11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

අපමහා බෝසතානණ් වහන්සේ විසින් වදාල​ උතුම් මංගල කරුණු ඔබගේ ජීවිතයටත්

ආර්‍ය් (උසස්) චාරිත්‍ර වාරිත්‍ර ගැන මුලින්ම අපිට දේශනා කලේ අපගේ භග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එම ආර්‍ය චාරිත්‍ර වාරිත්‍ර මෙලොව පරලොව දෙලොවම සෙත ස​ලසන උසස් උතුම් චාරිත්‍ර වාරිත්‍රයන්ය. එම කරුණු මහා මංගල සූත්‍රයේ මෙසේ දක්වා තිබෙනවා.

1. බාල අසත්පුරුශයන් ඇසුරු නොකිරීම
2. සත්පුරුශ උත්තමයන් ඇසුරු කිරීම
3. පිදිය යුතු උතුමන් පිදීම
4. ධාර්මික දිවි පෙවෙතක් ගෙවිය හැකි යහපත් තැනක විසීම
5. පෙර කල පින් තිබීම
6. මනාකොට ධර්මයට පැමිණීම
7. බොහෝ දැන උගත් බව
8. බොහෝ ශිල්ප දත් බව
9. විනයකින් යුතු බව
10. මනාකොට හික්මුණු බව
11. යහපත් වචන කතා කරන්නෙකු වීම
12. මව් පියන්ට සැලකීම
13. අඹු දරුවන්ට සැලකීම
14. අවුල් නැතිව වැඩ කිරීම
15. දාන මානාදි පින්කම් කිරීම
16. ධාර්මිකව දිවි ගෙවීම
17. ඤාතීන්ට සැලකීම
18. නිවැරදිව සිල්වත්ව වැඩ කිරීම
19. පාපයෙන් දුරින්ම දුරු වීම
20. මත්පැන් මත් ද්‍රව්ය භාවිත නොකිරීම
21. ධර්මයේ අප්‍රමාදී වීම
22. වැඩිහිටියන්ට සිල්වතුන්ට ගුනවතුන්ට ගෞරව කිරීම
23. හොඳ යහපත් බසට අවනත වීම
24. ලද දෙයින් සතුටු වීම
25. කෙලෙහි ගුණ දත් බව
26. නිසි කලට ධර්මය ඇසීම
27. ඉවසීමකින් යුතු බව
28. කීකරුකමින් යුතු බව
29. සිල්වත් ගුණවත් ශ්‍රමනයන් වහන්සේලා මුණගැසීම
30. නිසි කලට ධර්මය සාකච්චා කිරීම
31. අකුසල් දුරු කිරීමට වීරිය කිරීම
32. බ්‍රහ්මචාරී උසස් ශීලයක හික්මීම
33. ආර්‍ය සත්‍යය අවබෝධ කිරීම
34. නිවන සාක්ෂාත් කිරීම
35. අට ලෝ දහමෙහි කම්පා නොවෙන බව
36. ශෝක රහිත බව
37. කෙලෙස් රහිත බව
38. බිය නැති සැක නැති මඟපල පසක් කරගෙන සිටීම (උතුම් අරහත්වය ලබාගෙන සිටීම )

උපතින් කිසිවෙකු උසස් හෝ පහත් නොවේ ක්‍රියාවෙන්ම කෙනෙක් උසස් හෝ පහත් වේ. සම්බුදුරජානන් වහන්සේ නමක් විසින් පෙන්වාදී වදාල මෙම ආර්‍ය වූ, උසස්, මංගල වූ, යහපත් චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන් පිට එකඳු මංගල කරුණක් ලොව නැත.

අපමහා බෝසතානණ් වහන්සේ විසින් වදාල​.. මෙම උතුම් මංගල කරුණු ලොව වෙසෙන සියලුම මනුශ්‍ය සත්වයන්  තමන් ගේ ජීවිතයට එකතු කර ගනිත්වා එමගින් නිවන් මග අවබෝධ කර ගනිත්වායි යන්න ceylon radio හි එකම ප්‍රාර්ථනයයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles