16.3 C
London
Thursday, June 19, 2025
spot_img

අතකොටා ගේ ඉඳුල් කෑ දැරණියගල හිටපු ඕ.අයි.සී ඇතුළු ‍පොලිසියේ 14කට විනය පියවර

අතකොටා ගේ ඉඳුල් කමින් දැරණියගල නූරි පාතාලය සම්බන්ධව කිසිදු වගවිභාග යක් නොකොට අපරාධ යට ගැසූ දැරණියගල හිටපු ඕඅයිසී පොලිස් ස්ථානාධිපති නිමල් ගුණතිලක ඇතුළු පොලිසියේ 14කට විනය පියවර ගැනීම​ට පොලිස්පති එන්.කේ. ඉලංග කෝන් මහතා පියවර ගෙන තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

දැරණියගල පාතාලය මර්දනය කිරීම වෙනුවට අතකොටා ආරක්‍ෂා කරමින් පැමිණිලි යට ගැසීම මොවුන් සිදු කොට තිබෙනවා. අතකොටා ගේ අල්ලස් වලට යටවී අපරාධ යට ගසමින් පොලිස් නිල ඇඳුමේ අසූචි තවරා ගත් පගා මරු පොලිස් නිලධාරීහු මේ වන විට කෑගල්ල ‍පොලිස් කොට්ඨාසයේ විවිධ ‍පොලිස් ස්ථානවල රාජකාරි කරනවා.

අතකොටා ගේ දැරණියගල නූරි පාතාල අපරාධ වලට ඇමති මහීපාල හේරත් සහ ඔහුගේ පුතාද සම්බන්ධව ඇති බැවින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ගේ විනය පියවර ගැනීම පුස් වෙඩිල්ලක් වීමටද ඉඩ තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles