අත්මාරක්‍ෂක සටන් කලා ගුරාගෙන් තම සිසුවියට අතවර​.

0
119

අවුරුදු 07 ක්‌ වයසැති දැරියක අපයෝජනය කළැයි රාජාංගනයේ කරාතේ උපදේශකයා මෙම මස 10 වැනිදා සිට 27 වැනිදා දක්‌වා දින 17 ක්‌ අනුරාධපුර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් ඡේ. සී. කැකිරිදෙණිය මහතා නියෝග කළේය.

 මෙලෙස රක්‍ෂිත භාරයට පත් කළේ තඹුත්තේගම, තේක්‌කවත්ත පදිංචි අයෙකි.

තඹුත්තේගම පදිංචි මෙම බාල වයස්‌කාර දැරිය පුරුදු පරිදි පාසල් කාල සීමාවෙන් පසුව රාජාංගනය සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී කරාතේ පුහුණු වීම් කටයුතු කරද්දී මෙම සිද්ධියට ලක්‌වී ඇති අතර ඒ බව ඇගේ මවට දැනුම් දීමෙන් පසුව තඹුත්තේගම පොලිසියේ කාන්තා කාර්යාංශයට පැමිණිලි කොට ඇතැයි වාර්තා වෙයි.

සිද්ධිය ගැන තොරතුරු ලැබූ විගස තඹුත්තේගම පොලිසිය පරීක්‍ෂණ කටයුතු අරඹා දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කොට සැකකාර කරාතේ උපදේශක අත්අඩංගුවට ගෙන තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කොට තිබේ