අත දරුවෙකුත් ඕස්ට්‍රේලියා පනින්න ගිහින්

නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 111 දෙනෙකු ඊයේ (12) රාත‍්‍රියේ ගාල්ල වරායට රැගෙන විත් තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ ගාල්ලට නාවික සැතපුම් 220ක් ඈත මුහුදේ දී මොවුන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 10 වැනිදා රාත‍්‍රියේදී බවයි. මුල් අවස්ථාවේදී එහි 88 දෙනෙකු සිටින බව අනාවරණය වුවද එම සංඛ්‍යාව 111ක් දක්වා වැඩි වී ඇති බව ද ඔහු කියා සිටියා. “නුවන් පුතා” නැමැති යාත‍්‍රාවේ මොවුන් පිරිස බේරුවලින් ගමන් ආරම්භ කර ඇත්තේ පසුගිය 7 වන දායි. වැඩිදුර විමර්ශන සඳහා මෙම පිරිස ගාල්ල වරාය පොලීසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර, කොළඹ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ටේ‍්‍රලියාවට පැමිණි තවත් සංක‍්‍රමණිකයන් 40 දෙනෙකු පැපුවානිව්ගිනියා දිවයින වෙත පිටත් කර යැවූ බවයි. පසුගිය ජුලි 19 වන දා  ඕස්ටේ‍්‍රලියාව සහ පැපුවානිව්ගිනියාව අතර ඇති කර ගත් කලාපීය එකඟතාවට අනුව එලෙස එහි යැවුණු 5 වන සංක‍්‍රමණික කණ්ඩායමය මෙයයි.  ඕස්ටේ‍්‍රලියානු රජයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මිනිස් ජාවාරම්කරුවන්ට ඩොලර් දස දහස් ගණනක් ගෙවා මෙම සංක‍්‍රමණිකයන් මිලදී ගන්නේ  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු විය හැකි ප‍්‍රවේශපත‍්‍රයක් නොවන බවයි.

592406393L

ඡායාරූප : නාවික හමුදා වෙබ් අඩවිය​

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...