අඟහරු ග්‍රහයා මත තිබී මිනිස් ඇඟිල්ලක හා සපත්තුවක දර්ශන ඇතුළත් ඡායාරූප රෝවර් යානාව විසින් නාසා පාලක මැදිරිය වෙත එවා ඇත. රෝවර් යානාවේ සී.සී.ඩී. නමැති ත්‍රිමාණ කැමරාව මගින් වීඩියෝ ගත කළ මෙම දර්ශන දුටු නාසා නිලධාරීහු විශ්මයට පත්වූ බව වාර්තා වේ. මෙම සපත්තුව සමහරවිට සෙරෙප්පුවක් විය හැකි යැයි සඳහන් කරන නාසා නිලධාරීන් මෙම දර්ශන සම්බන්ධ ඡායාරූප, විශේෂඥයන් විසින් තවදුරටත් විමර්ශනය කරමින් පවතින බව පවසයි.
