16.3 C
London
Wednesday, April 30, 2025
spot_img

අන්‍යාගමිකයන් නගර ආක්‍ර​මණය කරනවා, සිංහල බෞද්ධයන්ට කැලෑ වදින්න වෙලා – අස්ගිරි නාහිමි

ඇතැම් දේශපාලනඥයන් මුදල්වලට ගිජුවී හොර රහසේ අන්‍ය ආගමිකයන්ට රටේ ඉඩම් විකුණන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ පවසති. රට පාලනය කරන හැමදෙනාටම මේ ගැන කිව්වට ඵලක් වුණේ නැතැයිද උන්වහන්සේ සංවේගය පළකරති.

සිංහල බෞද්ධ රට බේරාගත යුතුයි. සිංහල බෞද්ධ දරුවන්ට ජීවත් වෙන්න රටක් උදාකර දිය යුතුයි. රටේ නගර අන්‍ය ආගමිකයන් ක්‍රමයෙන් ආක්‍රමණය කරනවා. මෙහෙම ගියොත් සිංහල බෞද්ධාමිකයන්ට මහ පාරේ මැරී යෑමට සිදුවේවි යැයි මහ නාහිමියෝ පවසති.

මහනාහිමියන් එසේ පැවැසුවේ මාතලේ, නාලන්ද, හෝමාපොළ ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාරාමය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදීය.

මහනාහිමියෝ මෙසේද පැවැසූහ.

“සිංහල බෞද්ධයන්ට ජීවත් වෙන්න ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් නැහැ. අන්‍ය ආගමිකයන් රටේ නගර ආක්‍රමණය කිරීම නිසා සිංහල බෞද්ධයන්ට ක්‍රමයෙන් කැලෑවැදීමට සිදුවෙනවා. මෙහෙම ගියොත් සිංහල බෞද්ධයන්ට මහ පාරේ මැරී යෑමට සිදුවේවි. මුස්ලිම් අන්තවාදීන් විසින් බංග්ලාදේශයේ බෞද්ධ සිද්ධස්ථාන කඩා විනාශ කර දමනවා. එදා ඉන්දුනීසියාව, මැලේසියාව වැනි බෞද්ධ රටවල බෞද්ධයන් පලවා හැර අන්‍ය ආගමිකයන් ඒවා ආක්‍රමණය කරගෙන. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උදාකරන්න ඉඩ දෙන්න එපා.

පක්‍ෂ දේශපාලනය නිසා අපේ සිංහල බෞද්ධ රට දවසින් දවස පිරිහී යනවා. බෞද්ධ ජනතාවට මේ ගැන කියන්නේ රට පාලනය කරන දේශපානඥයන්ට මෙතෙක් මේ බව කියලා වැඩක් නැති වුණ නිසයි.

රටට වින කරන ක්‍රියා බොහොමයක් අපේ දේශපාලනඥයන්ගෙන් සිදු වෙනවා. අද අප රටේ සාර ගුණධර්ම පිරිහී ගොස් තිබෙනවා. භික්‍ෂුන් වහන්සේ විනයගරුකව හා බෞද්ධාගමේ ගෞරවය ආරක්‍ෂා කරමින් ආගමික හා සාමාජික මෙහෙවර ඉටුකළ යුතුයි. භික්‍ෂුන් වහන්සේ විනය ගැන විශේෂයෙන් කල්පනා කළ යුතුයි.

භික්‍ෂුන් වහන්සේ වෙනම පිරිසක් නොවේ. රටේ සිංහල බෞද්ධ ජනතාවගේම දරුවෝ. භික්‍ෂුන් වහන්සේට සිවුපසින් උපස්ථාන කොට භික්‍ෂුන් වහන්සේ ජීවත් කිරීම බෞද්ධ දායකයන්ගේ යුතුකමයි. ඒ වගේම රට හා ජනතාව රැක ගැනීම බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ පරම යුතුකමක්’’

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles