14.9 C
London
Friday, April 25, 2025
spot_img

අඩි 12,500ක් උඩ සිට බිම වැටී පටිගතවූ කැමරාව

පසුගියදා ගුවන් යානයක සිට පැරෂුටයකින් බසිමින් සිටි කැනේඩියානු ජාතිකයෙකුගේ හිස්වැසුමේ වූ කැමරාවක් අඩි 12,500ක පමණ උඩ සිට පහතට වැටී තිබෙනවා.

“ගෝප්‍රෝ” වර්ගයේ එම කැමරාව ගිලිහී බිම වැටීමට විනාඩි දෙක හමාරක් ගතවී ඇති අතර එය වැටෙන අතරවාරයේත් පටිගතවී තිබෙනවා.

නමුත් පුදුමයකට මෙන් එය පහලින් තිබුණු තන බිමකට වැටීමෙන් පසුවත් දිගටම පටිගතවී ඇති අතර කැමරාව වැටී ඇති කෝණය හේතුවෙන් පැරෂුට්කරුවා බිමට බසින ආකාරයත් සටහන්වී තිබෙනවා.

කැමරාව බිම වැටීමෙන් අනතුරුව පැරෂුට් මඟින් පැමිණි අයෙකු දුව විත් එය අතට ගෙන කැමරාවේ හිමිකරු වෙත ලබාදෙන අතර ඒ දක්වා සියල්ල පටිගතවී තිබෙනවා. අඩි 12,500ක් උඩ සිට වැටුනද කැමරාවට හෝ එහි කැමරා කාචයට කිසිම හානියක් වී නැහැ.

පටිගතවූ එම වීඩියෝව පහතින්.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles