13.1 C
London
Thursday, May 15, 2025
spot_img

අඟහරු මත ඔක්සිජන් ගැන තොරතුරු

පෘථිවියෙන් හමුවූ අනිකුත් අඟහරු උල්කාෂ්ම වලට වඩා ඔක්සිජන් සහ ජලය සහිත කැබැල්ලක් විශේෂඥයන් සොයාගෙන ඇත.

2011 දී සහරා කාන්තාරයෙන් සොයාගත් මෙය ‘නෝත්වෙස්ට් ඇෆ්රිකා 7034’ ලෙස නම් කර ඇත. වසර බිලියන දෙකක් පැරණියයි ඇස්තමේන්තු කර ඇති බේස් බෝල් ප‍්‍රමාණයේ මෙම කැබැල්ල ‘බ්ලැක් බියුටි’ යන සුරතල් නමින් ද හැඳින්වේ.

ගිණිකදු පිපිරීමක් නිසා සෑදී ඇති මෙම කැබැල්ල දෙවන පැරණිම අඟහරු උල්කාෂ්මයයි. නාසා හි අඟහරු යානා වන ස්පිරිට් සහ ඔපචුනිටි මගින්ද ජලය සහිත ඛනිජ සොයාගෙන ඇත. පෘථිවියේ ඇති අඟහරු ග‍්‍රාහක 65 ක් පමණ අතරින් වසර බිලියන 4 ක් පැරණි ඇලන් හිල්ස් 84001 හි පැරණි බැක්ටීරියා වල ෆොසිල ඇති බවට විශ්වාස කෙරේ.

බෙහොමයක් ග‍්‍රාහක වසර බිලියන 1.3 පමණ පැරණි වන අතර අලූත සොයාගත් මිලියන 600ක් පැරණි කොටස අඟහරුගේ ගුසෙව් මධ්‍යයේ කොටසක් ලෙස සැලකේ. ජල සංතෘප්ත විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි මෙම උල්කාෂ්මය රත් කිරීමේදී කොටස් දසලක්ෂයකට 6000 ක් පමණ වන ජල ප‍්‍රමාණයක් පිටවී ඇත.

ඔක්සිජන් සමස්ථානික සඳහා වූ පරීක්ෂණයෙන්ද අනෙක් අඟහරු ග‍්‍රාහක වලට වඩා ප‍්‍රතිඵල ලැබී තිබෙයිි. විද්‍යාඥයන් කියන්නේ කලකට පෙර අඟහරු මතුපිට ඔක්සිජන් තිබෙන්නට ඇති බවයි. මෙම කොටස අභ්‍යවකාශයේ සහ සහරාවේ තිබූ කාලය නිර්ණය කිරීමට දැන් කණ්ඩායම උත්සාහ දරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles