13.8 C
London
Wednesday, April 30, 2025
spot_img

අටමස් ගැබිණියකට පයින් ගසා කුසේ සිටි බිළිඳිය මරුට

ඉඩම් ආරවුලක් මත ඇති වූ වචන හුවමාරුවකින් පසු අසල්වැසි අයෙකු විසින් අට මස් ගැබිනි මවකට එල්ල කළ බව කියන පහරකින් ඇගේ කුස තුළ සිටි බිළිඳිය මිය යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු කළුතර ‍පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කළුතර කලමුල්‍ලේ පදිංචි දැලකඳුර ආරච්චිගේ දිනුෂා ශාමිකා සිල්වා ගුණරත්න (අවු.33) යන අයගේ කුස තුළ සිටි දැරියයි.

මෙම පහරදීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයකින් කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබූ ගැබිනි මවගේ කුස තුළ සිටි දැරිය ශල්‍යකර්මයකින් පිටතට ගන්නා අවස්ථාව වන විට මියගොස් සිටි බව ‍පොලීසිය අධිකරණයට වාර්තා කොට තිබුණි.

මෙම දරුවා බිහිවීමට නියමිතව සිටියේ ඔක්තෝබර් මස 30 වන දිනය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles