්‌ඩාර උයන හා මහමළුව එකම මහමළුව බවට පත් විය.

සෑම වසරකම මාර්තු 2 දා සිංහලයාට අමතක නොවන දිනයකි. එය වාරියපොළ ශ්‍රී සුමංගල හිමිගේ වීර ක්‍රියාවය. එය පමණ 1979 මාර්තු 2 වැනිදා එම ගුණ සැමරුම් අවස්‌ථාවේ ප්‍රවීණ කලා ශිල්පී හෙන්රි ධර්මසේනයන්ගේ අතින් නිර්මාණය වූ වීර වාරියපොළ ශ්‍රී සුමංගල හිමිගේ ප්‍රතිමාව මහමළුවේ දී නිරාවරණය වුවේ ෙ-.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සුරතිනි. එයද ජාතියේ සදානුස්‌මරණීය සංකේතයකි.

වර්ෂ 1998 දෙසැම්බර් 18 වැනි දින ජාතික දේශපාලනය නව මඟකට යොමු කරමින් අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත්හ. ඒ වෙනුවෙන් දිවුරුම් දීමේ උත්සවය ඓතිහාසික පත්තිරුප්පුවේදී 19 ජනවාරි 02 දා සිදු වූ අතර, අති විශාල ජනකායක්‌ මහමළුවේ රැස්‌ව සිටියහ. ෙ-.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ලෙස ආරම්භ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් ඉන්පසු සෑම වසරකම ජනවාරි 02 දා එතුමා ජනාධිපති ලෙස සිටි කාලය තුළ ජනාධිපති පදවි ප්‍රාප්ති උළෙල පැවැත්වූයේ පත්තිරුප්පුවේ සිට ජනතාව ඇමතීමෙනි. 19…. දී ජනවාරි 02 දා එම උළෙලට පැමිණි එතුමා ශ්‍රී ලංකාවට දන්ත ධාතුන් වැඩමවා ගෙන ආ හේමමාලි, දන්ත කුමරුගේ ප්‍රතිමාවක්‌ මහ මළුවේ නිරාවරණය කිරීම ඓතිහාසික සිද්ධියකි. 1993 මැයි 01 වැනිදා එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් එතුමා ඝාතනය වීමෙන් පසු ඩී. බී. විෙ-තුංග මහතා ජනාධිපති බවට පත්වුදා කිසිම කටයුත්තක්‌ ස`දහා මහමළුව භාවිත නොකළහ. 1994 ඔක්‌තොම්බර් 24 වැනිදා ජනාධිපති ලෙස පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන කාලය තුළ 1998 ජනවාරි 25 වැනිදා දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක්‌ එල්ල වන අතර එහිදී දළදා වන්දනාවට පැමිණි වන්දනාකරුවන් 9 දෙනෙකු මරණයට පත් විය. 110 දෙනකු බරපතළ තුවාල ලැබීය. ඔවුන්ගේ සිරුරු කැබැලි මාළිගාවේ සුන්බුන් හා මළ කඳන් මාළිගා පරිශ්‍රයේ ද, මහ මළුවේද විසිර පැවැතිනි. එය දකින්නන්ගේ හද කම්පා කරවන ජාතියේ මුදුන්මල් කඩට වු ප්‍රහාරයක්‌ සේ සැළකේ. මේ කාලයේ කිසිම දේශපාලන කටයුත්තක්‌ මහමළුව හෝ පත්තිරිප්පුවේ සිදු නොවු අතර, ප්‍රේමදාස රජය ඇරඹි මහමළුව සංවර්ධන කටයුතු දිගටම කරගෙන ගියහ. 1999 ජනාධිපතිවරණයෙන් ද චන්ද්‍රිකා මැතිනිය බලයට පත් වූ අතර 2004 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති බවට පත් විය. මහ මළුව ආගමික කටයුතු ස`දහා පමණක්‌ භාවිත කිරීම සිරිමාවෝ මැතිනියගේ ඉල්ලීමකට කරන ලද ගරු කිරීමක්‌ සේ පෙනේ. කෙසේ වුවද, අනාගත පරපුරට මහමළුව කියා දෙනුයේ නිහ`ඩ කතාන්තරයකි. එයට අපගේ අවධානය යොමු විය යුතුය.

Check Also

12

Vesak Poya Day Program Sri Sambuddha Vihara Liverpool

Share

A_4

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...