14.8 C
London
Friday, May 23, 2025
spot_img

අඟහරුගේ අභිරහස් සොයා “කිව්‍රියෝසිටි” ගමනේ

නාසා ආයතනය සතු බිලියන 2.5 ක් වටිනා රොබෝ රෝවර් යානය අඟහරු මත සාර්ථකව ගොඩ බැස්වීමට සංකීර්ණ ක්‍රියාදාමයන් පෙළක් උපයෝගී වුණා. මේ අතර පැරෂූට, ප්‍රතිගාමක රොකට්ටු සහ අභ්‍යාවකාෂ දොඹකර අතුළත් වුණා. ෂටල වැඩ සටහනට පසුව වුව ද ඇමරිකාව අභ්‍යාවකාශයේ තම ආධිපත්‍යා සවිමත් කර ගත්හ.
ඇමරිකාව පවසන “මිනිත්තු හතක ත්‍රාසය” අවසානයේ කාරයක් තරම් වූ මෙම කුඩා විද්‍යාගාරය තම සාර්ථක ගොඩබෑම සනිටුහන් කරමින් පෘථිවිය වෙත ඡායාරූප සම්ප්‍රේෂණය කරන ලදී. ඡායාරූප අතර තම රෝදය පෙනෙන පරිදි ගත් ඡායා රූපයක් සහ දූවිලි සහිත අඟහරු පොළොව මතුපිට තම සෙවනැල්ල සහිත ඡායාරූපයක් වෙයි.
කැලිෆෝනියාවේ පිහිටි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ප්‍රථම ඡායාරූපය ලැබුණ අවස්ථාවේ දී විද්‍යාඥයින්ගේ සහ ඉංජිනේරුවන්ගේ ප්‍රීති ඝෝෂා සහ අත්පොළසන් හඬින් මැදිරිය පිරී ගියේය. “මිනිත්තු හතක ත්‍රාසය, මිනිත්තු හතක විජයග්‍රහනයක් බවට පත් වූවා” නාසා ආයතනයේ විද්‍යා ප්‍රධානියා පවසා සිටියේය.
කිසිවෙකු හට අභ්‍යාවකාශය තුළ ඇමරිකාවේ නායකත්වය පිළිබඳ සැකයක් තිබුණේ නම් දැන් සැක හැර ගැනීමට ටොන් එකක් බර වූ, වාහනයක් තරම් වූ, ඇමරිකාවේ විචක්‍ෂණ ඥානයේ කොටසක් අඟහරු මත පවතින බව ජනපති ඔබාමාගේ විද්‍යා උපදේශක ජෝන් හෝල්ඩ්‍රන් පවසයි.
මෙම සතිය අතුළත අඟහරුගේ සමකය ආසන්න තම පිහිටීමේ පැහැදිලි වර්ණ ඡායාරූප කිවුරියස් වෙතින් ලබා ගැනීමට අපේක්‍ෂා කරයි. සතියකට දෙකකට පසුව පරීක්‍ෂණ ධාවනයක් කිරීමට බලාපොරොත්තු වන අතර වැදගත් ගවේශනයන් තව මාස කිහිපයක් යන තෙක් ආරම්භ නොවනු ඇත.
න්‍යශ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන රෝවරය ගේල් ආවාටයේ රසායනය සහ භූ විද්‍යාව අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් අඟහරු මත ප්‍රාක්තම ජීවීන් පැවතියේ ද යන්න සඳහා සක්‍ෂි විද්‍යාඥයින් වෙත ලබා දෙනු ඇත. නිළ වශයෙන් කිව්‍රියස් යානය තනා ඇත්තේ වසර දෙකක් පැවතීමට නමුත් එම යානය වසර දහයක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකි බව නාසා විද්‍යාඥයින් පවසයි.
කිව්‍රියස් යානය අඟහරු මත රසායනය සහ භූ විද්‍යාව වෙත ප්‍රවේශ වීම සඳහා විද්‍යාත්මක උපකරණ 10 කින් සමන්විත වේ. තම රොබෝ හස්තය අග විදුම් යන්ත්‍රයකින් සහ ඉස්කෝප්පයකින් සමන්විත යානය අඟහරුගේ පස් සහ ගල් කැබලි උපුටා ගෙන සාම්පල ලෙස ඒවා ගබඩා කර ගනී 2030 වර්‍ෂයේ මැද වන විට අඟහරු මතට මිනිසුන් යැවීම සඳහා ජනපති ඔබාමා තුළ පවතින වීර සංකල්පය සක්‍ෂාත් කර ගැනීමේ ඉදිරි පියවරක් ලෙස මෙම අවස්ථාව සඳහන් කළ හැකි බව නාසා ආයතනයේ පරිපාලක චාර්ල්ස් බෝල්ඩන් පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles