14.9 C
London
Friday, April 25, 2025
spot_img

අඟහරුගේ පස් හවායි පස් වලට සමානලූ

නාසා ආයතනයේ කියුරෝසිට් රෝවර් යානය මගින් අගහරු ග‍්‍රහයාගේ පස් හවායි ප‍්‍රදේශයේ ඇති දූවිලි වලට සමාන බව නිර්ණය කර ඇත. යානය විසින් අගහරු පස් සාම්පලයක් පරීක්ෂාවට ලක් කිරීමෙන් ෆෙල්ඞ්ස්පාර් සහ ඔලිවින් ඛනිජ සොයා ගෙන ඇත.

මෙම තොරතූරු අගහරු මත ක්ෂුද්‍රජීවින් සිට්ය හැකි දැයි පරීක්ෂා කරන නාසා විද්‍යාඥයන්ට මහගු පිටුවහලක් වනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පලකරයි. ආයතනයේ විද්‍යාඥ ඬේවිඞ් වැනිමාන් ප‍්‍රකාශ කලේ ග‍්‍රහ ලෝක වල මතුපිට පස් මගින් අතීත හා අනාගත ක‍්‍රියාවලි පිළිබිඹු කරන බවයි.

මෙම පරීක්ෂණ සදහා යොදා ගත් තාක්ෂණය වන්නේ ස්ඵට්ක ද‍්‍රව්‍ය වෙත X කිරණ යවා ඉන් පරාවර්තනය වන කිරණ අධ්‍යයනයෙන් රසායනික සංයුතිය පිලිබද තොරතුරු ලබා ගැනීමයි. මෙම තාක්ෂණය සියවසක් පමණ තිස්සේ භාවිතා කලද අභියෝගය වූයේ විශාල උපකරණ රැසක් සපත්තු පෙට්ට්යක තරමට කුඩා කිරීමයි. මෙය අදහාගත නොහැකි මොහොතක් බව නාසා විද්‍යාඥ ඬේවිඞ් බිලේක් පවසයි.

වසර 2ක මෙහෙයුමක් සදහා කියුරෝසිට් යානය අගහරු මතට අගෝස්තුවේදී ගොඩ බැස්සේ ඩොලර් බිලියන 205ක වියදමෙනි. මෙම පරීක්ෂණ හරහා ජීවින්ට සුදුසු පරිසරයක් ඇති බවට සැලකිය හැකි ඛණිජ සොයා ගැනීමට බ්ලේක් බලාපොරොත්තු වෙයි.

හවායි…

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles