14.9 C
London
Friday, April 25, 2025
spot_img

අනවසර උපුටාගැනීම් සහිත වෙබ් අඩවි ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙන් පහල දැමේ

අනවසරයෙන් ගීත චිත්‍රපට ආදිය අඩංගු කර ඇති හා ඒවා බාගත කර ගැනිමට ඉඩ සලසන වෙබ් අඩවීන් තම සෙවුම් ප්‍රථිපලවලින් පහලට ඇදදැමීමට කටයුතු කරමින් සිටින බව ගූගල් ආයතනය ප්‍රකාශ කරයි.

ඇමරිකානු රජය විසින් මෑතදී ගෙනෙන ලද අනීතික ලෙස උපුටා ගැනීම් වැලක්වීමේ නීතීන් පිලිබදව මීට පෙර ගූගල් ආයතනය නොසලකා සිටින බවක් පෙන්වූ මුත් මෙම නව පියවරයන් තත්වය වෙනස් වී ඇති බව කියා පාන බව විචාරකයන් මත පල කරයි.

අනවසර උපුටා ගැනීම් සහිත වෙබ් අඩවි සෙයුම් ප්‍රථිපලවලින් පහලට යන අතර එම ගොනු සහිත නෛතික මට්ටමේ වෙබ් අඩවි ඉහලට ඒම මෙම සැලැස්ම ඔස්සේ සිදුවනු ඇති බවද ගූගල් ආයතනය වැඩිදුරටත් පවසයි.

මෙලෙස ව්‍යාජ උපුටා ගැනීම් පිලිබදව 2009 වසර පුරාවට තමන් වෙත ලැබුනු පැමිනිලි ප්‍රමානයට සමාන සංඛ්‍යාවක් මෙම වසරේ මුල් මාස 3 තුල තමන් වෙත යොමුවී ඇති බවද ඔවුන් කියා සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles