14.9 C
London
Friday, April 25, 2025
spot_img

අනුෂ්කාගේ ප්ලාස්ටික් තොල් දෙක

බොලිවුඞ් රංගන ශිල්පිනි අනුෂ්කා ශර්මා ප්ලාස්ටික් සැත්කමක් මගින් දෙතොල් වෙනස් කරගත් බවට ඇතැම් මාධ්‍යයන්ගේ පළ වූ වාර්තා  ප‍්‍රතික්ෂේප කරනවා.

එලෙස ප‍්‍රතික්ෂේප කෙරෙන මාධ්‍ය වාර්තාවන්ගේ දැක්වුණේ අතිශය ජනප‍්‍රිය වූ ජබ්තක් හේ ජාන් චිත‍්‍රපටයට පෙර අනුෂ්කා ප්ලාස්ටික් සැත්කමක් මගින් දෙතොල් වෙනස් කරගත් බවයි. රබ්නේ බනා දී ජෝඩි චිත‍්‍රපටයෙන් බොලිවුඩයට පිවිසෙන විට අනුෂ්කාට තිබුණේ සිහින් දෙතොලක් බවද එහෙත් දැන් ඒවා ප‍්‍රමාණයෙන් විශාල බවද එම වාර්තාවන්ගේ දැක්වෙනවා.

කෙසේවෙතත් අනුෂ්කා පවසන්නේ වෘත්තිය ගමන ආරම්භ කිරීමෙන් පසු සිය පෙනුම වෙනස් කරගැනීමට තරම් තමන් අඥාන නොවන බවයි. එවැනි අවශ්‍යතාවක් තිබුණේ නම් ඒ අනුව සිය පෙනුම වෙනස් කරගන්නේ වෘත්තිය ගමන ආරම්භ කිරීමට පෙරදී බවද ඇය ප‍්‍රකාශ කළේ යැයි ”ඉන්දියා ටුඬේ ” වෙබ් අඩවිය පවසනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles