12.6 C
London
Thursday, May 15, 2025
spot_img

අන්තර්ජාතික න්‍යෂ්ටික තාක්ෂණික සමුළුව ශ්‍රී ලංකාවේදී

ආසියා ශාන්තිකර සාමාජික රටවල සහභාගීත්වයෙන් අගෝස්තු මස 17වන ස‍ඳුදා සිට 31වන සිකුරාදා දක්වා ගලධාරී හෝටල් පරිශ්‍රයේදී අන්තර්ජාතික න්‍යෂ්ටික තාක්ෂණික සමුළුව පැවැත්වේ.

පරමාණුක ශක්ති අධිකාරිය විසින් කෘෂිකාර්මික ප්‍රදේශවල පසේ සාරවත් භාවය ඉහළ නැංවීමට හා භූමි ඵලදායීතාවය වර්ධනය සඳහා භූමි හායනය අඩුකිරීම පිළිබඳ සොයා බැලීම අරමුණු කර ගනිමින් මෙම සමුළුව පවත්වනු ලැබේ.

මේ සඳහා ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, චීනය. නවසීලන්තය, වියට්නාමය ඇතුළු සාමාජික රටවල් 17ක සහභාගීත්වයෙන් නියේජිතයන් සහභාගී වීමට නියමිතව ඇත. සමාජික රටවල පවතින වැරදි ඉඩම් පරිහරණ ක්‍රම නිසා සිදුවන භූ සායනය අඩුකිරීම උදෙසා ක්‍රියාමාර්ග ගැනීමට න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශවල කෘෂිකාර්මික ඉඩම්වල පවතින පාංශු ඛාදනය නීර්ණය කිරීමට න්‍යෂ්ටික තාකෂණික ක්‍රම භාවිතය පිළිබඳව සාකච්ඡාවට ගැනීමට නියමිතය. මධ්‍ය කඳුකරයේ භූමි හායනයට පාංශු ඛාදනය හා පස නිසරු වීම මූලිකවම බලපායි.

1951 අංක 25 දරණ පාංශු සංරක්ෂණය පනත මගින් සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ නිර්ණය යම් ප්‍රවේශයක් ගෙන ඇති අතර 2007 වර්ෂයේ මුළු මධ්‍යම කඳුකරයම මෙම සංරක්ෂිත ප්‍රදේශවලට ඇතුළත් කොට ඇත.

සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හා ඒ සම්බන්ධ දත්ත ප්‍රමාණවත් නොවීම පාංශු සංරක්ෂණය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන බාධාවයි.

මෙම ව්‍යාපෘතිය මගින් න්‍යෂ්ටික තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් මධ්‍යම කඳුකරයේ විවිධ කෘෂිකාර්මික ඉඩම්වල පාංශු ඛාදන ප්‍රමාණය පිළිබඳ දත්ත බැංකුවක් සකස් කිරීමට ද බලාපොරොත්තු වේ. පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමටද මෙමගින් හැකියාව ලැබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, පරමාණුක ශක්ති අධිකාරිය මේ සඳහා මූලිකවම ක්‍රියාකරන අතර කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය හා පොල් පර්යේෂණ ආයතනය මේ සඳහා සහයෝගය දක්වයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles