Tag Archives: ceylon radio

එයාර් ලංකා මොනරා වෙනස් කිරීමේ දුක මැරෙන තුරු තියේවි.

තිස්පස් වසරකට පෙර එයාර් ලංකා ගුවන් සේවාවේ මොනරා ලකුණ ඇන්දේ ඔහුය. ඒ මොනරා ලෝකය වටේම ගියේය. එදා මොනරා ඇඳි ඔහුට ලැබුණ තෑග්ග වුණේ එංගලන්තයේ මසක සවාරියකි. කලකට පසු ඒ මොනරා වෙනස් විය. අපේ නිර්මාණ ශිල්පියා එයින් අතිශය කනගාටුවට පත්වූයේය. එහෙත් ඔහු බොහෝ දිගු ගමනක් ගියේය. ලාංඡන පමණක් නොව බොහෝ වෙළෙඳ දැන්වීම් ද නිර්මාණය කළේය. බොහෝ ව්‍යාපාරවල ආරම්භක ලාංඡන නිර්මාණකරු ඔහුය. ...

Read More »

නාහිමියන් ඉස්ලාම් කර මතින් අවසන් ගමනේ.. බලවු ! නිවෙවු !! සැනහෙවු !!!

දෙවනගල හෙම්මාතගම කපුරක බෞද්ධ විහාරස්ථානයෙහි නායක විහාරාධිපති නාහිමිපාණන්ගේ හදිසි අපවත්වීම එම ප්‍රදේශයෙහි බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් ජනතාවටද අතිශය ශෝකී සිදුවීමක් විය. එම අපවත්වීම ප්‍රදේශයට දැවැන්ත අහිමිවීමක් බවද ප්‍රදේශවාසීහු පවසති. අපවත්වී වදාළ නායක හිමිපාණන් සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඉතා සුහඳව හා මිත්‍රිශිලිව කටයුතු කළ හිමිනමක් වූ අතර දේහය ඉස්ලාම් ආගමිකියන් විසින්ද පෙරහැරේ ගෙන යාම විශේෂ සිද්ධියක් විය. – සිංහල බෞද්ධයෙක් ...

Read More »

තරග කළ අනෙක් නිළියන්ට අත්වූ ඉරණම ගැන කනගාටුයි – ගීතා කුමාරසිංහ

බෙන්තර, ඇල්පිටිය ඇතුළු ගාලු දිසාවේ ජනතාව මට ඡන්දය දී පත්කර ගත්තේමා නිළියක් වූ නිසා නොවේ. වැඩ කළ හැකි දක්ෂ ගැහැනියක් බව ඔවුන් දන්නා නිසයි. දකුණු පළාත් සභාවට තේරීපත්ව සිටින එකම කාන්තාව වන ගීතා කුමාරසිංහ මහත්මිය ලක්බිමට පැවැසුවාය. ඇය මෙසේද කීවාය. මට විශාල වැඩ කොටසක් කිරීමට තිබෙනවා. මෙය මගේ රඟපෑමක් නොවේ. ගමේ ගොඩේ දහදුක් විඳින ගැහැනුන් වගේම මටත් දුක් කරදර දරාගෙන ...

Read More »

හාල්මැස්සොයි ‍පොල් සම්බෝලයි එක්ක බත් කන එක තමයි ප්‍රියතම ආහාරය- ලහිරු තිරිමාන්න

ළඟදි විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?……..ඇත්තටම ක්‍රිකට්වලින් ඉදිරියට යන්න වුණත් හොඳ සහකාරියක් ලැබිම ලොකු පිටිවහලක් නේද? ඔව් ඒක සීයට සීයක් ඇත්ත. ක්‍රිකට් ක්‍රීඩකයින් හැටියට අපි ගත කරන ජීවිතේ ටිකක් වෙනස්. ඉතින් ඒක අවබෝධ කරගන්න පුළුවන් සහකාරියක් ඉන්නම ඕනෙ. නැත්නං හැම දෙයක්මඅවුල් වෙන්න පුළුවන්. දැනටමත් ආදරවන්තියක් ඉන්නව මයෙ හිතේ? ඔව්……අවුරුදු හයක් විතර වෙනව අපේ සම්බන්ධයට. ඇය ඉතාම හොඳින් මගේ කටයුතුවලට සහයෝගය ...

Read More »

දෙපළාතම සන්ධානය දිනුම්.. තුන්වන බලවේගය ෆොන්සේකා

ඊයේ පැවති බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයෙන් පළාත් දෙකේම ජයග‍්‍රහණය ලබා ගන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ. බස්නාහිර පළාත් සභාව සඳහා සන්ධානයට ආසන 56ක්, එජාපය 28ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන 09ක්, ජවිපෙට 06ක්, ප‍්‍රජාපෙට 02ක්, මුස්ලිම් කොංග‍්‍රසයට 02ක් ලෙස ආසන බෙදී ගොස් ඇත. දකුණු පළාත් සභාවේදී සන්ධානට ආසන 33ක්, එජාපය 14ක්, ජවිපෙට 05ක්, ප‍්‍රජපෙට 02ක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ආසන ...

Read More »

ගාල්ලේ ගාල්ල ආසනයේ ජය එජාපයට

ඡන්ද 19,348ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ආස‍නයේ ජය හිමි කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් ව තිබේ. ගාල්ල ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 18,611කි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 6,061ක් ලබා ගනිමින් ගල්ල ආසනයේ තෙවන ස්ථානයට පත්ව තිබේ. ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයට ගාල්ල ආසනයෙන් හිමි ව ඇති ඡන්ද සංඛ්‍යාව 4,355කි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ආසනය සඳහා ඡන්ද දායකයින් 78,287 ...

Read More »

සටන ඉවරයි යෝජනාව සම්මතයි

සංජය දසනායක ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 05ක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට ඡන්ද විමසූ අවස්ථාවේ 23:12ක් වශයෙන් වැඩි ඡන්ද 11කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඇමෙරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්ද 23ක්ද, ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්ද 12ක්ද ලැබුණු අතර රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ අනුව ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අතරතුර සිදුවූවා යැයි ...

Read More »

දුලංජලීට සල්ලි දුන්නු කෝටිපති ව්‍යාපාරිකයා හොර නෝට්ටු රජෙක්

දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ජයකොඩි මහත්මියට රුපියල් විසි ලක්ෂයක් වටිනා රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 400ක් ලබාදී තිබූ ඇඟලුම් කම්හල් කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ නිවෙසේ තිබූ තවත් රුපියල් විසි ලක්ෂයක රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 403ක් රහස් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ අනුව මෙතෙක් සොයාගෙන ඇති රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තොගයේ වටිනාකම රුපියල් 40 ලක්ෂයකට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් ...

Read More »

එල්ලුම් ගහේ හා අලුගෝසුවන්ගේ අතීත කතා.

ලංකාවටම එල්ලුම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනික බෝගම්බර බන්ධනාගාරයේය. මරණීය දණ්ඩනය නතර කිරිමත් සමඟ එල්ලුම් ගස් දෙකටම විවේක ලැබී ඇත. එල්ලුම් ගහට නිවාඩු ලැබුණත් එල්ලුම් ගහ ක්‍රියා කරවන අලුගෝසුවාට නිවාඩු නැත. ඔහු රාජකාරියට පැමිණිය යුතුය. කලක් පුරප්පාඩුව පැවැති අලුගෝසු (වධක) තනතුරට තුන්වැනි වරටත් පුද්ගලයකු පත්කර ගත්තේය. වීරයකු මෙන් රැකියාවට පැමිණි ඔහු පුහුණුවීම් අතරතුරේම අලුගෝසු තනතුර හැර දමා යන්නට ...

Read More »

ජාතියේ දිවි රැක දුන් ආශ්චර්යමත් ආහාරය

* වස විෂ නසයි හදවත සුරකියි * පිළිකා නසයි * තරබාරුව මට්‌ටු කරයි * දියවැඩියාව පාලනය කරයි උද්භිද විද්‍යාත්මකව Cariota urens ලෙසින් හැඳින්වෙන කිතුල් ගසෙන් වසර දෙදහසකටත් පෙර සිට මෙරට වැසියන් ඵල ප්‍රයෝජන ගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එකල සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රාජ භෝජනයේද අත්‍යවශ්‍ය ආහාරයක්‌ ලෙස කිතුල් පැණි, හකුරු, තෙලිදිය සහ කිතුල් පිටි භාවිතයට ගෙන ඇත. 1830 වර්ෂයේ මෙරට ...

Read More »