අඟහරු මත එලවලූ කන අයගේ ජනාවාසයක් January 10, 2013 Comments Off on අඟහරු මත එලවලූ කන අයගේ ජනාවාසයක් 5 Views අඟහරු මත මිනිසාට ජීවත්විය හැකි වූ දිනක එහි එලවලූ පමණක් ආහාරයට ගන්නා ජනාවාසයක් ඇති කිරීමට ඇමරිකානු බිලියනපතියෙකු වූ paypal හි සම නිර්මාතෘ එලන් මස්ක් අදහස් කරයි. ඇමරිකාවේ ප‍්‍රසිද්ධම පුද්ගලික අභ්‍යවකාශ ව්‍යවසායකයකු වූ මස්ක් ස්පේස් X අභ්‍යවකාශ ප‍්‍රවාහන ආයතනයේ ප‍්‍රධානියා වේ. රාජකීය ගගණගාමී සමාජයේ කතාවකදී ඔහු මේ අදහස් පල කර ඇත. අභ්‍යවකාශ විද්‍යාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් රන් පදක්කමක් සඳහාද ඔහුගේ නම යෝජනා වී තිබුණි. වසර 10ක් තුල බොහෝවිට අභ්‍යවකාශ ජනාවාසයක් පිහිටුවීමට හැකියාවක් ඇතැයි විද්‍යාඥයෝ අදහස් පල කරති. ස්පේස් ඇඞ්වෙන්චර් හි සභාපති එරික් ඇන්ඩර්සන් රොයිටර් වෙත කියා තිබුණේ අභ්‍යවකාශ විද්‍යාව දැන් උඩුගුවනට සංචාරකයන් යැවීමට තරමි දියුණු වී ඇති බවයි. තවත් පියවර කිහිපයක් ඉදිරියට යමින් මස්ක් අභ්‍යවකාශ ගවේශකයන් 80000 ක් සඳහා නගරයක් සෑදීමට යයි. ඩොලර් ලක්ෂ 5 කට මෙම සංචාරයක ටිකට් පතක් ලබාගත හැකිවනු ඇත. ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව දියුණු රටවල හතලිස් වියේ සිටින පුද්ගලයන් හට දැරිය හැකි එකක් විය යුතුයයි ඔහු කියයි. අඟහරු වෙත යැවීමට මිනිසුන් 80000 ක් වැඩි යයි පෙනුනත් මස්ක්ගේ අදහස නම් ප‍්‍රමාණය අඩුවන තරමට ජාන හා සංස්කෘතික කිටුව කුඩා වන බවයි. නමුත් මෙහි ඇති අවදානම නම් අභ්‍යවකාශ ගවේශණයෙන් විකිරණ, ඇටකටු කුණු වීම, විෂ දුවිලි ආදී දේවල් හා ගැටීමට සිදු වීමයි. නමුත් මස්ක් කියා සිටින්නේ මේ පරමාර්ථය ලඟදීම යථාර්ථයක් වනු ඇති බවයි. Share featured Latest slider 2013-01-10 ceylonradio Share Facebook Twitter Google + Pinterest