19.4 C
London
Thursday, June 19, 2025
spot_img

අපරාධ සැකකරු වෙනුවට, අපරාධ වින්දිතයාව අත්අඩංගුවට

නිවස ඉදිරි පිටට පැමිණි, බීමත් පිය පුතු දෙන්නා කුණු හරප කියමින් බැනවැදී, දේපොල වලට හානි කර යන තෙක් 119 ට එන්න බැරිවෙලා.
දේපොල වලට හානි කිරීමේදී තුවාල ලැබූ අපරාධ සැකකරු රෝහල්ගත වීමෙන් පසුව, පොලිසිය පැමිණ පැමිණිලිකරු විත්තිකරු කර අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීමේ මෙම සිද්ධිය වාර්තා වෙන්නේ වාද්දුවෙන්ය.
පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට ලිඛිතව පැමිණිලි කරන, වාද්දුව පදිංචි කරුවකු වන, තිස්හතර හැවිරිදි ආර්.සම්පත්, පසුගිය මස 27 වන දින රාත්‍රියේ තම නිවස හා ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට ට පැමිණි – සමන්ත හා ඔහුගේ පියා චන්ද්‍රසිරි සිල්වා , අසභ්‍ය වචනයෙන් බැණ වදිමින්, ව්‍යාපාරික ස්ථානයේ දොරට හානිකර ගොස් තිබේ.
මෙම සිද්ධිය ඔවුන් ඒ ඒ අවස්ථාවල 119 ටද, වාද්දුව පොලිස් ස්ථානයටද, දුරකථනයෙන් දන්වා තිබේ. එහෙත් පැමිණ නැත.
දේපොල වලට හානි කිරීමේදී තුවාල වූ සමන්ත නැමැති අය, රෝහල් ගත වීමෙන් අනතුරුව, ඔහු විසින් දමන ලද පැමිණිල්ල මුල්කරගෙන තමාව අත්අඩංගුවට ගත් බව සම්පත් ඔහුගේ ලිඛිත පැමිණිල්ලෙන් කියා සිටී.
අධිකරණයට ඉදිරිපත් කර, සිද්ධියට සම්බන්ධ සැකරුවෙක් අත්අඩංගුවට ගන්නට ඇති බව පොලිසිය සිය වාර්තාවෙන් අධිකරණයට දන්වා තිබේ. ඒ අවස්ථාවේ අධිකරණයේ සිටි එම සැකකරුයයි කියනා පුද්ගලයා නැගිට, පොලිසිය කියන්නේ තමාව බව ප්‍රකාශ කර තිබේ.
එවිට ඔහුව හා සම්පත් යන දෙන්නාව පොලිසියේ ඉල්ලීම පරිදි පානදුර මහේස්ත්‍රාත්වරයා රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබේ.දේපොල වලට හානි කල සමන්ත හා නිවස ඉදිරිපටට පැමිණ අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සිදුකල ඔහුගේ පියා – වාද්දුව පොලිසිය හා කිට්ටු සම්බන්ධයක් ඇති බවද – සම්පත් කියා සිටී.
රජයේ රැකියාවක් කරන, සම්පත් මේ ආකාරයට – ව්‍යාජ චෝදනා ගොනු කර, රක්ෂිත බන්ධණාගාර ගත කිරීම මගින් ඔහුව ශාරිරිකව හා මානසික වධහිංසනයට පත් කර තිබේ. මෙම සිදුවීම අහඹු කාරණයක් නොවේ.
පොලිසිය අධිකරණයට වංචා කිරීම, පුද්ගලයින්ගේ නිදහස අහිමි කිරීම පිළිබදව – පසුව අධීකරණයේදී ඔප්පු වුවත්, එම වංචාව කරමින්, අධිකරණය ගොනාට ඇන්දවූ, මහජන මුදල් කාබාසිනියා කල පොලිස් කාරයාට හා ස්ථානාධිපතිට එරෙහිව නීතිය හා විනය ක්‍රියාත්මක වන්නේ නැත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles