අඩනිරුවතින් ප‍්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බිවු කතුන් තිදෙනකුට දඩ May 23, 2013 Comments Off on අඩනිරුවතින් ප‍්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බිවු කතුන් තිදෙනකුට දඩ 4 Views අඩනිරුවතින්, මත්පැන් බොමින් අශෝභන ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් කාන්තාවන් තිදෙනකුට එක් අයෙකුට රු.2500 බැගින් රු.7500 ක දඩ මුදලක් ගෙවීමට මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි එස්.වීරතුංග මහත්මිය නියෝග කළාය. දඩ නියම වූයේ කුලියාපිටිය කදිරාන ගෝන්විල පදිංචි කාන්තාවන් තිදෙනෙකුටය. මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානය පවුල් පිටින් එක්‍රොක් වී සතුටු සාමිච්චියේ යෙදෙමින් විනෝද වන ස්ථානයකි. ඇතැම් අය මානසික සුවය ලබා ගැනීමට පැමිණෙති. මෙම කාන්තාවන් තිදෙනා සිරුර ප‍්‍රදර්ශනය වන ඇඳුමින් සැරසී මත්පැන් පානය කරමින් ජනතාවට හිරිහැර වන ලෙස හැසිරුණේ යැයි මීගමුව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය. Share featured Latest slider 2013-05-23 ceylonradio Share Facebook Twitter Google + Pinterest