අගෝස්තු-ඔක්තෝබර් අතර සුනාමි අවදානමක්

අගෝස්තු මස 19 වැනිදා සඳුදා පාන්දර 1.59ට අඟහරු, සඳු හිමි කටක රාශිය තුළදී නීච තත්ත්වයට පත්වෙයි. මුල කේන්ද්‍රයේ අධිපතියා නීච රාශිගතව විශ්ව කේන්ද්‍රයේ චතුරස්‍ර හා අසවය ස්ථාන ගතවෙයි. අඟහරු ක්‍ෂණික ප්‍රතිඵල ඇතිකරන කෘෘර ගති ඇති තදබල පාපියෙකි. සෞම්‍ය ගතිය ඇති ජලයට අධිපති සඳුගේ රාශියක අඟහරු නීච වීම මුළුමහත් විශ්වය තුළම විපර්යාස ඇතිකරවන පිහිටීමකි.

සඳුදා දිනයක අඟහරු සඳුගේ රාශිගත වන විට ගුරු හෝරාවේ සඳුගේ විසම පංචයක් පැවැතීම අසුබ ක්‍රියාවක පෙර නිමිති නිරූපණය කරන ක්‍රියාදාමයකි. විශ්ව කේන්ද්‍ර අධිපතියා නීච රාශිගතව කටක රාශිය තුළ සිටින විට දුකට මරණයට මූලිකව බලපාන සෙනසුරු තදබල පාප දෘෂ්ටියෙන් අඟහරු පීඩනයට ලක්කරයි. අඟහරුද දෘෂ්ටියෙන් සෙනසුරු දකී. මෙම ග්‍රහයන් දෙදෙනා අනේ‍යාන්‍ය දෘෂ්ටියෙන් එකිනෙකා දකින විට මුළුමහත් විශ්වයම කැලඹෙයි. මෙහි බලපෑම් මත අගෝස්තු 20 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා කාලය තුළදී මහ සයුරේ භූකම්පාවක් හට ගැනීමට පුළුවන. මෙමඟින් මුහුද ගොඩගැලීම් තත්ත්වයක් නැවැතත් ඇතිවිය හැකිය.

ජේ‍යාතිෂවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ

Check Also

Human Aura

How to See the Human Aura in 5 Minutes – Learn to See an Aura

Seeing the Aura of someone else? pretty freaking and you never thought possible right? Today ...

දවසේ පලාඵළ​

වර්ශ 2013 ජූලි විසි දෙක සඳුඳා  මේෂ​ පවුලේ සමගියට යම් බාධාවන් එල්ල වීමට ඉඩ තිබේ. විශේෂයෙන් ...