19.2 C
London
Monday, May 19, 2025
spot_img

අඟහරු ගවේෂණයේ නම රැන්ඳූ අපේ විද්වතා

ඉතාමත් සාර්ථක ලෙස අගහරු මත පසුගිය සදුදා (6) ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝවට දායකත්වය සැපයූ විද්‍යාඥයින් අතර ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ද වේ.

අඟහරු මත ජීවය ඇත්දැයි සොයා බැලීමේ අරමුණින් ටොන් 10කින් යුතු මෙම කියුරියෝසිටි යානයේ සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ, සරත් ගුණපාල මහතා ඇතුළු කණ්ඩායමයි. අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම එම ලේස්ර් උපකරණයේ ප්‍රධාන අරමුණ බව skype තාක්ෂණය ඔස්සේ News1st වෙත අදහස් දක්වමින් සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.

මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් අඟහරු ග්‍රහයා තුළ මිට පෙර ජීවයක් පැවැතියේද යන්න තහවුරු කර ගැනීමට අපේක්ෂිතයි.

කුතුහලය යන අර්ථය ඇති කියුරියෝසිටි රොබෝ රිය රැගත් යානය අභ්‍යවකාශගත කළේ, පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදාය. යානයෙන් ස්වයන් ක්‍රියව මුදාහැරි පළමු ඡායාරුප පෙළ (300) මේ වන විට නාසා ආයතනය මාධ්‍යට නිකුත්කොට ඇත.  පෘතුවියෙන් පණිවිඩයක් මෙම යානය වෙත යැවු විට එය මිනිත්තු 45 පමණ ගතවන බැවින්, මෙම යානය බොහෝ තීරණ තමාම ගන්නා ලෙස නිර්මාණය කර ඇති බව නාසා ආයතනයේ ප්‍රධාන ඉංජිනේරු ජොඑල් ක්රජෙස්කි පවසා ඇත.

ආචාර්ය සරත් ගුණපාල මහතා skype තාක්ෂණය ඔස්සේ News1st වෙත අදහස් දැක්වූ වීඩියෝව පහතින්

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles